භානුක අමරසිංහ
මේ වසරේ ඔක්තෝබර් මාසයේදී සේවා ක්‍රියාකාරකම්වල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 66.0 ක අගයක් සටහන් කර තිබේ.
මෙය පසුගිය සැප්තැම්බර් මාසයේදී සටහන් වූ 58.7 ක අගයට සාපේක්ෂව වැඩි වේගයකින් ඉහළ යෑමක් ලෙස සඳහන් වන බව මහ බැංකුව පවසයි. මෙහිදී සියලු අංශයන්හි සිදු වූ ශක්තිමත් ක්‍රියාකාරීත්වය ඊට හේතු වී තිබේ.
‘තොග සහ සිල්ලර වෙළෙඳාම් අංශයෙහි වාර්තා වූ වර්ධනය මෙම ප්‍රසාරණයට හේතු විය. මීට අමතරව ණය දීම් ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව වර්ධනය විය. වෙනත් පෞද්ගලික සේවා හා භාණ්ඩ ප්‍රවාහන සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම්ද ඔක්තෝබරයේ ධනාත්මක වර්ධනයට හේතු විය.’ මහ බැංකුව පවසයි.
මෙහිදී නව ව්‍යාපාර දර්ශකය සැප්තැම්බරයේදී පැවැති 65.2 සිට ඔක්තෝබරයේදී 61.5 ක් දක්වා අඩු වේගකින් ඉහළ ගොස් තිබේ. එසේම සේවා නියුක්තියද 52.5 ක් දක්වා අඩු වේගයකින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් නිම කිරීමට නියමිත කාර්යයන් සැප්තැම්බර් මාසයේදී මෙන්ම ඔක්තෝබරයේදීද 47.8ක අගයක් සටහන් කරමින් සමාන වේගයකින් පහළ ගොස් තිබේ.
මේ අතර අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාකරම් උප දර්ශකය සැප්තැම්බරයේ පැවැති 81.1 සිට ඔක්තෝබරයේදී 84.2ක් දක්වා වැඩි වේගයකින් ඉහළ යෑමක් සහන් කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
163
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
376
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඔක්තෝබරයේදී සේවා අංශයේ කැපී පෙනෙන වර්ධනයක්