පසුගිය සතියේ ඇමරිකානු රාජ්‍ය දේපාර්තුමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය පිළිබඳ නිකුත් කළ වාර්තාව ඉතා අහිතකර එකක් විය. එම වාර්තාවෙන් මෙරට ආයෝජන පරිසරයට අදාළව සෘණාත්මක තත්ව ගණනාවක් පිළිබඳව හෙළිදරව් කරන ලදී. ඒ අතර, ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව පවතින අවිනිශ්චිතතාව/ව්‍යාකූලබව, ආයෝජන නීති සහ රෙගුලාසි පිළිබඳව ඇති සංකීර්ණතා, ආයෝජන සහ වෙළෙඳාම ප්‍රවර්ධනයට ඇති රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතා, ආයෝජන සඳහා අනුමැතිය ලබාගැනීමට අදාළව ඇති සංකීර්ණතා/කල්ගතවීම් මෙන්ම නිෂ්පාදන සාධක (ඉඩම් සහ ශ්‍රමයට අදාළව) වෙළෙඳපොළවල්වල ඇති ගැටලුකාරී තත්ව පිළිබඳව අවධානය යොමුකර පැවතිණි.
බොහෝ ආර්ථික විශේෂඥයන්ට අනුව ඇමරිකානු රාජ්‍ය දේපාර්තුමේන්තුව ලංකාවේ ආයෝජන පරිසරයට අදාළව මෙවැනි සෘණාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය වේ. ද ඉකොනොමිස්ටි (The Economist) නම් වූ ලෝක ප්‍රසිද්ධ ආර්ථික සඟරාව ද මෑතක දී පළකළ ලිපියක් මගින් ද අවධාරණය කළ කරුණක් වුයේ මෙරට ආර්ථිකයේ වර්ධනයට අදාළ විභවතා වළකාලන සාධක ගණනාවක් පවතින බවයි. එමෙන්ම ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ද මෑතකදී ඉදිරිපත් කළ වාර්තා මගින් ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව අවධාරණය කර සිටියේ එවැනි ප්‍රතිසංස්කරණවලින් තොරව යහපත් ව්‍යාපාරික සහ ආයෝජන පරිසරයක් සකස් කිරීම කළ නොහැකි බව අවධාරණය කරමිනි. එමෙන්ම මෙරට මෙන්ම ලංකේය ආර්ථික පිළිබඳ උනන්දුවක් දක්වන ආර්ථික විශේෂඥයන් නිරතුරුවම ආර්ථික ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව අවධාරණය කරමින් සිටී.
එබැවින් 2026 වසරට අදාළව නොබෝ දිනකින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් යහපත් ව්‍යාපාරික සහ ආයෝජන පරිසරයක් ඇති කිරීමට හේතු වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා පලදායී ආරම්භයක් ලබාදිය යුතුව ඇත. මෙම ලිපියේ අරමුණ වන්නේ ලංකේය ආයෝජන පරිසරයට අදාළව ඇති සෘණාත්මක තත්ව මොනවා ද යන්න පිළිබඳව යළිත් වරක් මතක් කර දීම සහ එම තත්ව මඟහරවා ගැනීමට ගතයුතු පියවර මොනවාද යන්න පිළිබඳව සැකෙවින් සාකච්ඡා කිරීමය. මෙම කරුණු බොහොමයක් මොනවාද යන්න පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන් හොඳින් අවබෝධ කරගෙන ඇති නමුත් ක්‍රියාත්මක වීමට අදාළව ප්‍රමාදයක් පවතී.
