අපනයන ක්ෂේත්‍රයට සහ රටේ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂ දායකත්වයක් ලබාදෙන අපනයනකරුවන් ඇගැයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත්දා (7) පැවැත්විණි.
එහිදී සම්මාන ලැබූ අපනයනකරුවන් ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
අංජුල මහික වීරරත්න
ශ්‍රී ලාංකික ව්‍යවසායන්ට සහ කර්මාන්තකරුවන්ට නව වෙළෙඳපොළ සහ අලුත් ආයෝජන අවස්ථා ලබා ගැනීමට හැකිවන පරිදි තානාපති සේවා මුළුමනින්ම ප්‍රතිසංස්කරණයට ලක් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
තමා හෝ තම කැබිනට් මණ්ඩලයේ කිසිම කෙනෙක් ව්‍යාපාර කරන්නේ නැතැයි කී ජනාධිපතිවරයා, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත්, සීසර්ගේ දේ සීසර්ටත් හිමි විය යුතු බව සඳහන් කළේය. මෙම කාරණය පටලවා ගන්නේ නැතැයි කී ජනාධිපතිවරයා, රජයේ අපේක්ෂාව අපනයනකරුවන්ට අවශ්‍ය වන සහය ලබාදීම බව කීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධාන කළ මෙම උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ලංකා රාජ්‍ය කාලයක් නාස්තිකාර දරුවෙක් ලෙස සිටි නිසා ‘‘මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ නිශ්චිත පරාමිතීන් ගණනාවක් අපට ඉදිරිපත් කර තිබෙනවා. අප ඒ පරාමිතීන් බිඳිනවා නම් තිබෙනවාට වඩා වැඩි අර්බුදකාරී තත්වයක් නිර්මාණය වන බවද ජනාධිපතිවරයා කීය.
2025 වසරේ අපගේ ආදායම ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15.1ක රඳවා ගත යුතුයි. එමෙන්ම අපගේ ප්‍රාථමික ගිණුම 2.3ක ධන අතිරික්තයක් ආරක්ෂා කරගත යුතුයි.
අප නැවත නැගිටිනවා නම් ඒ අත්තිවාරම අවශ්‍යයි.
සමහර තීන්දු තීරණ ඔබගේ ව්‍යාපාරයේ ඉදිරි ගමනට බලපාන බවත් අප දන්නවා. එහෙත් අපි අත්තිවාරම සමගම බිඳ වැටෙනවාද? අත්තිවාරම මත සිටගෙන නැවත නැගිටින්නට උත්සාහ කරනවාද කියා සිතිය යුතුයි. අනිවාර්යයෙන්ම අප හිතකර නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යා යුතුයැයි ද” ජනාධිපතිවරයා මෙහිදී කීය.
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූයේ, ලබන වසර වන විට අපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 18කුත් 2030 වන විට කර්මාන්ත සේවා ක්ෂේත්‍රයේ පමණක් අපනයන ආදායම ඩොලර් බිලියන 36කුත් අපේක්ෂා කරන බවයි.
සංචාරක ක්ෂේත්‍රයත් සමග එකතු කොට ඩොලර් බිලියන 45 ක අපනයන ඉලක්කයකට යාමට දරන උත්සාහය අසීරු ඉලක්කයක් ලෙස පේන්න පුළුවන් බවද අමාත්‍යවරයා කීය.
කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ශ්රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අනිවාර්යයෙන්ම හිතකර නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යන්න ඕනෑ