(බිඟුන් මේනක ගමගේ)
හෝටල් කර්මාන්තයේ කඩාවැටීමෙන් කුකුළු මස් හා බිත්තර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ද ඉල්ලුමේ පහළ වැටීම නිසා කුකුළු පැටවුන් 40% ක් පමණ මරා වළදමන්නට සිදුව ඇතැයි ද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ඇණවුම් නොමැති පරිසරයක කුකුළු පැටවුන් නඩත්තු කිරීමට අමතර පිරිවැයක් දරන්නට සිදුවන්නේ යැයි ද ඊට එකම විකල්පය පැටවුන් මරා වළදැමීම පමණකැයි ද ගුණසේකර මහතා කීය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු හෝටල්වලින් කුකුළු ව්‍යාපාරිකයන්ට තිබූ ඇණවුම්වලින් 50% ක් පමණ ක්ෂණිකව අවලංගු වී යැයි ද මේ නිසා මස්, බිත්තර හා කුකුළු ආහාර සැපයුම්කරුවන් ආර්ථික වශයෙන් දැඩි අර්බුධයකට පත්ව ඇතැයි ද ගුණසේකර මහතා අවධාරණය කළේය.
සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන අප්‍රේල් මාසයේ මුල් සතියේදී කුකුළු මස් අස්වැන්න ලබාගත් ව්‍යාපාරිකයන් දෙවැනි අස්වැන්න ලබාගැනීමට සැලසුම් කර තිබුණේ මැයි මාසයේ මුලදී යැයි කී හෙතෙම හෝටල් ඇණවුම් අවලංගු වීම නිසා දෙවැනි අස්වැන්න විකුණාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද පැවසීය.
දැනට ලංකාවට කුකුළු මස් විදේශයන්ගෙන් ආනයනය නොකරන්නේ යැයි ද මෙම තත්ත්වයට විසඳුමක් නොමැති වුවහොත් අගෝස්තු මාසය වනවිට කුකුළු මස් ආනයනය කිරීමට සිදුවනු ඇතැයි ද ගුණසේකර මහතා සඳහන් කළේය.
COMMENTS
අස්වැන්න?? දින 48 න් මරණ කුකුළු පැටියට කොහොමත් එකයි.
ඉස්සර දුටුගැමුණු වැනි ශ්‍රේෂ්ට නායකයින් සත්ව ඝාතනය වලක්වලා මාඝත කියන නීතිය පනවලා තිබ්බ රටක් මේක. නමුත් දැන් සතුන්ගේ ජිවිතයක් කියන එක නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි. මේ සතුන්ව මරන්නේ පණ පිටින්ම වලදාලා. ඉන්න දවස් ටිකත් විඳින්නේ මිහිපිට අපා දුකමයි. මේ ධර්මද්වීපයේ සතුන්ට වෙන මේ වගෙ අසාධාරණයන්ට දැන්වත් බෞද්ධයින් පෙළ ගැසිය යුතුයි.
මිනිස්සුන්ගේ මස් වලට තියෙන කෑදරකම නිසාමයි මේ සත්තු මෙච්චර මැරෙන්නේ. එක්කෙනෙක් මස්කන එක නැවත්තුවට සත්තු මැරෙන එක නවතින්නේ නෑ කියලා හිතාගෙන ඉන්නවනං මතක තියාගන්න පහු ගිය වසරේ ඇමරිකාවේ සතුන් මැරීම බිලියන 14කින් අඩු වෙලා තියෙන්නේ ඒ එක එක නිර් මාංශිකයන් එකතුවෙලා ගොඩ නැගෙන නිර්මාංශික ප්‍රජාව නිසා බව.
සත්ව හිංසනය මර්දනය කිරීමට සත්වමිත්‍ර සංවිධාන වල අධික්ෂණය යටතේ මානුෂිය ගොවිපොළවල් සංකල්පය ලංකාවේ දියත් කල යුතුයි. ඔස්ට්‍රේලියාව වැනි රටවල එය ක්‍රියාත්මක වන අතර එරට ප්‍රජාව මිලට ගන්නේ එලෙස මානුෂිය ලෙස පවත්වාගෙන යන ෆාම්වල අස්වැන්න පමණි. මස් කන එක නවත්තගන්නම බැරි නම් එහෙමවත් දෙයක් ඇති කර ඒ සතුන්ගේ දුක ටිකකින් හෝ අඩු කල යුතු නොවේද?
ඕක දෙවියන්ගේ කැමැත්ත, එක වෙනස් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ.
අපනයනය කරන්න බැරි ඇයි? ආනයනයම හොයන්නේ සාක්කුවට සල්ලි දාගන්නද? රටට සල්ලි ඕන වෙලාවේ පොඩ්ඩක් වත් ට්‍රයි කරන්න කියල ආණ්ඩුවට බල කරන්න බැරි නම් ඔය තනතුරෙන් ඉවත් වෙලා යනවා හොඳ නේද? ටිකක් ධනාත්මකව හිතන්න බොස් . රැකියා බිහි කරන්න. වනසන්න එපා.
