(තිළිණි ද සිල්වා)
ඔක්තෝබර් මස අවසානයේ සිට සිංගප්පූරුව සහ කොළඹ අතර ගුවන් ගමන් දෙකක් අත්හිටුවීමට එමිරේට්ස් ගුවන්සේවා සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව සිංගප්පූරුව සහ කොළඹ අතර ක‍්‍රියාත්මක වූ ඒ.කේ 348 සහ ඒ.කේ.349 යන ගුවන් යානා මෙලෙස අත්හිටුවෙන බවද එම සමාගම අද (16) නිවේදනය කළේය.
එමිරේට්ස් මෙහෙයුම් සඳහා එම ගුවන්යානාවන් උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගැනීම පිළිබඳව කාලානුරූපව සමාලෝචනය කිරීමෙන් පසුව එමිරේට්ස් ගුවන් සේවා සමාගම මෙම තීරණය ගෙන ඇත.
මෙම තීරණය සමඟ ලබන ඔක්තෝබර් 27 වැනිදා කොළඹ සිට සිංගප්පූරුව දක්වා සිදු කරන අවසන් ගුවන් වාරය වන අතර සිංගප්පූරුව සිට කොළඹ දක්වා සිදුවන අවසන් ගුවන් ගමන් වාරය ඔක්තෝබර් 28 වැනිදා සිදු කෙරේ.
මෙම මාර්ගයේ ගුවන් ගමන් වාර අත්හිටුවීම හේතුවෙන් ගුවන් මඟීන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් එමිරේට්ස් සමාගම සමාව ඉල්ලා සිටී.එමෙන්ම ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම එමිරේට්ස් සමාගමට වැදගත් ව්‍යාපාරික සහ විනෝද ගමනාන්තයක් වන අතර එය ඩුබායි සිට ශ්‍රී ලාංකේය වෙළඳපොළට දිගටම සේවය කරන බවද එම සමාගම සඳහන් කරයි.
COMMENTS
ශ්‍රීලන්කන් ෆ්ලයිට්ස් ගණන වැඩිකරගන්න පුලුවන්වෙයි.
එහෙනම් දැන් සිංගප්පූරුව සහ කොළඹ අතර ටිකට් හොඳට ගණන් යයි.
කෙසේවෙතත් එමිරේට්ස් ගුවන්සමාගම ශ්‍රී ලංකාවට නයගැතිවියයුතු බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් ඇත. ....එමිරේට්ස් සමගම චන්ද්‍රික බණ්ඩාරනායක මැතිතුමියගේ කාලයේදී අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් සමග එකතුවන්නට පෙර, එමිරේට්ස් ගුවන් සමාගමට ස්විට්සර්ලන්තයට යාමට අවසර නොතිබිණ. ශ්‍රීලන්කන් සමගම හා එක්වුවිට ශ්‍රීලන්කන් බලපත්‍රය මත ඔවුන්ටත් ස්විට්සර්ලන්තයට ගුවන් ගමන් සඳහා අවසරය ලැබුනා.ඒ වගේමයි එමිරේට්ස් සමගම හා එක්වුනිසා අපේ ශ්‍රීලන්කන් ගුවන් සේවයත් ක්‍රමයෙන් වර්ධනය වන්නට පටන්ගත්තත් රාජපක්ෂ පාලනය යටතේදී ඉතාම අවාසනාවන්ත ලෙස ඒ වගේම ඉතාම අසාධාරණ ලෙස අපි එමිරේට්ස් වලින් වෙන්වුනා. එයින් ඒ අයටනම් පාඩුවක් වුනේ නැහැ ඒ අදටත් ඔවුන් ස්විට්සර්ලන්තයට ගුවන් ගවන් පවත්වාගෙන යන නිසයි. ක්‍රමයෙන් නගිසිටිය අපේ ජාතික ගුවන් සේවය එක පුද්ගලයෙකුගේ මෝඩ තීරණයක් නිසා අද නැත්තටම නැතිවී ලෝකෙටම ණයවී විකුණා ගන්නටත් කෙනෙක් නැතිවී අතරමංවී සිටි...ඒ අපේම අවාසනාවක් නොවන්නේද..
එක පුද්ගලයෙකුගෙ මෝඩකම නිසා නිසා නෙවෙයි, උද්ධච්චකම නිසයි එමිරේට්ස් නැති වුනේ.
