IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අපනයනකරුවෝඉන්දියාවෙන් පස් වසරක තීරුබදු රහිත ප්‍රවේශ ඉල්ලති

 

  • ලංකාවේ වාර්ෂික අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 16.5 ක් 
  • ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 3.8 ක්
  • ඉන්දියාව ඔවුන්ගේ නිෂ්පාදන සඳහා තීරුබදු රහිත ප්‍රවේශය රටවල් රැසකින් ඉල්ලා සිටි කාලයක් තිබූණා
  • රටේ විදේශ විනිමය ඉපැයීම් ශක්තිමත් කර ගැනීමට තීරුබදු රහිත ප්‍රවේශය වේදිකාවක්
  • ගෝලීය දර්ශකයේ ඉන්දියාව ආර්ථික වර්ධනය අතින් ඉදිරියෙන් සිටිමින් අවශ්‍ය වූ විට ශ්‍රී ලංකාවට තීරණාත්මක සහායක්ද ලබාදෙයි

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලාංකික නිෂ්පාදනවලට ඉදිරි වසර පහක කාලය සඳහා ඉන්දියාව තීරුබදු රහිත ප්‍රවේශය ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය ඊයේ (03) යෝජනාවක් ඉදිරිපත් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (04) ආරම්භ කරන තෙදින නිල සංචාරයට පෙර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මෙම ඉල්ලීම කළේය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සියලු‍ම නිෂ්පාදන සඳහා තීරුබදු රහිත ප්‍රවේශය ලබා දීම සහ තීරුබදු නොවන බාධක අඩු කිරීම ඉන්දියාවට විශාල වශයෙන් බලපෑමක් ඇති නොකරනු ඇති බව එම මණ්ඩලය පැවැසුවේය.
ඇමෙරිකානු ඩොලර් බිලියන 16.5 ක් අපනයන ආදායමක් ඇති කුඩා දුපතක් වන ශ්‍රී ලංකාවෙන් ආර්ථිකයට එල්ල වන බලපෑම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.8 ක දළ දේශීය නිෂ්පාදිතයක් ඇති ලොව වැඩිම ජනගහණයක් සිටින රට වන ඉන්දියාවට නොසලකා හැරිය හැකි බව ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය ප්‍රකාශ කළේය.
ඉන්දියාව ඔවුන්ගේ නිෂ්පාදන සඳහා තීරුබදු රහිත ප්‍රවේශය රටවල් රැසකින් ඉල්ලා සිටි කාලයක් තිබූ බවත් ශ්‍රී ලංකාව සිටින විශේෂයෙන් මෙම තීරණාත්මක මොහොතේදී ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ නිහතමානී ඉල්ලීම ඉන්දියාව සතුටුදායක ලෙස නිසියාකාරව සලකා බලනු ඇති බවට කිසිදු සැකයක් නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එවැනි ආශිර්වාදයක් අපේ ජාතියට අවශ්‍ය අපනයන වර්ධනය අත්කර ගැනීමට උපකාරී වනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විශ්වාස කරන බවත් අපනයන වර්ධනය වේගවත් කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට විදේශ මූල්‍ය ආයතන සහාය දක්වන මෙම අවස්ථාවේදී රටේ විදේශ විනිමය ඉපැයීම් ශක්තිමත් කර ගැනීමට තීරුබදු රහිත ප්‍රවේශය වේදිකාවක් වනු ඇති බවත් ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් විණ. ඉන් රටේ විදේශ විනිමය ඉපැයීම් ශක්තිමත් වනු ඇති බවද ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය පැවැසුවේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ශක්තිමත් බැඳීම සියවස් ගණනාවක් පුරා දිවයන බවත් එම බැඳීම ගොඩනැගී ඇත්තේ සෙලවිය නොහැකි අත්තිවාරමක් මත බවත් එම මණ්ඩලය ප්‍රකාශ කළේය. බුද්ධාගම, ගෘහ නිර්මාණ ශිල්පය, සංගීතය, සංස්කෘතිය, වෙළෙඳාම වැනි ගැඹුරු මූලයන් සමඟ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා ගොඩ නැගී ඇතැයි ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් විණ.
දෙරට අතර පවතින බැඳීම පිළිබඳ වඩාත්ම ප්‍රශංසනීය දෙය නම් දශක ගණනාවක සිට දෙරට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ භුක්ති විඳීම බවද එම නිවේදනය දැක්වේ. ඉන්දියාව අපගේ ආසන්නතම අසල්වැසියා, සමීප සගයා ලෙස සිටීම තරමක් සැනසිලිදායක කරුණක් මෙන්ම ආඩම්බරයක් බවද එම නිවේදනයේ සඳහන් වේ.
ගෝලීය දර්ශකයේ ඉන්දියාව ආර්ථික වර්ධනය අතින් ඉදිරියෙන් සිටිමින් අවශ්‍ය වූ විට ශ්‍රී ලංකාවට තීරණාත්මක සහායක්ද ලබාදෙන බව ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය පැවැසුවේය. අවශ්‍ය වූ විට මූල්‍ය, සෞඛ්‍ය සේවා, ආහාර සැපයුම්, උපායමාර්ගික ආයෝජන වශයෙන් එම සහාය ලබාදී ඇති බවද අපනයනකරුවන්ගේ මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්විණ. එසේම ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන්නේද ඉන්දියාවෙන් බව එම නිවේදනයේ දැක්වේ.



අදහස් (0)

අපනයනකරුවෝඉන්දියාවෙන් පස් වසරක තීරුබදු රහිත ප්‍රවේශ ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site