විකුණගන්න බැරි වුණාට නිට්ටඹුවේ පොළ ළඟ තියෙනවා කුකුළු මස් කඩයක්... කුකුළු මස් කිලෝ එකක් රුපියල් පන්සීයයි.
කුකුල් පැටියා දවසින් හෝ දවස් 48 හෝ මාස 3 හෝ මරනවා. ඊට වඩා හොද නැද්ද වනෝද්යා්නයකට මුදා හැරියානම් ලක්ෂයකට එකෙකුට හරි ජීවිත දානය ලැබෙනවා.
අප්‍රේල් 22 හවස්වෙනකොට සිංහල දෙමල ජාතියට වෙන්න තිබුනෙත් ඕක.
මට නම් දුකයි මේ සත්තුන්ට කරන අපරාධයට...
දැන් මස් ආනයනය කරන්න ලෑස්ති වෙන්නේ, බඩ ඉරිඟු වලින් ගහපු ගැහිල්ලෙ රස හොඳට දැනෙන හින්දද කොහෙද?
වතුර උණු කර බීමෙන් එහි සිටින මිලියන ගණන් ජීවීන්ගේ මරණය සිදුවෙනවා. මිනිස්සු මාංශ භක්ෂක බව නොරහසකි.
අර පැටවුන්ගේ මුහුණ බලාගෙන මට නම් මරාගෙන කන්න බැහැ. නමුත් යහළුවන් මරා තම්බගෙන කාපු මස් චූටි කෑල්ලක් රස බැලුවා කෑවා...
ගුණසේකර නුඹ සතර අපා ගත වෙනවාමයි..
වතුර එළවලු එහෙම තම්බනකොටත් ක්ෂුද්‍ර ජිවින් මැරෙනවානේ. ඒ නිසා සත්තුත් මරාගෙන කැවට කමක් නැහැ කියලා හිතාගෙන ඉන්නවනම් ඒක වැරදියි. හේතුව ක්ෂුද්‍ර ජිවින් කියන්නේ ස්නායු පද්දතියක් නැති ජීවින් කොටසක්. ඒ නිසා ඒගොල්ලන්ට මරණ බය වේදනාව ආදරය විරහව මවු පිය සෙනෙහස වගේ සංකීර්ණ දේවල් දැනෙන්න නැහැ. ඒත් මාලු කුකුලෝ වගේ සතුන්ට මිනිසාට වගේම ස්නායු පද්දතියක් තියෙනවා. මරණ බය අම්ම තාත්ත වැනි චරිත කෙරෙහි බැදීම හොදින් දැනෙනවා. ඒගොල්ලන්ගෙන් වෙන් වෙනකොට ඇතිවෙන වේදනාව අපිට වගේම ඒගොල්ලන්ටත් දැනෙනවා. එළවලු කාලා විතරක් මිනිසාට ජිවත් වෙන්න බැරි නං තව මස් කෑවට කමක් නැ. නමුත් ඒක එහෙම නොවෙද්දී අසරණ සතුන්ට දුකක් දෙන්න ඕනේ ඇයි අපි? ලෝකේ නිර්මාංශ ප්‍රතිශතය දිනෙන් දිනම වැඩි වෙනවා. ඒ ගැන දැන් ලොකු පිබිදීමක් තියෙනවා. මස් මාලු පෝෂණ ඌනතා සපුරගන්න අත්‍යවශ්‍යමයි කියන්නේ මිත්‍යාවක් බව විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙන්නේ. කිරි, බිත්තර, සෝයා, හතුවර්ග, දඹල, මුං, කව්පි වැනි ධාන්‍ය හොඳටම ප්‍රමාණවත් බවට නිරෝගී නිර්මංශිකයන් බිලියන ගණනක් හොඳම උදාහරණයක් සපයනවා
මස් පිණිස සතුන් වෙළඳාම බෞද්ධ දර්ශනයෙන් ප්‍රතික්ෂේප කරපු වෙළදාමක්. අනෙක් අතට මේ සත්ව පාලනයට යන වියදම ඉතා වැඩියි වගේම මාංශ ආහාරයට ගන්න අයට ලෙඩ රෝගත් බොහොමයක් වැඩියි. ප්‍රාණගාතය නොකළ යතු බව සෑම ආගමකම උගන්වනවා. ඇතැම් අය එය වාසියට හරවාගෙන වෙනස් වෙනස් අර්ථකතන දෙන්න උත්සාහ කරනවා.
මස් කෑම හෝ නොකෑම විවාදත්මකයි. ඒ නිසා මේකට නිශ්චිත පිළිතුරක් දෙන්න අමරුයි. සත්ව ඝාතනය හොඳ නැහැ කිව්වත් එසේ කියන අය මස් අනුභව කරනවා. කිසම මසක් අනුභව නොකරන අය සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයක්.
ප්‍රාණඝාතයේ විපාකය දරුණුයි.. ප්‍රාණඝාතයෙන් වැළකීමමයි... උතුම් සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!
නිකන් ඌරෙක් වගේ... ඒකයි කන්නැත්තේ...