ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන විසිනි
ශ්‍රී ලංකාවේ මාක්ස්වාදයේ පියා යන ගෞරව නාමයෙන් හඳුන්වන දේශපාලනඥයෙකි පිලිප් ගුණවර්ධන. සිය වසකට පමණ පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ පිලිප් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් ස්ථාපිත කරනු ලැබූ මාක්ස්වාදී මතවාදයන් ආර්ථික හා දේශපාලන මතවාද, වර්තමාන ජාජබ ආණ්ඩුව උකහාගෙන තිබුණද, රජය නියෝජනය කරන කිසිදු අයකු ඔහුගේ ගුණානුස්මරණ උත්සවයට සහභාගී නොවීම අමුත්තකි.
එම උත්සවයේ සිදුකළ එකම එක කතාව හිටපු බැංකු කරුවකු, වෘත්තීය සමිති ප්‍රධානියකු, රචකයකු හා ප්‍රසිද්ධ කථිකයකු වූ රුසිරිපාල තෙන්නකෝන් විසින් පවත්වන ලද අතර එහිදී ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය නගා සිටුවීමට පිලිප් දැක්වූ දායකත්වය, සමුපකාර අංශයේ උන්නතිය උදෙසා ඔහු දැක්වූ දායකත්වය හා 1956 දී සාමාන්‍ය මිනිසාගේ යුගයට මඟ පෙන්වීමේ ලා ඔහු ඉටු කළ කාර්ය භාරය ඇසුරින් ප්‍රේක්ෂකයා ඉදිරියේ ඔහු කරුණු ඉදිරිපත් කළේය. සාමාන්‍ය ගොවිජනතාවගේ සහ කුඩා ව්‍යාපාරිකයා වෙනුවෙන් බැංකු කටයුතු වර්ධනය කිරීමේලා ඔහු ඉටුකළ පුරෝගාමී මෙහෙවරක් එහිදී සමුපකාර සාමුහික ක්‍රමය උපයෝගී කර ගත් අයුරුත් එම දේශනයේදී අවධාරණය කරන ලදී. මෙම
(මහජන) බැංකුවේ උපත පිලිප් නොදුටුවද ඔහු 1956බණ්ඩාරනායක ආණ්ඩුවේ අමාත්‍යවරයකුව සිටියදී ඊට පදනම දැමූ පසු 1961 දී ඔහු විරුද්ධ පක්ෂයේ සිටියදී මහජන බැංකුව ස්ථාපිත කිරීම සිදුවිය.
එහෙත් එම බැංකුව මූලික වශයෙන් පිලිප් 1958, අඳ ගොවියාගේ ආරක්ෂාව හා ඉඩම් හිමියන් වෙත ඉටු කළ යුතු කාර්ය භාරය නීතිගත කරමින් ගෙන ආ කුඹුරු පනත ක්‍රියාත්මක කිරීමත් සමග බැඳුනු පිලිප් ඉටුකළ නිර්මාණාත්මක වැඩ පිළිවෙළ මත පදනම් වූවකි. පිලිප් ශ්‍රී ලාංකීය සමාජයට ඉටුකළ නව්‍ය වූ කාර්යභාරය කිසිදා නොමැකෙන ලෙස තරයේ සනිටුහන්වී පවතින බවද රුසිරිපාල සිය ප්‍රේක්ෂකයාට කියා සිටියේය.
පිලිප් නිහතමානී, චාම් මිනිසකු වීම
පිලිප් ඉඩම් හිමි ප්‍රභූ පවුලකින් බිහිවී රටේ ඉහළ පාසල්වල අධ්‍යාපනය ලබා, ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම පෙළේ විශ්වවිද්‍යාල වලින් එකකින් සිය උපාධිය ලැබුවද ඔහු සරළ, චාම්, නිහතමානී මිනිසෙක් වූවේය. ඔහු ඇ.එ.ජ., එක්සත් රාජධානිය, යුරෝපය සහ ඉන්දියාව ආදී රටවල බොහෝ සෙයින් සංචාරයේ යෙදී තිබිණි. ඔහු සිංහල, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ හා ප්‍රංශ භාෂා චතුර ලෙස කතා කළේය. මෙම දක්ෂතාවන් ඇති වෙනත් ඕනෑම පුද්ගලයකුට සාමාන්‍ය මිනිසුනට අඩිකිහිපයක් ඉහළින් යන්නට තරම් ආඩම්බර විය හැක්කේ වුවද පිලිප් ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස් වර්ගයේ මිනිසෙක් විය.
