කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඊයේ (08) තරමක වර්ධනයක් සනිටුහන් කළේය. ඉකුත් සඳුදා සිදුවූ බරපතළ බිඳවැටීම ආවරණය කරන්නට එය අසමත් වූ බව සඳහන් කළ යුතුය. අඩු මිල ගණන් හේතු කොටගෙන උපායශීලී ආයෝජකයන් කොටස් මිල දී ගත් අතර, දිනයේ ආරම්භයේ සිට අවසානය දක්වා වර්ධනකාරී පසුබිමක පැවැතිණ.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,127.71 ක් වූ අතර, එය දර්ශක 467.26 ක වර්ධනයකි. ගනුදෙනු අවසන් වන විට එස්.ඇන්.ඩී.පී. ශ්‍රී ලංකා දර්ශකය 4,458.45 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 193.65 ක ඉහළ යෑමක් සේ දැක්විය හැකිය. දිනයේ පිරිවැටුම රු. බිලියන 2.89 ක් තෙක් ඉහළ ගියේය. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 20,268ක් වූ අතර, කොටස් මිල ඉහළ ගිය සමාගම් ගණන 225 කි. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 26 වේ. වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 5,253.1ක් ඇත.
ඉදිරි දිනවල මිල දී ගැනීම සඳහා පසුබිමක් පවතින අතර, කෙටිකාලීන ලාභ සඳහා වහාම විකිණීම හේතුකොටගෙන උච්ඡාවචනයක් අපේක්ෂා කළ හැකිය. කලාපයේ කොටස් වෙළෙඳපොළ පසුබෑම සමග ඒවායේ ආයෝජනයට ඉදිරිපත්වීම ඉදිරියේ විදේශ සහභාගීත්වය සීමාසහිතවීමට ඉඩ ඇත. මෙදින ගනුදෙනුවලදී පවා විදේශ ගැනුම් රු. මිලියන 151.5ක් වූ අතර, විකිණුම් රු. මිලියන 103.2 කි. ශුද්ධ ලැබීම් රු. මිලියන 48.3ක් වශයෙන් සඳහන්ය.
සම්පත් රු. මිලියන 302ක්, හැටන් නැෂනල් රු. මිලියන 163 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 138ක්, ඇක්සස් ඉන්ටර්නැෂනල් රු. මිලියන 123ක්, ප්‍රයිම් ලෑන්ඩ් රු. මිලියන 90ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 87ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 70ක් සහ නේෂන් ට්‍රස්ට් බැංකුව රු. මිලියන 68ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉසුරුමත් සමාගම්වලට තවදුරටත් ඉහළ ඉල්ලුමක්