ගෝලීය දර්ශක මගින්
ඉතා අයහපත් තත්වයක්
නිරූපණය කිරීම
රටක ව්‍යාපාරික/ආයෝජන පරිසරය පෙන්නුම් කෙරෙන ගෝලීය දර්ශක (Indicators) ගණනාවක් පවතී. එම දර්ශක මගින් ලාංකේය ආර්ථිකය පිළිබඳව පෙන්නුම් කෙරෙන චිත්‍රය ඉතා අහිතකර එකක් වීම මෙරට ආර්ථිකයට දේශීය මෙන්ම විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පවතින ප්‍රධානතහ අභියෝගයක් වේ. උදාහරණයක් ලෙස ලෝක බැංකුව 2019 වර්ෂය දක්වා මැන දක්වන ලද ව්‍යාපාරකරණ පහසුව (Ease of Doing Business Index) පිළිබඳ දර්ශකයට අනුව ලංකේය ආර්ථිකයට හිමි වූයේ 99 වැනි ස්ථානයයි.
එමෙන්ම දූෂණ සංජානන දර්ශකයට (Corruptions Perception Index) අනුව 2024 වර්ෂයට අදාළව ලාංකේය ආර්ථියට හිමි වනනේ 121 වැනි ස්ථානය වේ. වංචාවට සහ දූෂණය පිටුදැකීමට නව රජය විසින් පසුගිය මැතිවරණවලදී ජනතාවට පොරොන්දු වූ අතර ඒ අනුව මේ වන විට කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම දූෂණ විරෝධී පනත මගින් වංචා සහ දූෂණය මැඩ පැවත්වීමට අදාළ නෛතික රාමුව සැපයෙන අතර එම විධිවිධාන නිසියාකාරව ක්‍රියාත්මක වුවහොත් වංචාව සහ දූෂණයට පවතින ඉඩකඩ අහුරාලීම කළ හැකිය. ලෝක නවෝත්පාදන දර්ශකයට (Global Innovation Index) අනුව ලංකාව පසු වන්නේ 93 වැනි ස්ථානයේ වන අතර එමගින් ප්‍රකාශ වන්නේ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා කරනු ලබන වියදම් මෙන්ම නවෝත්පාදනයන්ට අදාළව ලාංකේය ආර්ථිකය තුළ පවත්නා පසුගාමී තත්වයයි. ලෝක බැංකුව මගින් ප්‍රකාශයට පත් කරනු ලබන නීතියේ ආධිපත්‍ය දර්ශකයට (Rule of Law) අදාළව ද ලංකාවේ තත්වය යහපත් නොවන බව කිව යුතුමය. එම දර්ශකයට අදාළව ලංකාව ලබා ඇති ලකුණු ප්‍රමාණය -0.9 ක් වන අතර (+2.5 සිට -2.5 දක්වා මෙම දර්ශකය විහිදේ) සෘණ දර්ශක අගයක් මගින් කියවෙන්නේ රට තුළ නීතියේ ආධීපත්‍ය යහපත් නොවන මට්ටමක පවතින බවයි.
ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මගින් රටක ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් සඳහා ලබා දෙනු ලබන ශ්‍රේණිය ද ආයෝජකයන් විසින් සලකා බලන දර්ශකයක් වන අතර ලෝකයේ ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මගින් ලංකාවට අදාළ ශ්‍රේණිගත කිරිම් ඉහළ දැමීමක් පසුගිය දා සිදුවිය.
එතෙක් SD (Selective Default) මට්ටමේ සිටි ශ්‍රී ලංකාව දැනට CCC+/C (Substantial Risks) ශ්‍රේණිය දක්වා ඉහළ දැමීමක් සිදුව ඇත. එවැනි ඉහළ දැමීමක් සිදු වුවද තවමත් මෙටර ආර්ථිකයට අදාළ ණය ශේණිය මගින් යහපත් තත්වයක් නිරූපණය නෙවන අතර අවම වශයෙන් A ශ්‍රේණිය දක්වා ඉතා කෙටි කලක් තුළ ලඟාවීමට අවශ්‍ය මූල්‍ය විනය සහ ආර්ථික විභවතාව ඇති කරගැනීම විදේශ අයෝජන ආකර්ෂණයෙහිලා ඉතා වැදගත් වනු ඇත.
