IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


අස්ථාවර දේශපාලනයෙන් රටට අනාගතයක් නෑ‘ - මහබැංකු අධිපති

( හර්ෂණ තුෂාර සිල්වා)
දේශපාලන ස්ථාවරත්වය නොමැතිව රටකට ඉදිරියට යා නොහැකි යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (20) ප්‍රකාශ කළේය.

දේශපාලනය ස්ථාවරත්වය නොමැතිව ඉදිරියට ගිය කිසිදු රටක් ගැන තමන් නොදන්නා බව කී මහ බැංකු අධිපතිවරයා දේශපාලන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේදී ඉතා වැදගත් බව ද පැවැසීය.

‘ශ්‍රී ලංකා ජාතික මූල්‍ය අන්තර්ගත උපායමාර්ගයේ’ සංවර්ධන ක්‍රියාවලිය දියත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේ ආරම්භක සැසියේ පිළිගැනීමේ කතාව කරමින් මහ බැංකු අධිපතිවරයා එම කරුණු කීවේය.

ශ්‍රී ලංකාවට යම්කිසි ප්‍රගතියක් පෙන්වා ඇතැයි කී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීය.
“ආර්ථික සංවර්ධනයට දේශපාලන ස්ථාවරත්වය ඉතා වැදගත්. දේශපාලනය ස්ථාවරය නොමැතිව සංවර්ධනය ළඟා කරගත් කිසිදු රටක් ගැන මම දන්නේ නැහැ. ඉදිරියට යන්න නම් දේශපාලන ස්ථාවරත්වය ඉතා වැදගත්. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට දේශපාලන ස්ථාවරත්වය ඉතා වැදගත්. අපි නිවැරැදි මාර්ගයේ ගමන් කරන බව පෙනෙන්ට තිබෙනවා. අපිට යම්කිසි ප්‍රගතියක් දකින්න පුළුවන්. ප්‍රගතිය ප්‍රමාණවත් නැහැ. තවත් කළ යුතු දේවල් තිබෙනවා. වඩාත් වැදගත් කරුණු ප්‍රගතිය අත්පත් කරගෙන තිබෙන මාර්ගයේ ගමන් කිරීමයි. මාර්ගයෙන් පිට පැනීමට ඉඩ නොතැබිය යුතුයි. මේ අවස්ථාවේදී දේශපාලන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවට ඉතාම වැදගත්”. ​



අදහස් (3)

අස්ථාවර දේශපාලනයෙන් රටට අනාගතයක් නෑ‘ - මහබැංකු අධිපති

ajith Tuesday, 20 March 2018 10:35 AM

ආර්ථික වර්ධනය 3.5%

:       0       98

Rohitha perera Tuesday, 20 March 2018 06:19 PM

දේශපාලනය ස්ථාවරත්වය රැකගැනීමට මිනිස්සුන්ගේ මානසික තත්වය තේරුම් ගෙන ඊට අනුව රටේ නීති වෙනස් විය යුතුය . මන් හිතන්නේ අවස්ථානුකුල තීරණ ගැනීමේ වේගය අපේ රටේ මිනිසුන්ගේ ඉහලය.

:       0       0

surath Friday, 23 March 2018 11:56 PM

අපි වහ වහා දේශපාලනය ස්ථාවර කිරීමට පෙළ ගැසෙමු . අසාර්ථක දේශපාලනඥයින් ඉවත් කරමු.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 669 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17762 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site