නිමල කොඩිතුවක්කු
ආසියාන් ආංශික සංවාද හවුල්කාරිත්වය (SDP)ට ලංකාවේ වැඩ සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය ( ASEAN) අග්නිදිග ආසියාවේ රටවල් 10ක එකතුවෙන් සැදුම්ලත් දේශපාලන හා ආර්ථික සංගමයකි.
එයට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථීකයන් කිහිපයක් ඇතුළත් වන අතර එම රටවල් දළ වශයෙන් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.5කට පමණ දායක වේ.
ශ්‍රී ලංකාව මේ වන විට සියලුම ආසියාන් සාමාජික රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන නමුත් හවුල්කාරී ආර්ථික ප්‍රගතිය සදහා ආසියාන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් අත්‍යවශ්‍ය වන බව පෙනී ගොස් ඇතැයි රජය පවසයි.
අග්නි දිග ආසියාවට අයත් නොවන රාජ්‍යයන්ට ආසියාන් සාමාජිකත්වය ලබා ගැනීමට නොහැකි වුවද ආසියාන්හි අරමුණු සඳහා දායක වීමට ඇති හැකියාව මත පදනම්ව බාහිර රාජ්‍යයකට ‘‘ආංශික සංවාද හවුල්කරුවකු” ගේ තත්වය පිරිනැමීමට ආසියාන් සංගමයට හැකියාව පවතී.
ශ්‍රී ලංකාව 2019 වර්ෂයේදී ආංශික සංවාද හවුල්කාරීත්වය සඳහා අභිප්‍රාය ලිපියක් හා ආසියාන්හි අරමුණ ඉටු කර ගැනීම සඳහා යෝජනාවක් ආසියාන් ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගෙන නොමැත.
එබැවින්, බාහිර පාර්ශවයකට ආසියාන්හි ආංශික සංවාද හවුල්කරුවකුගේ තත්වය ලබා ගැනීම සඳහා ආසියාන් දක්වා ඇති ක්‍රියාවලිය අනුගමනය කරමින් 2019 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද අභිප්‍රාය ලිපියට අදාළව පැහැදිලි කාල රාමු සහිත නව වැඩ ක්‍රියාකාරකම් සැලැස්මක් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
206
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2076
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආසියාන් ආංශික සංවාද හවුල්කාරිත්වයට ලංකාවේ වැඩ සැලැස්මක්