ඉහතින් දැක්වූ සියලුම දර්ශක මගින් ලෝකය හමුවේ පෙන්වා දී ඇත්තේ ව්‍යාපාරකරණයට සහ ආයෝජනයට අදාළව යහපත් පරිසරයක් මෙරට ආර්ථිකය තුළ නොපවතින බවයි. මේ නිසාම, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ වාර්තා පෙන්වා දී ඇති පරිදි ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගත හැක්කේ ඉතා පහළ මට්ටමේ (එක් අයෝජන ව්‍යාපෘතියක සාමාන්‍ය වටිනාකම ඇ. ඩොලර් මිලියන 3-5) ආයෝජන ව්‍යාපෘති පමණි. ඒ අනුව ඉහත දර්ශකවලට අදාළව යහපත් ශ්‍රේණිගත කිරීමක් ලබාගැනීම දේශීය සහ විදේශීය ආයෝජන ආකර්ෂණයට අතිශ්‍යය වැදගත් බව කිව යුතුය.
ආයෝජන සහ කර්මාන්ත
ප්‍රවර්ධන ආයතනවල
අකාර්යක්ෂමතාව
ආයෝජන සහ කර්මාන්ත ප්‍රවර්ධනයට රාජ්‍ය ආයතන ගනණාවක් පැවතිය ද නව ආයෝජකයකුට තම ආයෝජන කටයුත්ත සිදුකොට නිෂ්පාදන කටයුතු ආරම්භ කිරිමට සැලකිය යුතු කාලයක් ගත කිරීමට සිදුව ඇත. එවැනි කල්ගතවීම් හේතුවෙන් ආයෝජකයන්ට තනි කවුළු (Single-Window) ක්‍රමය හඳුන්වා දීම සිදු වුවද මේ වනවිට එම ක්‍රමවේදය පවා නිසි පරිදි සිදුනොවන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ වාර්තාවෙන් පෙන්වා දී ඇත.
විශේෂයෙන්ම ආයෝජන සහ කර්මාන්ත ප්‍රවර්ධනයට පිහිටුවා ඇති ආයතන ඉතා අකාර්යක්ෂමව ක්‍රියාත්මක වීම හේතුවෙන් එවැනි කල්ගත වීම් සිදුවන අතර ඊට අමතරව ආයෝජන සහ කර්මාන්ත අංශවලට සෘජුවම සම්බන්ධ වන ආයතන අතර පවතින දුර්වල සම්බන්ධීකරණය ද මීට බලපා ඇති තවත් හේතුවකි.
මේ නිසාම 2024 වර්ෂයේ දී ආර්ථික පරිවර්තන පනත හඳුන්වාදුන් අතර එම පනතෙන් මේ වන විට ආයෝජන, කර්මාන්ත සහ අපනයන අංශ සඳහා සේවා සපයන ආයතන වෙනුවට නව ආයතන ව්‍යුහයක් ඇති කිරිමට අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නා ලදී. ඒ අනුව, අයෝජන ප්‍රවර්ධනය සඳහා වූ ආයතනයක් වශයෙන් invest Sri Lank නමින් නව ආයතන ව්‍යුහයක් ද, නිදහස් වෙළෙඳ කලාප/කර්මාන්තපුර වැනි ආයෝජන ස්ථාන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා Zone Sri Lanka නමින් ආයතනයක් ද පිහිටුවිම අරමුණු කර ගන්නා ලදී. ඉහත ආයතන සියල්ලටම මඟපෙන්වීමට Economic Commission එකක් පිහිටුවීමට ද යෝජනා විය. එසේම, ශ්‍රම පලදායීතාව ප්‍රවර්ධනය සඳහා National Productivity Commission යන ආයතනයක් පිහිටුවීමට යෝජනා විය. විදේශ වෙළෙඳාමට අදාළ මඟපෙන්වීම් කිරීමට Office of Inter nation Trade යන ආයතනය පිහිටුවීම සඳහා ආර්ථික පරිවර්තන පනත යටතේ ඉඩකඩ සලසා දෙනු ලැබිණි. පසුගිය අයවැය කථාවේ දී ද ආර්ථික පරිවර්තන පනත ඇතම් සංසෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ විය. කෙසේ වන්නේ වී නමුත්, 2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනු ලබන අයවැය යෝජනාවලට සමගාමීව ආර්ථික පරිවර්තන පනත ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කිරීම වැදගත් වේ.
