IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අවියානා හෝටල් සමූහයේ ඉදිකිරීම් සියයට 80ක් අවසන්

මහනුවරල - තෙල්දෙනිය - උඩිස්පත්තුව ප්‍රදේශයේ ඉතා රමණීය පරිසරයක ඉදි‍කෙරෙන මෙරට ප්‍රථම තරු 7 හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සියයට 80 ක් පමණ අවසන් කර තිබේ.

අවියානා හෝටල් සමූහය මෙම වසරේදී (2025) විවෘත කිරීමට අපේක්ෂා කෙරෙන අතර මෙම හෝටල් සමූහය හරහා මෙරට ආර්ථිකයට වසරකට රුපියල් බිලියන භාගයක ආදායමක් උපයාදීමට සැලසුම්කර ඇති බව එහි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඔහු මෙසේද පැවසීය.

තරු 5 හොඳම හෝටලයක එක රෑ කෑම වේලක් වෙනුවෙන් එක පුද්ගලයකුට අඩුම තරමින් රුපියල් 15,000ක් වත් වියදම් වෙනවා.’ ඇත්තටම ඒ කෑම වේලේ වියදම බැලුවොත් රුපියල් 5000ක් විතර වේවි.’ සාමාන්‍ය කඩයක වතුර බෝතලයක් රුපියල් 60යි.’ එහෙත් මෙය තරු හෝටලයක රුපියල් 500ක් වත් වේවි. එකම වතුර මෙහි තියෙන්නේ ස්ටෑන්ඩඩ් එක, ඒ වගේම Brand Name එකත් මේකෙදි බලපානවා.

මෙම අවියානා හෝටල් සමූහයෙන් සෘජු හා වක්‍ර රැකියා දහස් ගණනක් බිහි වෙනවා, රටේ ආර්ථිකයට සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් දායකවීමට නම් අවියානා වැනි තවත් හෝටල් ඉදිවිය යුතුයි. අවියානා හෝටලයෙන් එක් වසරක අපේක්ෂිත ආදායම දැනට ඇමරිකන් ඩොලර් මිලියන 500 ලෙස ගණන් බලා තිබෙනවා. අවියානාහි සාඩම්බර කොටස්කරුවකු විමටත් ශ්‍රී ලංකික ව්‍යවසායකයන් සහ පුරවැසියන්ට අවස්ථාව උදාවී තිබෙනවා. 



අදහස් (0)

අවියානා හෝටල් සමූහයේ ඉදිකිරීම් සියයට 80ක් අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site