භානුක අමරසිංහ
කොළඹ නගරයේ පිහිටි ජනප්‍රිය නාගරික විනෝද ක්‍රීඩා ස්ථානයක් වන එක්සෙල් වර්ල්ඩ් තුළ නවතම මාදිලියේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් තේමා උද්‍යානයක් විවෘත කිරීමට මේ වනවිට සූදානමින් සිටින බව එය අයත් බ්‍රවුන්ස් සහ සමාගම පවසයි. මේ වසරේ දෙසැම්බර් මාසයේදී එම තේමා උද්‍යානය විවෘත කිරීම සැලසුම බවත් සමාගම සඳහන් කරයි.
2025 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2024/25 මූල්‍ය වර්ෂය සඳහා සමාගම නිකුත් කළ වාර්ෂික වාර්තාව තුළ සටහනක් තබමින් බ්‍රවුන්ස් සහ සමාගම මෙම කරුණු අනාවරණය කර තිබේ. “එක්සෙල් වර්ල්ඩ්හි දිගුකාලීන වර්ධන ක්‍රමෝපාය යටතේ ජාත්‍යන්තර ප්‍රමිතියේ තේමා උද්‍යානයක් දියත් කිරීමට අපි සූදානමින් සිටිනවා. එය 2025 දෙසැම්බර් මාසයේදී විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා.“ යනුවෙන් එහි සඳහන්ව තිබේ.
මෙම සුවිශේෂී යාවත්කාලීන කිරීමත් සමගින් එක්සෙල් වර්ල්ඩ්හිදී ලබාදෙන විනෝදාස්වාදන අත්දැකීම් නැවත අර්ථදැක්වීමට හැකියාව ලැබෙනු ඇති බවත් සමාගම සඳහන් කරයි. එසේම කලාපය තුළ ප්‍රධානතම ලෙෂර් ආකර්ෂණයක් සහිත ස්ථානයක් බවට පත්වීමටද ඊට හැකි වනු ඇති බවත් පවසයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එක්සෙල් වර්ල්ඩ් හි ජාත්‍යන්තර ප්‍රමිතියේ තේමා උද්‍යානයක්