මා පාසැලේ පශ්චාත් ප්‍රාථමික ශ්‍රේණියේ සිටියදී 1960 දී හොරණ දේශපාලන රැස්වීමකට සහභාගි වූ අවස්ථාව මගේ මතකයේ ඇත. මිනිසුන් ඉන්නා මට්ටමට ඉහළින් උස්කොට තැනූ මහා වේදිකාවක් එතැන කථිකයාට ඉදිකොට තිබුණේ නැත. රැස්වීම හමාර වන තුරු මහජනයා රැස්වීමට ඇද බැඳ තබා ගැනීමට ගායකයන් හෝ නර්ථන කණ්ඩායම් අද දවසේ මෙන් එකළ නොතිබුණ අතර කථිකයාගේ පැමිණීම නිවේදනය කළ සැනින් මහ හඬින් රතිඤ්ඤා පත්තු කිරීමක්ද එකල සිදු නොවීය.
එම රැස්වීම වීදි කොනක පැවැත්වූ අතර පිලිප් සිටුවා තිබූ මයික්‍රෆෝනය පිටුපස රැඳී සිටියේ මිනිසුන්ට යාන්තමින් දර්ශනය වන උස් තැනකයි. එකල රැස්වීම්වලට බස්වලින් සෙනග ඇදීමක් සිදු නොවූ අතර අනෙක් සියලු මිනිසුන් මෙන් මෙම රචකයාද දෙපයින් ඉස්සී කථිකයා දෙස බලා සිටියේය. සමහරු පොදුවේ යන බස්වල නැගී රැස්වීමට පැමිණි අතර සමහරු පාපැදිවල නැගී පැමිණියේය. බොහෝ දෙනෙක් දෙපයින් රැස්වීමට ඇදී ආවෝය.
ඔහු රැස්වීමට කැඳවාගෙන එන ලද්දේ පැරැණි කාරයකය. ඔහු සමග තවත් කථිකයන් දෙදෙනෙක් එම රථයේම පැමිණියෝය. ඒ අය නම් එවකට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා කථිකාචාර්ය වරයකු වූ දිවංගත ජේ.ආර්.පී. සූරියප්පෙරුම සහ ලංකා විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය ඩබ්ලිව්.ඇස්. කරුණාරත්න යන දෙදෙනාය. එවකට ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටි පිලිප්ව අමුතුවෙන් හඳුන්වා දීමක් අවශ්‍ය නුවූයේය. එම නිසා අනෙක් කථිකයන් දෙදෙනා ප්‍රේක්ෂකයාට හඳුන්වා දෙන උත්සවයේ ප්‍රධානියා ලෙස ඔහු කටයුතු කළේය. අද ප්‍රමිතියෙන් බැලූ විට එය දුප්පත් මිනිසාගේ රැස්වීමකි. දුප්පත්, මිනිසුන්, ගැහැණුන් හා දරුවන්ගේ දේශපාලන පිපාසය සංසිඳුවීම පිණිස දුප්පත් මිනිසා විසින් ඊට නායකත්වය දෙන ලද්දේය. ඒ පිලිප් දුප්පතුන් ඈත් නොකොට, දුප්පතුන් අතරට යමින් දේශපාලන කාර්යයේ නියැළුණු අකාරයයි.
