(හර්ෂණ තුෂාර සිල්වා)
මේ වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 3.1ක් වනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (23) පැවසීය.
මෙම වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය 2.1 කින් වැඩිවී ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා කීවේය.
ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා එම කරුණු සඳහන් කළේය. මෙහිදි මේ වසරේ පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ද ඉදිරිපත් කළේය.
දැනුම් දී තිබෙන අදාළ කාලරාමුව තුළ අපේක්ෂිත පරිදි ණය පොළී අනුපාතිකවල පහළ යෑම සිදු නොවුණහොත් මූල්‍ය ආයතනවල වෙළෙඳපොළ ණය පොළී අනුපාතික සඳහා සුදුසු සීමා පැනවීමට කටයුතු කරන බව ද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙහිදි කීවේය.
ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳපොළ වෙළෙඳපොළ ණය පොළී අනුපාතිකවල ප්‍රවණතා අඛණ්ඩව අධීක්ෂණය කරන බවත් ණය පොළී අනුපාතිකවල පහළ යෑමක් සිදු නොවුණහොත් සුදුසු සීමා පැනවීමට මුදල් මණ්ඩලය නිර්දේශ කරනු ඇති බවත් හෙතෙම කීවේය. අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා බව ද මහ බැංකු අධිපතිවරයා කීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල නොවූ බවත් එහෙත් සති කිහිපයකදී යම් පසු බැසීමක් වූ බවත් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කීවේය.
තැන්පතු අනුපාත සහ බැංකු මත දැනටමත් අදාළ සීමා පනවා ඇතැයි ද ඔහු පැවැසීය.
මේ අතර මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ප්‍රතිපත්ති පොළී අනුපාතික අඩු කරන බව මහ බැංකුව නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේගය කියන ටයිටල් එක ගන්න නම් ඇෆ්ඝනිස්ථානයේ රෙකෝඩ් එක කඩන්න ඕනෑ. තවත් කාපල්ලා රට... පව්නොදී පලයල්ලා යන තැනක... මේ කිව්වේ ඔක්කොම දේශපාලුවන්ටයි. අපි අලුත්ම කණ්ඩායමක් අරන් රට නගන හැටි පෙන්වමු. මේ අපිට ලැබෙන අවසන් අවස්ථාවයි.
3.1% බලාපොරොත්තු වෙනවා ෂුවර් නැහැ. මහින්දගේ කාලේ යුද්ධයකුත් කරලා සංවර්ධනයත් කරලා ආර්ථික වර්ධනය 7.5 යි... ඔන්න වෙනස.
පුළුවන් තරම් බැංකු හිර කරලා පුද්ගලික අංශෙට පහසුකම් දෙන්නේ නැතුව කොහොමද මහත්තයෝ රට වර්ධනය වෙන්නේ ?????
මේ අගය හොඳයි. ලංකාවේ භූමියට, ජනගහනයට ඔරොත්තු දෙන්නේ නැති වේගයක් තිබුණොත් මිනිසුන්ගේ අසහනය, ආතතිය අස්වාභාවිකව වර්ධනය වෙන එකයි වෙන්නේ... පරිසර හානිය, සමාජ ක්‍රියාකාරකම්වල අසමබරතාව වර්ධනය වෙන එකයි වෙන්නේ...
හරියටම ගණන් කියන්න එපා. අන්න අර 225 දෙන යන්න බැහැ කියනවලු ගාන අහල.
7.5% ට තිබුන ආර්තික වර්ධනය 3% බස්සල, මහ බැංකුව හොරා කාල කාබාසිනියා කරල, ලාබ ගන්න තිබුන හම්බන්තොට වරාය ගලක් තියෙනව කියල පච කෙලල චීනෙට විකුනල තවත් එනව බයිල කියවන්න.