IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ඇපල් සමාගම චීනයේ හරිත බලශක්ති අරමුදලක් අරඹයි

ෂංහයිහිදීය (රොයිටර්)
 
තම සමාගම එක්සත් ජනපද ඩොලර් මිලියන 300ක හරිත බලශක්ති අරමුදලක් චීනයේදී ආරම්භ කරන බව ඇපල්සමාගම නිවේදනයක් නිකුත් කරමින් අදසිකුරාදා (13) සඳහන් කළේය. 
 
තම සමාගම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම සඳහා සැපයුම්කරුවන් සමඟ කටයුතු කරමින් සිටින බවත් මෙම ව්‍යාපෘති වලින් චීනයේ නිවාස මිලියනයකට බලශක්තිය සැපයීමට හැකි බවත් ඇපල් සමාගම පෙන්වා දෙයි. 
 
චීන රජය පරිසර දූෂණය අවම කිරීමට ප්‍රමුඛත්වයක් දී තිබේ. පරිසරයට එක්වන විසවායු, අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරන්නැයි ද චීන රජය එරට තුළ ක්‍රියාත්මක දේශීය හා විදේශීය කර්මාන්ත හා සමාගම්වලට අවධාරණය කර තිබේ. එමෙන්ම ප්‍රධාන නගරවල ජල මාර්ග සහ දූෂිත පස පිරිසුදු කිරීමට ද චීන රජය පියවර රැසක් ගෙන තිබේ. 
 
ඇපල් සමාගම මෙලෙස චීනය තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්නේ ඇමෙරිකාව සහ චීනය අතර ආර්ථික යුද්ධයක් ඇති වී තිබෙන මොහොතකය.
 
ඇමෙරිකා එක්සත් ජනපද සමාගමක් වන ‘ඇපල්’ සමාගමේ බොහෝ නිෂ්පාදන නිෂ්පාදනය කෙරෙන්නේ චීනයේය. ඒවා ඇමෙරිකාව ද ඇතුළු ලොව පුරා රටවල බෙදා හැරෙයි. චීනය ද ඇපල් සමාගමේ ප්‍රධාන සහ ඉතා වැදගත් අවසන් වෙළෙඳපොළකි. 
 
චීනය තුළ ද ඔවුන්ගේම සමාගම්වලින් ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදනය කිරීම නිසා ඇපල් ස්මාර්ට් ජංගම දුරකතන සහ චීන ස්මාර්ට් ජංගම දුරකතන අතර දැඩි තරගකාරීත්වයක් ද ඇති වී තිබේ. 
 
මේ අතර ඇපල් සමාගම මේ වනවිට පුනර්ජනනීය බලශක්තිය වැඩි අවධානයක් යොමු කර තිබෙන අතර තමා සමාගමේ ගෝලීය පහසුකම් සේවා සපයන මධ්‍යස්ථාන පිරිසුදු බලශක්තියෙන් බලගැන්වී ඇතැයි ද ඇපල් සමාගම මේ වසර ආරම්භයේදී නිවේදනය කළේය. 
 
055



අදහස් (0)

ඇපල් සමාගම චීනයේ හරිත බලශක්ති අරමුදලක් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 45 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1006 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site