ශ්රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පළාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් දකුණු පළාත මූලික කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපාය මාර්ග සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සඳහා දකුණු පළාත් දායකත්වය වඩාත් විධිමත් සහ කාර්යක්ෂම ලෙස ලබා ගැනීම පිණිස ප්‍රාදේශීය සම්පත් අපනයන කර්මාන්තවලට යොදා ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය. එමෙන්ම, මාතර දිස්ත්‍රික් ලේකම් හා එම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අපනයන සංවර්ධන නිලධාරින් දැනුවත් කිරීමද එහි ප්‍රධාන අරමුණු විය.
මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල, මාතර දිස්ත්‍රික්යේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ , අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා ඩී. ධර්මසේන, ප්‍රාදේශීය සංවර්ධන අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ඩී.එම්.පී. දිසානායක යන මහත්ම මහත්මීන් අපනයන සංවර්ධන මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් සහ දකුණු පළාතේ අපනයනකරුවන් සහභාගී විය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් අපනයන ඉලක්ක කර ගත් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සහ එය අධීක්ෂණය කිරීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. තවද, එක් අරමුණක් කරා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන ලදී.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා තනිව තනිව දකුණු පළාතේ සියලුම අපනයන සංවර්ධන නිලධාරීන් සමග සාකච්ඡා කළ අතර, එහිදී ඔවුන් මුහුණ දෙන අභියෝග, යෝජනා සහ ඉදිරි අපනයන ඉලක්ක සම්බන්ධයෙන් දීර්ඝ සංවාදයකට ලක් විය. අනෙකුත් පළාත්වලද ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අපනයන සංවර්ධනයට පළාත් මට්ටමෙන් විධිමත් වැඩපිළිවෙළක්