විමුක්ති එස් රුද්‍රිගු
ඇමෙරිකාවට ශ්‍රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට පනවනු ලැබූ සියයට 44 ක තීරු බද්ද එය ක්‍රියාත්මකවීමට පෙර අඩුකර ගැනීම සඳහා තිබෙන අවස්ථා පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සමග සාකච්ඡා කිරීමට තිබෙන හැකියාව පිළිබඳ සොයා බලමින් සිටින බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා ඊයේ (03) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පසුගියදා ධවල මන්දිරයේදී අත්සන් තැබූ විධායක නියෝගයක් මගින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියයට 44 ක තීරු බද්දක් පනවනු ලැබුවේය. එම විධායක නියෝගයෙන් ශ්‍රී ලංකාවට පමණක් නොව ඇමෙරිකාව වෙළෙඳ ගනුදෙනු කරන රටවල් සියල්ලටම නව තීරුබදු පැනවූවේය.
පනවා ඇති නව තීරු බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මතය දැනටමත් ඇමෙරිකාවට දන්වා අවසන් බවත් ශ්‍රී ලංකාවට පනවා ඇති නව තීරු බද්ද එළැඹෙන 09 වැනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිත බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඊට පෙර සියයට 44 ක තීරු බද්ද අඩුකර ගැනීමට තිබෙන අවස්ථාව පිළිබඳව සොයා බලන බවද ඔහු පැවැසුවේය. ඇමෙරිකාව පනවා ඇති නව බදු ප්‍රතිශතය ශ්‍රී ලංකාව විශේෂ ස්ථානයකට පත්කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ආණ්ඩුව ඇමෙරිකන් තීරුබද්ද අඩුකර ගැනීමේ අවස්ථා සොයා බලයි