IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අයවැයත් එක්ක බිස්නස් හොඳ වේවි

දීර්ඝ කාලයක සිට රූපලාවණ්‍ය ක්‍රීම් වර්ග අලෙවි කරන ව්‍යාපාරිකයකු මෙවර ‘මේ දවස්වල බිස්නස් කොහොමද’ විශේෂාංගය සඳහා එක්කරගත්තෙමු. ඔහු නමින් චරිත් ප්‍රිය ධම්මිකය.
ඒකල පවත්වාගෙන යන අමීෂා බියුටි පෞද්ගලික සමාගමට අමතරව සවුන්ඩ් ව්‍යාපාරයක ද ඔහු යෙදී සිටියි. ඊට අමතරව සන්ෆලවර් තාල් සංගීත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේද ඔහුය.
දැනට අමීෂා බියුටි ක්‍රීම් ආයතන හතරක් පවත්වාගෙන යන මට්ටමට තම ව්‍යාපාර ජාලය පුළුල් කරගෙන තිබේ. දැනට සේවකයෝ 15ක් පමණ චරිත් ළඟ සේවය කරති.

Q: මේ දවස්වල බිස්නස් කොහොම ද?
“මේ දවස්වල බිස්නස් ටික ටික හැදීගෙන එනවා. පසුගිය කාලේ ඒ කියන්නේ තෙල් නැති කාලේ අපේ ව්‍යාපාර විවෘත කිරීම ගැන ලොකු ගැටලුකාරි තත්වයක් ඇති වුණා. ඒ නිසා අපට වගේම පාරිභෝගිකයාටත් අපව හොයාගෙන ඒම ගැටලුවක් වුණා. ඒ කාලේ වැටුණු ව්‍යාපාර දැන් තමයි පොඩ්ඩ පොඩ්ඩ හැදීගෙන එන්නේ. 
දැන් ගොඩක් අය ආහාර පාන වගේම තමන්ගේ ලස්සන ගැනත් හිතනවා. ඒ නිසා ක්‍රීම් වර්ග ගැන ජනතාවගේ උනන්දුවක් තිබෙනවා. විවිධ වර්ගයේ සන්නාමවලින් ඕනෑම ක්‍රීම් වර්ගයක් මං ළඟ තියෙනවා.”


Q: බිස්නස් වැඩි වෙන්න හේතුව මොකක් කියලා ද හිතන්නේ?
“අරගලයක් රටේ ඇති වුණේ ඒ ආර්ථික තත්වය ජනතාවට දරා ගැනීමට නොහැකි වූ නිසා. එතැනින් පස්සේ රට ආපසු නැගිටීමකට ලක්වෙමින් තිබෙනවා. පසුගිය ආණ්ඩුවල ක්‍රියාකාරිත්වය මේ රට මේ තරම් පහළට වැටෙන්න හේතුවක් වුණා. තෙල් ප්‍රශ්නය විසඳුණාම දැන් නැවත මේ රට ඉදිරියට එමින් තිබෙනවා. ජනතාවගේ අතේ සල්ලිත් දැන් ගැවසෙන බවත් පේනවා.
පසුගිය දවසේ ඉදිරිපත් වූ අයවැයත් එක්ක රටට හොඳ කලක් යාවි යැයි හිතනවා. පසුගිය කාලේ රැකියා බොහෝ ප්‍රමාණයක් නැති වුණා. දැන් ඒවා නැවත නිවැරැදි වෙමින් යනවා. හැමදේම එක්ක යම් සුභවාදි පැත්තක් දකිනවා. සතුටින් බිස්නස් එක කරගෙන යනවා.”

අමිල චින්තක ගමගේ



අදහස් (0)

අයවැයත් එක්ක බිස්නස් හොඳ වේවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site