අනේ විජිත් යනවා හලෝ යන්න මෙතන බයිලා කියන්නේ නැතිව,එමිරේට්ස් ගුවන් යානයට සුනඛයෝ පැටවීම අවම කරලා. තේරුනාද? හෙට අනිද්දා වෙද්දී, මකුණෝ පිරිච්ච ඉන්දියන් එයාර් ලයින් එකත් සුනඛයෝ පැටවීම නතර කරයි බලු මැක්කෝ බෝවෙයි කියන බයට???
අපේ රට ව්යාකපාර කරන්න දන්නා රටක් නොවේ. මීට පෙර රජයන් යටෙතෙත් දිගටම පාඩු ලැබුවා. එමිරෙට්ස් නරිටා ගුවන් තොටුපොල ලැබුනේ අපි නිසා. අපිට ඕන නම් මේක දියුනු කරන්න පුළුවන්. අපිට ඕනේ නෑ. ඇපල් සමගම මුළුමනින්ම නැතිවී තිබිල ගොඩගත්තනම් මේක පුළුවන් දෙයක්.
එමිරේට්ස් වලට චන්ද්‍රිකා ශ්‍රී ලන්කන් දුන්නේ කැබිනට් එකටවත් නොදන්වා. ඔබලා සමහරුන්ට නම් එමිරේට්ස් හොඳ ඇති එහෙත් ඔවුන් අපේ සංචාරක ව්‍යාපාරය වට්ටලා මාල දිවයින නැග්ගුව බව මතක නැද්ද. කොළඹට ඩිරෙක්ට් ෆ්ලයිට්ස් නැති කරලා මාලේ හරහා ආවේ. මාලේ සංචාරක කර්මාන්තය නැග්ගේ එතනින්. ලෝකේ කොයි රටකවත් තමුන්ගේ ජාතික ගුවන් සේවය වට්ටන්නේ නැහැ. මහින්ද නෙවෙයි ප්‍රේමදාස ජනාධිපතිතුමා වුනත් ඕක ආපහු ගන්නවා - හැබැයි එයත් මස්සිනා කෙනෙක්ට දෙන්න ඉඩ තිබුනා. ඒක වෙනම කතාවක්. නමුත් අපේ ජාතික ගුවන් සේවය පිට රටකට විකුණුවේ එහි දියුණුම කාලෙක. කාටද මොනවාද ලැබුනේ. මමත් ශ්‍රී ලන්කන් වැඩ කරපු කෙනෙක්. ඒ නිසයි ඔය ඇත්ත දන්නේ.
විජිත්, බොරු කියන්න එපා. එමිරේට්ස් සහ එයා ලංකා සමාගම් දෙක එක්වීමට බොහෝ කලින් සිට එමිරේට්ස් ගුවන් සේවය ස්විට්සර්ලන්තයට පියාසර කළා. මම එමිරේට්ස් ගුවන් සේවයෙන් 1992, 1993 සහ 1994 වසරවල කොළඹ සිට සූරිච් නුවරට ගියේ එමිරේට්ස් ගුවන් සේවයෙන්. සමාගම් දෙක එකතු වුණේ 1998 වසරේ. ඉතින් කොහොමද ඔයා කියන්නේ එමිරේට්ස් සමාගමට ස්විට්සර්ලන්තයට යන්න අවසර තිබුණේ නෑ කියලා?
කලින් කාලේ ලාබ ලබපුව මේකාලේ පාඩු ලබනවා කියලා විකුනනවා කොමිස් ගහන්න. වෙනසක තරම. බැඳුම්කර ක්‍රමයට.
මම නම් හිතන්නේ මේකට හේතුව ශ්‍රී ලංකන් එක දිනපතා මෙල්බන් වලට යන්න පටන් ගත්ත එක. ඊට පෙර මෙල්බන්, සිඩ්නි වැනි නගර වල සිට එන ලාංකිකයන් සිංගපූරුව හෝ මැලේසියාව හරහා ට්‍රාන්සිට් වුනා. ඒ වගේම මෙල්බන් වල සිටින විශාල දකුණු ඉන්දියානු පිරිසකුත් ශ්‍රී ලංකන් එකේ ඇවිත් ඉන්දියාවට යනවා. මේවා නිසා එමිරේට්ස්, මැලේසියන් ආයතන වලට මඟීන් අඩුවුණා. මේ තීරණ එම නිසා ගත්ත එකක් වෙන්න පුළුවන්.