IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඇඟලු‍ම් අපනයනයේ සියයට 2.3 ක වර්ධනයක්

 

  • ඇමෙරිකාවට කළ ඇඟලු‍ම් අපනයන සියයට 7.43 කින් පහත වැටිලා
  • එක්සත් රාජධානිය හැර යුරෝපා සංගමයේ අනෙකුත් රටවලට කළ අපනයන සියයට 7.54 කින් ඉහළ ගිහින්

විමුක්ති එස් රුද්‍රිගු


2024 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී මෙරට ඇඟලු‍ම් අපනයන සියයට 2.3 ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

සමස්තයක් ලෙස 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇඟලු‍ම් අපනයනවල වර්ධනයක් පෙන්නුම් කළත් එක්සත් රාජධානිය සහ ඇමෙරිකාව වැනි ප්‍රධාන වෙළෙඳපොළේ අපනයන පහළ ගොස් ඇත. මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇමෙරිකාවට කළ ඇඟලු‍ම් අපනයන සියයට 7.43 කින් පහත වැටී ඇති අතර ඉන් මෙරටට ලැබුණු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 153.11 කි

එසේම එක්සත් රාජධානියට කළ අපනයන සියයට 14.58 කින් පහත වැටී ඇති අතර ඉන් ලැබූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 54.85 කි.

එක්සත් රාජධානිය හැර යුරෝපා සංගමයේ අනෙකුත් රටවලට කළ අපනයන සියයට 7.54 කින් ඉහළ ගොස් ඇති අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 120.69 අපනයන ආදායමක් උපයා ඇත. කෙසේ නමුත් 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී අනෙකුත් රටවලට සිදු කෙරෙන ඇඟලු‍ම් අපනයන සියයට 39.85 කින් ඉහළ ගොස් ඇති අතර ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 79.28 කි.

2024 වසරේ පළමු මාස දෙකට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස දෙක තුළදී ඇඟලු‍ම් අපනයන සියයට 12 කින් වර්ධනය වී ඇති අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 845 ක ආදායමක් උපයා ඇත. මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසයේදී පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව ඇමෙරිකා වෙළෙඳපොළේ ඇඟලු‍ම් අපනයනයන සියයට 8.12 කින් වර්ධනය වී තිබේ.

ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 322.86 ආදායමක් උපයා ඇත. එක්සත් රාජධානිය හැර යුරෝපා සංගමයේ අනෙකුත් රටවලට සිදු කෙරෙන ඇඟලු‍ම් අපනයන ජනවාරි සහ පෙබරවාරි මාසයේදී සියයට 17 කින් වර්ධනය වී ඇති අතර ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 250.18 කි.

ගෙවුණු මාස දෙකක කාලය තුළ වැඩිම ප්‍රතිශතයකින් ඇඟලු‍ම් අපනයන වර්ධනය වී ඇත්තේ අනෙකුත් රටවල්වලට වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 23.16කි. ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 155.54 කි. 



අදහස් (1)

ඇඟලු‍ම් අපනයනයේ සියයට 2.3 ක වර්ධනයක්

ගුණරත්න Sunday, 30 March 2025 08:11 AM

බංග්ලාදේශයේ අර්බුදය නිසා ලංකාවට ඕඩර් ලැබෙන එක වැඩි වුනා, එක තමයි ඔය වර්ධනයට හේතුව, නැතිව ආණ්ඩුවේ විස්කමක් නෙවෙයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site