IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඕෆ් සීසන් නිසා බිස්නස් අඩුයි

පාර්ටි මාර්ට් හිමිකරු මොහොමඩ් නවුෂාඩ්


පිටකොටුව වෙළෙද නගරයේ එක් එක් භාණ්ඩ සදහා සුවිශේෂී වූ වීදී රාශියකි. බෑග්, ඔරලෝසු, පාවහන් සදහා මල්වත්ත පාර, මංගල ඇරියුම් පත් ආදිය සදහා මැලිබන් වීදිය, රත්තරන් බඩු සදහා හෙට්ටි වීදිය , විදුලි උපකරණ කොටස් හා ඉලෙක්ට්‍රොනික් කොටස් සදහා 01 වැනි හරස් වීදිය , රෙදි සහ මැහුම් උපකරණ සදහා 2වැනි හා 3වැනි හරස් වීදි , ආහාර ද්‍රව්‍ය සදහා 4 සහ 5 වැනි හරස් වීදී ආදී ලෙස බෙදී ගොස් ඇත. 
මේ විදී අතරින් අපි ගමන් කළේ  පිටකොටු ප්‍රධාන ​​ජාලයට මඳක් ඔබ්බෙන් පිහිටා ඇති චීන වීදිය වෙතයි. චීන වීදීය අනෙක් වීදි තරම් ජනාකීර්ණ නොවේ. වීදුරු භාණ්ඩ විසිතුරු භාණ්ඩ සහ උත්සව සදහා අවශ්‍ය සැරසිලි මිලදී ගැනීමට නම් චීන වීදිය වෙත යා යුතුය.  මේ දිනවල බිස්නස් පිළිබදව දැනගැනීමට අපි ගොඩ වූයේ පාර්ටි මාර්ට් වෙළෙදසැල වෙතයි. එහි හිමිකරු මොහොමඩ් නවුෂාඩ් මහතා අප හා අදහස් බෙදා ගත්තේය මෙලෙසය.

Q: මේ දිනවල බිස්නස් කොහොමද?
අපි විකුණන්නේ උත්සව සැරසිලි සහ පාවහන්. උපන්දින, මංගල උත්සව ආදී උත්සව අවස්ථාවලට ඕන කරන සැරසිලි වර්ග අපි ළග තියනවා. සේවකයොත් 10 ක් වැඩ කරනවා. මේ දවස් වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අඩුයි. කොහොමත් පෙබරවාරි කියන්නේ ඕෆ් සීසන් නිසා බිස්නස් අඩුයි. 


Q: බිස්නස් අඩුවීමට  බලපෑ හේතු මොනවාද?
ඕනම බිස්නස් එකක සිස්ටම් එකක් තියනවා. හැමදාම බිස්නස් අඩුත් නෑ. හැමදාම බිස්නස් සරුත් නෑ. දෙසැම්බර් කියන්නේ සීසන් එක නිසා හොදට බිස්නස් තිබ්බා. නත්තල් තිබ්බ නිසා සැරසිලි හොදට වෙළෙදාම් කරන්න පුළුවන් වුණා. ජනවාරි මාසෙත් මුල බිස්නස් තියනවා. මොකද අලු‍ත් අවුරුද්දක් එන නිසා මිනිස්සු ගෙවල් වලට අලු‍තෙන් බඩු ගන්නවනේ. ජනවාරී මැද ඉදන් පෙබරවාරි මාසය පුරාවටම බිස්නස් අඩුයි. අඩුයි කියන්නේ බාගෙට බාගයක්ම බිස්නස් අඩු වෙනවා. සීයට පනහක්ම අඩුයි. එහෙම අඩු වෙන්න හේතුව තමයි මිනිස්සු දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ මුල ගොඩක් වියදම් කරලා පෙබරවාරී වෙද්දි මිනිස්සු ළග සල්ලි නෑ. ආපහු බිස්නස් වැඩි වෙන්නේ මාර්තු මාසයේ රාමසාන් උත්සවය එක්ක. ඊට පස්සේ අප්‍රේල් මාසේ සිංහල හින්දු අවුරුද්ද එන නිසා අයේ බිස්නස් හොදට තියනවා. ඕක තමයි බිස්නස් වල සිස්ටම් එක.



අදහස් (0)

ඕෆ් සීසන් නිසා බිස්නස් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site