සංස්කෘතික උරුමය සුරැකීමට සහ ප්‍රජාව සමග අර්ථවත් ලෙස සම්බන්ධ වීමට ඇති සිය කැපවීම මනාව පෙන්නුම් කරමින්, එල් බී ෆිනෑන්ස් මූල්‍ය සමාගම පසුගිය අප්‍රේල් 5 වැනි දින යාපනයේ ආරියාලේයි සරස්වතී ප්‍රජා මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවති “ආදවනින් සිත්තිරයි කුතූකලම් - අප්‍රේල් යාල් උළෙල 2025” හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.
ආදවන් ගුවන් විදුලිය සහ ආදවන් රූපවාහිනි නාලිකාව විසින් සංවිධාන කරන ලද මෙම උත්සවය, සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ සතුට විඳගැනීමට දහස් සංඛ්‍යාත ප්‍රදේශවාසීන් එක් කළ අතර, එය විචිත්‍රවත් සාම්ප්‍රදායික ක්‍රීඩා, සංස්කෘතික ප්‍රදර්ශන සහ සහෝදරත්වයේ සුන්දර අවස්ථාවලින් සමන්විත විය.
මෙම උත්සවය විනෝදාස්වාදයට එහා ගිය වූවක් අතර අනන්‍යතාව, බැඳීම සහ සංස්කෘතික සම්ප්රදායන්හි ශක්තිය සැමරීමක් ද විය. එල් බී ෆිනෑන්ස් මේ සඳහා අනුග්‍රාහකත්වය ලබාදීම හුදෙක් වෙළෙඳ ප්රචාරණයකට එහා ගිය වැදගත් ක්‍රියාවක් වූ අතර, ශ්‍රී ලංකාව පුරා සිටින ප්‍රජාවගේ ජීවන තත්වය උසස් කිරීම සහ ඔවුන් සවිබල ගැන්වීම යන සමාගමේ දැක්ම එයින් මැනවින් පිළිබිඹු විය. ප්‍රධාන සාම්ප්‍රදායික ඉසව් තුනක් වන පාපැදි තරගය, කාන්තා හා පිරිමි කබඩි තරගාවලිය සහ කවදත් ජනප්‍රිය ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා සමාගම ක්‍රියාකාරීව සහය හා අනුග්‍රහය ලබා දුන්නේය. මෙම තරගකාරී උත්සව කලාපයේ සෑම ප්රදේශයකින්ම සහභාගීත්වය තිබූ අතර, සහයෝගීතාව, ක්‍රීඩාශීලිත්වය සහ ප්‍රාදේශීය අභිමානය එතුළින් ඉස්මතු විය.
උත්සවයේදී අදහස් දැක්වූ එල් බී ෆිනෑන්ස් මූල්‍ය සමාගමේ අලෙවි ප්‍රධානී සුදීප් පෙරේරා මහතා මෙසේ පැවසීය, “අප්‍රේල් යාල් උළෙල 2025 සඳහා අපගේ සහභාගීත්වය අප සේවය කරන ප්‍රජාව සමග අත්වැල් බැඳගෙන සිටීමේ පිළිඹිබුවක්. මේ සම්ප්රදාය, අපගේ ජාතික අනන්‍යතාවයේ ගැඹුරින් මුල් බැස තිබෙනවා. ඒවාට සහාය වීමෙන් අපි බලාපොරොත්තු වන්නේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට දිරිගැන්වීම සහ අපව එක්සත් කරන බැඳීම් ශක්තිමත් කිරීමයි. අප විශ්වාසය ගොඩනගන්නේත් අප වර්ධනය වන්නේ මෙලෙසයි. ඒ, එක්ව එකටයි.”
එල් බී ෆිනෑන්ස් හුදෙක් අනුග්රාහකයකු ලෙස පමණක් නොව, උත්සවයේ සාර්ථක ක්‍රියාත්මක වීම සඳහා සංවිධායකයන් සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරමින්, මෙහෙයුම් කටයුතු විදිමත් කිරීමට පහසුකම් සැපයූ අතර දවස පුරා සහභාගිවන්නන් සහ ප්‍රජා සාමාජිකයන් සමඟ පෞද්ගලිකව සම්බන්ධ වී කටයුතු කළේය. සමාගමේ පැමිණීම උත්සවයට නව ජීවයක් එක් කළ අතර, ප්‍රාදේශීය ප්‍රජාවගේ අවශ්‍යතා සහ වටිනාකම් හඳුනා ගන්නා ජනතාව කේන්ද්‍ර කරගත් සංවිධානයක් ලෙස එහි භූමිකාව පැහැදිලිව පෙන්වා දුන්නේය.
සියලු තරග ඉහළ උද්යෝගයකින් පැවැත්වුණු අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ කණ්ඩායම්, ප්‍රීති ඝෝෂා මධ්‍යයේ තම උපරිම දක්ෂතා දැක්වූහ. පාපැදි ධාවන තරගය, කබඩි තරගාවලිය සහ ලිස්සන ගසේ නැගීමේ තරගයේ ජයග්‍රාහකයන්ට ඔවුන්ගේ දක්ෂතා පමණක් නොව සහභාගීත්වය සහ ක්‍රීඩාශීලිත්වය වෙනුවෙන් ද මහත් සේ ඇගයීමට ලක් විය.
උණුසුම් පිළිගැනීම සහ උද්යෝගිමත් හා ක්‍රියාශීලී සහභාගීත්වය වෙනුවෙන් සංවිධායක කමිටුවට, ස්වේච්ඡා සේවකයන්ට සහ සමස්ත යාපන ප්‍රජාවට, එල් බී ෆිනෑන්ස් මූල්‍ය සමාගම සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එල් බී ෆිනෑන්ස් යාපනයේ “ආදවනින් සිත්තිරයි කුතූකලම් - අප්‍රේල් යාල් උළෙල 2025” විචිත්‍රවත් කරයි