ආර්ථික ප්‍රතිපත්තියට අදාළ
අවිනිශ්චිතතා පැවතීම
ආර්ථික ප්‍රතිපත්තියට අදාළව අවිනිශ්චිතතා පවතින බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව මගින් ලංකාවේ අයෝජන පරිසරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන්ව පැවතීම සැලකිල්ලට ලක් කළ යුතු කාරණයක්ව පවතී. එහිදී සඳහන් කර ඇත. මූලික කරුණක් වන්නේ ඇතැම් ආයෝජන සම්බන්ධයෙන් රජය ධනාත්මක ප්‍රතිචාර දක්වනු ලැබුවත් තවත් සමහරක් ආයෝජන සම්බන්ධයෙන් සෘණාත්මක ආකල්ප මත ක්‍රියාත්මක වන පරිසරයක් තුළ පෞද්ගලික විදේශ අයෝජන සම්බන්ධයෙන් වූ රජයේ ප්‍රතිපත්තිය කුමක් ද යන්න තේරුම් ගැනීම දුෂ්කර බවයි. එමෙන්ම, රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරිමේ ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කිරිම ද ගැටලු සහගත බව දක්වා ඇත. ඒ අනුව පෙනීයන කරුණක් වන්නේ රජය දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ ඉදිරියට යමින් පැවතුණද ඉදිරියේ දී රජයේ අර්ථීක ප්‍රතිපත්තිය කුමක් වේවිද යන්න පිළිබඳව ආයෝජකයන්ට තවමත් නිසි අවබෝධයක් නොමැති බවයි. මීට ප්‍රධාන හේතුවක් වනනේ වත්මන් රජයේ දේශපාලන-ආර්ථික දැක්මට අදාළව එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් වීම සහ බලයේ සිටින දේශපාලන පක්ෂය ඉතිහාසය තුළ ක්‍රියාත්මකව පැවති තත්වය වේ. එසේම රජයේ ඇතැම් නායකයන්ගේ අදහස් දැක්වීම්වලින් ගම්‍ය වන්නේ රජය තවමත් ඉහළ රාජ්‍ය දායකත්වයක් සහිත ආර්ථික මොඩලක් ආර්ථික සංවර්ධන මාවත ලෙස තොරා ගන්නා බවකි. කෙසේ නමුත් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිශ්චිත එකක් වීම සහ එම ප්‍රතිපත්තිය වඩාත් හොඳින් සන්නිවේදනය කිරීමෙහිලා ඉතා වැදගත් වේ.
ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ
මන්දගාමී වීම
යහපත් සාර්ව ආර්ථික පරිසරයක් නිර්මාණය කිරිමට හේතුවන ප්‍රතිසංස්කරණ ගනණාවක් ආර්ථික අර්බුදයෙන් පසුකාල සීමව තුළ සිදුවිය. ඒ අතර, රජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත හඳුන්වා දීම, මහ බැංකුව ස්වාධීන කිරීම, දූෂණ විරෝධී පනත බලාත්මක කිරීම වැනි පියවර සුවිශේෂී වේ. මෙම පියවර සහ අනෙකුත් වෙනස් කිරීම් හේතුවෙන් ආර්ථිකය ඉතාමත් කෙටි කාලක් තුළ ආර්ථිකයේ සාර්ව ආර්ථික ස්ථායීතාව ඇති කර ගැනීමට හැකියාව ලැබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන යටතේ දෙවැනි භාගයේ දී අවධානය යොමු කළයුතුව ඇත්තේ ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහාය. ඒ අරමුණින් යුතුව ආර්ථික පරිවර්තන පනත හඳුන්වා දෙන ලදී. ආර්ථික වර්ධනය සහ සංවර්ධනයට ඇති විභවතා නිසි පරිදි සාක්ෂාත් කර ගැනීමට නොහැකි වී ඇත්තේ ආර්ථිකයේ ඇති ව්‍යුහාත්මක ගැටලු හේතුවෙනි.
