IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අලුතින්ම අකුරට යන හපනුන්ට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් තෑගි පෙළක්

2025 නව පාසැල් වාරය අරඹන 03 ශ්‍රේණිය දක්වා දරුවන්ට සහ අලුතින්ම පාසැල් සහ පෙර පාසැල් යන දූදරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කල ත්‍යාග පෙළක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් හදුන්වා දී තිබේ.

මේ අනුව දරුවන්ට ඉතිරිකිරීම හුරුකරවන අතරම ඉතිරිකිරීම ආරම්භ කරන දරුවන් වෙනුවෙන් ඔවුනට ගැළපෙන ත්‍යාග රටා ඉතිරිකිරීමේ බැංකුව හදුන්වා දී තිබේ.

රුපියල් දහසක: රු 1000/-නව තැන්පතුවක් අලුතින් අරඹන හෝ පවතින හපන් ගිණුමක තැන්පත් කරන දරුවන් වෙනුවෙන් පාටකරන පොතක් සහ ස්ටිකර් රැසක් සහිත ස්ටිකර් කොළයක් යන ත්‍යාග දෙකම හිමිවේ.
පාට කරන පොත විශාල ප්‍රමාණයේ රූපවලින් සමන්විත අතර ඒවායේ නම් ඉංග්‍රීසි බසින් දක්වා ඇති අතර රූපය පාට කිරීමට අදාල ආදර්ශ රූපයක් ද කුඩා ප්‍රමාණයෙන් දක්වා ඇත. එසේම සියලුම ස්ටිකර් දරුවන් දිරිගන්වන ආකාරයේ වචන සහ වෛවර්ණ කාටූන් චරිතවලින් නිර්මාණය කර තිබේ.

රුපියල් දෙදහසක රු 2000/- නව තැන්පතුවක් අලුතින් අරඹන හෝ පවතින හපන් ගිණුමක තැන්පත් කරන දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ කට්ටලයක් හිමිවේ. පාසැලේදී මෙන්ම නිවසේ දී ද නිර්මාණශීලීව සිතමින් නව නිර්මාණ බිහිකිරීමට සුහුරු දෑත් සූදානම් කිරීමට මෙම පාසැල් උපකරණ කට්ටලය ඉවහල් වනු ඇත.

රුපියල් තුන්දහසක රු 3000/- නව තැන්පතුවක් අලුතින් අරඹන හෝ පවතින හපන් ගිණුමක තැන්පත් කරන දරුවන් වෙනුවෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම ලියැවුණු අගනා උපමා කථා සහිත කතාන්දර පොතක් හිමිවේ. කියවීම සහ ඒ තුළින් චිත්තරූප මවාගැනීමට දරුවන් යොමුකිරීමට මෙම කතාන්දර පොත අවස්ථාව ලබාදෙනු ඇත. එසේම කතාන්දරවලින් කියවෙන වැදගත් ආදර්ශ දරුවන්ගේ ජීවිතවල සාර්කත්වයට ද හේතු වන බව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්වාසයයි.

මෙම සියලු ත්‍යාග තොග අවසන් වනතුරු පමනක් බැවින්, අදම ඔබේ ඉතිරිකිරීම අරඹන මෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිහිපත් කරයි. මේ පිළිබඳ වැඩි විස්තර ළඟම ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවෙන් ලබාගත හැකිය.



අදහස් (0)

අලුතින්ම අකුරට යන හපනුන්ට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් තෑගි පෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site