1930 දී පිලිප් ගේ දර්ශනය
බොහෝ දෙනා ශ්‍රී ලංකාවේ නිදහසින් පසු අවධියේ පිලිප්ගේ දේශපාලන ජීවිතය ගැන දැනුවත්ව සිටින නමුත් ඊට පෙර කාල පරිච්ඡේදය ගැන බොහෝ දෙනා නොදනිති. ඔහු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ 1936, රාජ්‍ය සභාවේ සාමාජිකයකු ලෙසය. ඔහු සභාව ඉදිරියේ විවාදයට ලක්වුණු සෑම කරුණක් සම්බන්ධ, සෑම විවාදයකදීම, රාජ්‍ය සභාව නියෝජනය කරන නිත්‍ය කථිකයකු වූයේය. ඊට අමතරව, ශ්‍රී ලංකාවේ, පොදු ජනයාගේ ජීවන තත්ත්වය නාංවාලන යෝජනා රාශියක් සභා සාමාජිකයන් ඉදිරියට රැගෙන ආයේය. හෙතෙම යටත් විජිත ආණ්ඩුව සහ අමාත්‍ය මණ්ඩලය දරුණු ලෙස එහෙත්, සාධාරණීය අයුරින් විවේචනයට ලක් කළේය. වර්තමාන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනාට ඔහුගේ ආර්ථික හා සමාජ දර්ශනය පිළිබඳ දැනුමක් නැත්තේ ඔහුගේ කතා බොහොමයක් යටත් විජිත ආණ්ඩුවේ හැන්සාඩ් වාර්තාවල සැඟවී ඇති බැවිනි. ඒවා සොයා ගත හැක්කේ ජාතික ලේඛනාරක්ෂණවල පමණකි. එතැන රික්තයක් පවතින බැවින් එම රික්තකය පිරවීම පිණිස ඔහු රාජ්‍ය සභාවේ කළ කතා වෙළුමක් ලෙස ගොනු කොට ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඔහුගේ කතාවලින් උකහාගෙන මෙම ලිපියෙන් ඔහුගේ ආර්ථික හා සමාජ දර්ශනය අද දවසේ පාඨකයා වෙත ගෙන එන්නේ අද දවසේ සමාජ පිළිගැනීම් සමඟ සසඳා බැලීමක් සමගයි.
වසංගතය පැතිර ගිය රටක අතිරික්ත අයවැයක් පවත්වා ගැනීම:-
1935-36 කාලයේ අවම වශයෙන් රටේ ජනතාවගෙන්, 180,000ක් පමණ දෙනා මරුමුවට පත් වෙමින් මැලේරියා වසංගතය පැතිර යද්දී, රුපියල් මිලියන 27ක අතිරික්තයක් උත්පාදනය කරන අයවැයක ඇති දෝෂ සහගත බව දුටු පිලිප් 1936-1937 දී විසර්ජන ආඥාපනත විවේචනයට ලක් කරමින් කතා කළේය. එම අතිරික්තය සෞඛ්‍ය රැකවරණ සේවා නැංවීම වෙනුවෙන් භාවිත කොට, වසංගතය දුරු කිරීම වෙනුවෙන් වියදම් කළේනම්, වසංගතය මුළු මනින් දුරු නොකළත්, මරණ සංඛ්‍යාව රටට අවම කර ගත හැකිව තිබිණි. එම නිසා පිලිප් පැවසූ අයුරු රටේ බදු ගෙවන්නන්ගේ මුදල් භාවිතයෙන් තොරව එම අතිරික්තය පවත්වා ගැනීම ගැන අමාත්‍ය මණ්ඩලය, එම මියගිය ජීවිත උදෙසා ඍජුව වග කිව යුතුවේ.
සෞඛ්‍ය රැකවරණයට අදාළ අත්‍යවශ්‍ය සේවා කපා හරිමින්, ආරෝග්‍ය ශාලා වසා දැමීමෙන් වසංගතය ඉහළ මට්ටමකට වර්ධනය කළේ යයි පිලිප් අමාත්‍යවරුනට චෝදනා කර තිබේ. මෙය රටේ අවශ්‍යතා වෙනුවෙන් වැය නොකොට වියදම් සීමා කර ආදායම් නැංවීම යටත්විජිත අයවැය කරණයට එරෙහිව එල්ල කළ දරුණු චෝදනාවක් විය. රෙද්දේ හැටියට කපාගෙන කබාය මැසූවිට එම කබාය ඇඳිය නොහැකි යන ආප්තෝපදේශය ගෙනහැර පාමින් පිලිප් විවේචන එල්ල කළේය.
මාක්ස්වාදියකුගේ දීර්ඝකාලීන අරමුණු
ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන අරමුණු ත්‍රිත්වය ඉදිරියට ගෙන එමින් එම පක්ෂය නියෝජනය කොට ජනතාවට සහන සැලසීම සහ වූ පියවර 22ක් සහිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට පිලිප් එම අවස්ථාවට භාවිත කළේය. එම අරමුණු තුන පදනම් වී තිබුණේ කොමියුනිස්ට් ව්‍යාපාරයේ ප්‍රධාන මූලධර්ම මතය. ඒවා කෙරෙහි යටත් විජිත ආණ්ඩු කිසිදු අනුකම්පාවක් දැක්වූයේ නැත. එම අරමුණු නම්, පළමු වැන්න, පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය, බෙදාහැරීම හා හුවමාරු ක්‍රම සමාජකරණයට භාජනය කිරීමයි.
දෙවැන්න ජාතික නිදහස කරා එළැඹීමයි. තුන්වැන්න, විවිධ පන්තිමය, වර්ග ජාති, කුල සහ ලිංග භේදවලින් පැන නැගෙන පීඩාවන් ආර්ථික අසමානතාවයන් දේශපාලන අසමානතාවයන්, අහෝසි කිරීමයි.
ශ්‍රී ලංකාව 1948 දී දේශපාලන නිදහස දිනාගත් නමුදු අද වන විට එය අදාළ වන්නේ නැත. පළමුව එය සමාජ අරමුණක් ලෙස රජයේ සහ පෞද්ගලික අංශ දෙකේම සහභාගිත්වය රටේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීම අරමුණු කර ගැනුණි. ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව පවා රටේ සමස්ත ජනතාවගේම සැදුම් ලත්, ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජයක් ලෙස හඳුන්වා දෙනු ලැබීය. තුන්වැන්න, ලෝකය පුරා සියලුම සමාජවලට විවෘතව සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය නොහැකි අරමුණක් ලෙස ඉතිරිව පවතී. එම අරමුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කිසිදු වැදගත් පියවරක් නොගෙන අවංක නොවන ලෙස අනුමැතිය හා සහාය පළ කළේය. එය සියලුම දේශපාලන පක්ෂ මෙතෙක් ඉටු නොකළ පොරොන්දුවක්ව පවතී.
කඩිනමින් ඉටුකළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ
පිලිප් තර්ක කරමින් ඉදිරිපත් කළ කඩිනමින් ගත යුතු පියවර පහත ඒවාය.
1. ළමා ශ්‍රමය ගෘහාශ්‍රිත වශයෙන් හා කාර්මික වශයෙන් සූරා කෑමට අහෝසි කිරීම.
මේ සම්බන්ධයෙන් කාලයට ඉදිරියෙන් පිලිප් සිටි බව කිව හැක්කේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය නරකම වර්ගයේ ළමා ශ්‍රමය තහනම් කිරීමට පියවර ගත්තේ 1999 දී බැවිනි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත අනුව ශ්‍රී ලංකාව එය අනුමත කරනු ලැබුවේ 2001 දීය.
2. ප්‍රාථමික පාසල්වල දරුවන්ට පාසල් පොත් නොමිලේ සැපයීම
3. ප්‍රාථමික පාසල්වල සියලු දරුවන්ට නොමිලේ ආහාර සහ කිරි ලබාදීම.
2 හා 3 දෙකම එකිනෙකට සම්බන්ධ වන අතර නිදහස ලැබීමෙන් දීර්ඝ කාලයකට පසුව ශ්‍රී ලංකාව මෙම පහසුකම් සැලසීමට පටන් ගැනුණි.
සියලු සිසුන්ට නොමිලේ පෙළ පොත් සැපයීම ආරම්භ කෙරුණේ 1980 පටන් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය පුළුල් කිරීමේ කොටසක් ලෙසයි. 1993 නොමිලේ පාසල් නිල ඇඳුම් සැපයීමත් සමග මෙම කාර්යය ශක්තිමත් කෙරණි. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පන්තිවල සිසුන් සඳහා නොමිලේ ආහාර ලබා දීම ආරම්භ කළේ 2024 දී තවත් දශක නවයක් ගෙවී ගිය පසුවයි.
4. සෑම ගම්බද දිස්ත්‍රික්කයකම සත්වාහාර පිණිස තෘණ ඉඩම් ශ්‍රී ලංකාවේ කිරි ගොවියන්ට මෙම පහසුකම මෙතෙක් සපයා නොමැත. එසේ වුවද කිරි ගව පාලනයේ යෙදෙන ගොවියන් දිරිමත් කර රටේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ දැඩි අවශ්‍යතාවක් පවතී.
5. වගා කරුවන්ට නොමිලේ පොලියකින් තොරව බිත්තර වී සැපයීම:-
මෙතෙක් ශ්‍රී ලංකාවේ ගොවියන්ට මෙම පහසුකම සැපයිය යුතුව තිබේ. එසේ වුවද 2005 පටන් පොහොර උදෙසා සහනාධාර පහසුකම් ගොවියන් වෙත සැපයීම ආරම්භ විය. එය 1962 ආරම්භ කළ ඊට පෙර පැවැති සහනාධාර ක්‍රමය වැඩි දියුණු කිරීමකි.
6. වාරි පහසුකම් සඳහා ගාස්තු අය කිරීම සඳහටම අහෝසි කර දැමීම
මෙම ක්‍රියාමාර්ග අනුගමනය කරන ලද්දේ 1970 දී රජයෙන් වාරි ගාස්තු අය කිරීම අහෝසිකර දැමීමේදීය.
7. තේ සහ රබර් කූපන් පවරාදීමේ හැකියාව අහෝසි කිරීම
මෙම කූපන් ක්‍රමය හඳුන්වා දෙන ලද්දේ 1930 මහා ආර්ථික අවපාත සමයේ හටගත් ද්‍රවශීලතා නොහැකියාව කරණකොටගෙන තේ සහ රබර් නිෂ්පාදකයන්ගේ අලෙවි නිෂ්පාදන උදෙසා ගෙවීම් කරනු පිණිසය. නිෂ්පාදකයන්ට අලෙවි කළ සැනින් මුදල් ගෙවීම් නොලැබුණු නිසා එය ඔවුන්ට අතිශය බාධාවක් විය. කෙසේ වුවද රට අවපාත තත්වයෙන් මිදුණු පසු මෙම කූපන් ක්‍රමය අහෝසි විය. ඒ සඳහා පිලිප් මෙම යෝජනාව 1936 දී ගෙන එමින් ඊට මග පෑදුවේය.
8. අතුරිකිලි කපා ඉවත් කිරීමට අදාළ වනාන්තර නීතිය හා දැව ප්‍රවාහන නීති අහෝසි කිරීම
නිදහසේ දැව ප්‍රවාහනයට ඉඩ දුනහොත් රටේ වනාන්තර වැස්ම ඉවත්ව යාදෝයි යන බිය නිසා මෙය ක්‍රියාත්මක කිරීම සිදු නොවීය. එම නිසා දැව ප්‍රවාහනය කිරීම උදෙසා වනාන්තර බලධාරින්ගේ අවසරය ලබා ගත යුතුවේ.
(මතු සම්බන්ධයි)
Daily FT හි පළවූ Philip Gunawardana. Marxist who Proposed Visionary Economic Policies in 1930 පරිවර්තනය
- සමන් පුෂ්ප ලියනගේ
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ආර්ථිකයට අදටත් ගැලපෙන පිලිප්ගේ යෝජනා