IMG-LOGO

අපනයන ප‍්‍රජාව සවිබල ගැන්වීමට NDB බැංකුවෙන් වැඩමුළුවක්

  • ​සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අපනයනකරුවන් කිරීමට මග පෙන්වීමක්

ශ‍්‍රී ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය වෙනුවෙන් ක‍්‍රියාත්මක කළයුතු උපාය මාර්ග සහ ඒ සඳහා ඇති අවස්ථා සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳාමේ ප‍්‍රධාන පාර්ශවකරුවන් වන අපනයනකරුවන් සහ එම ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානීන් එකතු කරමින් NDB බැංකුව අපනයනකරුවන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුවක් පසුගියදා ජා-ඇල රම්රිච් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. 

වයඹ කලාපය නියෝජනය කරන ප‍්‍රධාන පෙළේ අපනයනකරුවන්  රැසක් සහභාගී වූ මෙම වැඩසටහන, අපනයන ප‍්‍රජාව තුළ ව්‍යාපාර වර්ධනය සහ නවෝත්පාදන පෝෂණය කිරීම සඳහා  NDB බැංකුවේ ඇති කැපවීම පිළිබඳ අවධාරණය කරයි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ප‍්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහනේදී ඒ මහතා විසින් ආරාධිත දේශනය පැවත්වන ලදී. අපනයන පිළිබඳ රජය දක්වන අවධානය සහ ප‍්‍රතිපත්ති, ක්ෂේත‍්‍රය පිළිබඳ දැක්ම, අනාගත ඉලක්ක සහ ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳාමේ තරගකාරී ක‍්‍රියාකරුවකු ලෙස ස්ථානගත කිරීම අරමුණු කරගත් මුලපිරීම් ඉස්මතු කරමින්, රටේ ආර්ථිකය මෙහෙයවීමේදී අපනයනකරුවන්ගේ ප‍්‍රධාන කාර්යභාරය අවධාරණය කළේය.

NDB බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ, මධ්‍ය වෙළෙඳපොළ සහ ව්‍යාපාරික බැංකුකරණ අංශයේ උපසභාපති ඉන්දික රණවීර මහතා විසින් අපනයනකරුවන් සඳහා සහාය දැක්වීමට සහ ඔවුන් සවිබල ගැන්වීමට NDB බැංකුවේ අඛණ්ඩ උත්සාහය පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී. අභියෝගාත්මක ගෝලීය පරිසරය තුළ අපනයනකරුවන්ට දියුණු වීමට අවශ්‍ය උපකාර කිරීම සඳහා සකස් කරන ලද මූල්‍ය විසඳුම්, උපදේශන සේවා සහ ව්‍යාපාරික ධාරිතා වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ඇතුළුව බැංකුව විසින් පසුගිය වසර කිහිපය පුරා ක‍්‍රියාත්මක කළ වැඩසටහන් පිළිබඳවද අදහස් පළ කරන ලදී. ඒ සමඟම ඉදිරි වසර සඳහා බැංකුවේ සැලසුම් පිළිබඳ දළ විශ්ලේෂණයක් ද ලබා දුන් අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සාර්ථක අපනයනකරුවන් බවට පරිවර්තනය කිරීමට එහිදී අවධානය යොමු කළේය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සිට අපනයනකරු දක්වා වූ ගමන් මඟ තුළ ඉදිරියට යාම පිළිබඳ ඔහු ඉදිරිපත් කළ උපදෙස් පැමිණි ව්‍යාපාරික ප‍්‍රජාවට වඩා වැඩි වටිනාකමක් එක් කරන ලදී.

උත්සවයේ විශේෂත්වය වූයේ අපනයනකරුවන්ට අත්‍යවශ්‍ය වන, තීරණාත්මක මාතෘකා රාශියක් ආවරණය කළ ආකර්ෂණීය සාකච්ඡා මණ්ඩපයයි. NDB බැංකුවේ ව්‍යාපාර බැංකුකරණ අංශයේ ප‍්‍රධාන කළමනාකරු නිලේන්ද්‍ර විතානගේ විසින් මෙම සාකච්ඡාව මෙහෙයවන ලදී. මෙම සාකච්ඡාවේදී ජාත්‍යන්තරය ජයගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාර සඳහා අවශ්‍ය කරන දැනුම සහ විවිධ විසඳුම් පිළිබඳ සාකච්ඡා කරමින් වෙළෙඳ මූල්‍ය පහසුකම්, ව්‍යාපාරික බැංකුකරණය, ඩිජිටල් බැංකුකරණය සහ විනිමය හුවමාරු සේවා වැනි මාතෘකා රැසක් ආවරණය කරන ලදී. 



අදහස් (0)

අපනයන ප‍්‍රජාව සවිබල ගැන්වීමට NDB බැංකුවෙන් වැඩමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 190 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 696 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1096 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site