භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී (JAT. N0000) සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ඉංජිනේරු භාරත මන්ජු ශ්‍රී කුමාර හත්තොටුව මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.
ඒ අනුව 2025 පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන හත්තොටුව මහතා සතුව වසර 30 කට අධික කාලයක් පුරා ඉංජිනේරු ක්ෂේත්‍රයේ අත්දැකීම් පවතින බව සමාගම පවසයි. ඒ මහතා මහා බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රේලියාවේ වරලත් වෘත්තීය ඉංජිනේරුවරයෙක්ද වෙයි.
එසේම හත්තොටුව මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ආරම්භක කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරිවරයාද විය. එසේම ඒ මහතා මිලේනියම් IT සමාගමෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/විධායක අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉංජිනේරු මන්ජු හත්තොටුව ජැට් අධ්‍යක්ෂ මණ්ඩලයට