පළමුව අවධානය යොමු කළ යුතු වන්නේ රටේ විදේශ වෙළෙඳාම සහ ආයෝජන ප්‍රතිපත්ති පිළිබඳ වේ. කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක වන ආර්ථිකයක් යැයි හැඳින්වුවත් සත්‍ය වශයෙන්ම කොතෙක් දුරට ලාංකේය ආර්ථිකය ලෝකයට විවෘත ද යන්න පිළිබද විවාදයක් පවතී. බොහෝ ආර්ථික විශේෂඥයන්ට අනුව ලාංකේය ආර්ථිකය තවදුරටත් විදේශ වෙළෙඳාමට සහ ආයෝජන සඳහා විවෘත කළ යුතුව ඇත. ලංකාව විසින් අත්සන් කොට ඇති ද්වි පාර්ශ්වික සහ කලාපීය වෙළෙඳ ගිව්සුම් ප්‍රමාණය අතලොස්සකි. ඒවායින් යම් පමණකට හෝ සක්‍රීයව පවතින්නේ ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම පමණි.
තවත් පවතින ගැටලුවක් වන්නේ, නිෂ්පාදන සාධක වෙළෙපොළවල් පහළ කාර්යක්ෂමතාවකින් යුක්තව වන අතර මේ හේතුවෙන් නිෂ්පාදන සාධක එකේකෝ ඌණ උපයෝජන මට්ටමක යෙදවේ. නැතහොත් නිෂ්පාදන සාධක නිෂ්පාදන කටයුතුවල යෙදවීමක් කොහෙත්ම සිදුනොවේ. උදාහරණයක් ලෙස ලංකාවේ කාන්තා ශ්‍රම සාභාගීත්ව සියයට 32ක් පමණ වන අතර අග්නිදිග ආසියානු රටවල එම ප්‍රතිශතය සියයට 55-65ක් අතර වේ. පවත්නා ශ්‍රම හිඟය මඟ හරවා ගැනිම සඳහා මෙන්ම ආර්ථික වර්ධනය සඳහා ද ශ්‍රම සාභාගීත්වය ප්‍රසාරණය කළ යුතුය. විශේෂයෙන්ම කාන්තා ශ්‍රම සහභාගීත්වය ප්‍රවර්ධනය කළ යුතුසේම යම් අධ්‍යාපනයක, රැකියාවක, හෝ පුහුණුවක නිරත නොවන (NEET – Not in Education, Employment, or Training) තරණ කොටස් ද පලදායී ආර්ථික කටයුතුවලට සහභාගී කරගත යුතුය. අධ්‍යාපනය, පොදු ප්‍රවාහනය, සහ සෞඛ්‍ය වැනි කේෂ්ත්‍රවලට අදාළ තත්ව තරගකාරී ලෝකයට ගැළපෙන පරිදි වෙනස් විය යුතුව ඇත.
වංචාව සහ දූෂණය
නැවත්වීම තවමත්
අභියෝගයක්ව පැවතීම
නව රජය බලයට පත්වීමෙන් අනතුරුව වංචාව සහ දූෂණය පිටු දැකීමට යම් යම් පියවර ගනිමින් සිටින අතර, 2023 අංක 9 දරණ දූෂණ විරෝධි පනත මගින් වංචාවට සහ දූෂණයට එරෙහිව සටන් කිරීමට ඉතා ශක්තිමත් නීති රාමුක් සකස් කොට ඇති අතර එම නීති රාමුව හරියාකාරව ක්‍රියාත්මක කිරිමෙන් වංචාවට සහ දූෂණයට එරෙහිව සටන් කිරීමට විධිමත් රාමුවක් සපයනු ලබයි. මෙහිදී වැදගත් වන්නේ දූෂණට විරුද්ධව කටයුතු කිරීම අඛණ්ඩව සිදුවිය යුතු වීමයි. එමෙන්ම, නිතීයේ ආධිපත්‍ය සුරක්ෂිත කිරිම ද අඛණ්ඩව සිදුවිය යුතු වේ. වංචාවට සහ දූෂණයට විරුද්ධව නව රජය ගෙනයන වැඩපිළිවෙළ අගය කළයුතු අතර වඩාත් විනිවිදභාවයකින් යුතුව එවැනි දෑ ක්‍රියාත්මක වීම වැදගත් වේ.
