
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පදනය කෙරෙන අයුරු සියැසින්ම දැක සිය රටේ ලංකාවේ තේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් මැතිව් ඩක්වත් මහතා ඊයේ (1) ඇල්පිටිය වතුරවිල තේ කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කළේය.
එම තේ කර්මාන්ත ශාලාවට පැමිණි මැතිව් ඩක්වත් මහතා, අමු තේ දල්ලෙන් යන්ත්‍රාණුසාරයෙන් තේ නිෂ්පාදනය කෙරෙන අයුරු මහත් ඕනෑකමින් නිරීක්ෂණය ළේය.
වතුරවිල තේ කර්මාන්ත ශාලාවෙන් ඉතා පිරිසුදුවට තේ නිෂ්පාදනය කරන අයුරු දැක ගත් මැතිව් ඩක්වත් මහතා, ඒ සම්බන්ධයෙන් මහත් සතුටට පත්ව එම කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කෙරුණු කලු තේ කෝප්පයක රස බැලීමට ද අමතක නොකළේය.
ලංකාවේදී තේ නිෂ්පාදනය කිරීමේ සිය අත්දැකීම සහ එහි ඇති ගුණාත්මක භාවය පිළිබඳව ඕස්ටේලියානුවන්ද දැනුම්වත් කොට ලංකාවේ තේ ඕස්ට්‍රේලියාවේ ප්‍රචලිත කිරීමට තමාට ගත හැකි සියලුම කියාමාර්ග ගන්නා බවද මෙහිදී මැතිව් ඩක්වත් මහතා කීවේය.
මේ අවස්ථාවට වතුරවිල තේ කර්මාන්ත ශාලාව පාලනය කරනු ලබන එවර්ග්‍රීන් කර්මාන්ත සමූහයේ සභාපති අරුණ ද සිල්වා, උප සභාපති සෙනාල් ද සිල්වා, අධ්‍යක්ෂකවරුන් වන මිනුල් ද සිල්වා, දුෂර ගීගනගේ, සාමාන්‍යාධිකාරීවරුන් වන ලසන්ත අල්විස්, බී.ඩබ්ලිව්.ටී. නදීෂන, වතුරවිල තේ කර්මාන්ත ශාලාවේ කළමනාකරු අසේල විජේසේකර, එවර්ග්‍රීන් සමූහයේ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධීකරණ නිලධාරී, විශ්‍රාමික තේ නිලධාරී අශෝක හේවාවසම් යන මහත්වරු ද සහභාගීවූහ.
2025 ඔක්තෝබර් මස 08
1328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1246
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
457
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් වතුරවිල තේ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණයක