වාහන ආනයනයේ ප්‍රමාදය සහ වැරදි කළමනාකරණය පිළිබඳව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පසුගියදා සිය කණස්සල්ල පළ කළේය. වාහන ආනයන කර්මාන්තය තුළ පෙර නොතිබූ ගැටලු මතුවීමට හේතුව මුදල් අමාත්‍යංශයේ වැරදි තීරණ යැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කළේය.
ආනයනකරුවන්ට බලපාන ප්‍රධාන ගැටලු ආමන්ත්‍රණය කිරීමේදී නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා වගකීම් විරහිතව කටයුතු කරන බවද එම සංගමය පැවැසුවේය. දැඩි සැලකිල්ලකින් යුතුව මෙරට රජය පසුගිය පෙබරවාරි මස 1 වැනිදා වසර 5 කට පසුව වාහන ආනයන සීමා ලිහිල් කළේය.
දැනට පවතින ගැටලු විසඳීමට සහ සුමට වාහන ආනයන ක්‍රියාවලියක් සහතික කිරීමට ශක්තිමත් සහ ක්‍රියාශීලී නායකයකු අවශ්‍ය යැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා පැවැසුවේය. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික කීර්ති ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ වාහන ආනයන සීමා ඉවත්කර මාස දෙකකට ආසන්න කාලයක් ගත වුණද මුදල් අමාත්‍යාංශය ඊට අදාළ තීරණ කාලෝචිතව නොගැනීම නිසා රේගු දෙපාර්තමේන්තුවට නිසි ලෙස ක්‍රියාත්මක වීමට නොහැකි වී ඇති බවයි.
වාහන ආනයනය පිළිබඳව යම් යම් නිවේදන රජය සිදු කළත් වාහන හම්බන්තොට වරායට පැමිණි පසුව යම් ආයතන තහනම් කිරීම හේතුවෙන් අර්බුද මතුවූ අවස්ථාද තිබෙන බව මුදල් අමාත්‍යංශයේ වැරදි තීරණ හුවා දක්වමින් ඔහු ප්‍රකාශ කළේය. විද්‍යුත් වාහන ගෙන්වීමට 2023 වසරේදී අවසර ලබාදුන් අවස්ථාවේ මතුවූ ගැටලුද ඔහු පෙන්වා දුන්නේය.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආනයනයේ ප්‍රමාදයට වාහන ආනයනකරුවන්ගෙන් මුදල් අමාත්‍යාංශයට අප්‍රසාදය