ව්‍යාපාරික සහ ආයෝජන පරිසරය යහපත් කිරීමට අවශ්‍යවන පියවර කඩිනමින් ක්‍රියාත්මක කිරිම කළ යුතුව ඇත. මෙන්ම, 2025 වර්ෂයේ දී රජය විසින් යෝජනා කරන ලද ඩිඡිටල්කරණය වේගවත් කිරීම ද වඩාත් යහපත් ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමට ඉවහල් වේ. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයන්ට අනුව රජය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 5 ක පමණ සෘඡු විදේශ අයෝජන අපේක්ෂා කරනු ලබයි. පසුගිය දශක තුන පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පෙනීයන කරුණක් වන්නේ සාමාන්‍ය වාර්ෂික විදේශ ආයෝජන ලැබීම් ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වූ බවයි.
ඒ අනුව ඇමරිකානු ඩොලර් 5 ක වාර්ෂික සෘඡූ විදේශ ආයෝජන ආකර්ෂණය කළ හැක්කේ පවත්නා අයෝජන පරිසරය රැඩිකල් වෙනසකට ලක් කිරීමෙනි. මෙරට ආයෝජන පරිසරය කෙටි කාලයක් තුළ ලොව ප්‍රධාන පෙළේ ආයෝජන ගමනාත්ත මට්ටමට ගෙන ඒම දුෂ්කර නමුත් අවම වශයෙන් එම ගමනාන්තවල මූලික ගුණාංග සපුරා ගැනීමට කටයුතු කළ යුතුව ඇත. මෙහිදී සිංග්පූරුව, වියට්නාමය, කොස්ටරිකා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මෙක්සිකෝව වැනි රටවල ආයෝජන පරිසරයන් හී මූලික ගුණාංග පිළිබදව අවධානය යොමු කිරිම වැදගත් වේ. ගෝලීය ආර්ථිකය තුළ ඉහළ අවිනිශ්චිතතාවක් පවතින අතර වෙළෙඳාම සහ ආයෝජන පරිසරය වඩාත් ආරක්ෂණවාදී ස්වරූපයක් ගනිමින් පවති.
එපමණක් නොව විදේශ ශ්‍රම වෙළෙඳපොළ මෙන්ම සංක්‍රමණික අවස්ථා ද සීමා වෙමින් පවතී. මෙවැනි වෙනස් වීම් මගින් මූලික වශයෙන්ම පෙන්නුම් කෙරෙන්නේ සංවර්ධනය වෙමින් පවතින කුඩා ආර්ථිකයන්ට පසුගිය දශක 3-4 තුළ විවෘත ව පැවති සංවර්ධන අවස්ථා (සංවර්ධිත රටවල වෙළෙඳපොළට පිවිසීම, විදේශ අයෝජන ලබා ගැනීම, විදේශ රැකිය සඳහා යොමු වීම, විදේශ ආධාර වැනි) ක්‍රමයෙන් සීමා වෙමින් පවතින බවකි. එවැනි සීමාකිරීම් පැවතිය ද ගෝලීය ආර්ථිකය සමඟ ගැටනොගැසුණු ආර්ථික සංවර්ධනයක් පිළිබඳව කුඩා ආර්ථිකයන්ට සිතීමට නොහැකිය. ඇති වෙමින් යන ගෝලීය වෙනස්කම් ද සැලකිල්ලට ගනිමින් ඉදිරි ඇයවැය තුළ ඉහත දක්වා ඇති ගැටලු ආමන්ත්‍රණය කිරීමට පියවර ගැනීම කළ යුතුව ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අයවැය අභියෝග: හිතකර ආයෝජන පරිසරයක කාලීන අවශ්‍යතාව