IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අවියානා හෝටල් සමූහයට ශ්‍රී ලංකා තිරසර සම්මානය

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා හෝටල් සමූහය ශ්‍රී ලංකා තිරසර සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබුවේය. මෙරට සංචාරක කර්මාන්තය වෙනුවෙන් සිදු කරනු ලබන මෙහෙවර සහ තිරසර ඉදිකිරීම් සඳහා අවියානා හෝටල් සමූහය සභාපති අචාර්ය තිසර හේවාවසම් මහතාට මෙම සුවිශේෂී සම්මාන ද්විත්වය හිමිවූවේය.
13 වැනි ලෝක ඉදිකිරීම් සම්මන්ත්‍රණය සමග හවුල්කාරිත්වයෙන් සහ මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සහභාගීත්වයෙන් ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා තිරසර සම්මාන රාත්‍රිය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති අතර එහිදී අවියානා හෝටල් සමූහය මෙම සම්මාන හිමිකර ගත්තේය.
සංචාරක ව්‍යාපරය වැඩිදියුණු කිරීම සඳහා පරිසරහිතකාමී ලෙස තිරසර සංවර්ධනය අනුව කටයුතු කිරීම සහ තිරසර අරමුණු ඉටුකර ගනිමින් තරු 7 අති සුඛෝපභෝගී හෝටලය ඉදිකර තිබීම යන කරුණු හේතුවෙන් අවියානා හෝටලයට මෙම සම්මාන හිමිවී තිබිණි.



අදහස් (0)

අවියානා හෝටල් සමූහයට ශ්‍රී ලංකා තිරසර සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site