IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අනාගත ව්‍යවසායකයන් පෝෂණය කිරීමට හේමාස් සහ Hatch එකතුවෙන් Hemas x Hatch “Slingshot” 2.0

 

 

හේමාස් සහHatch විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද Hemas x Hatch “Slingshot” 2.0 Accelerator  වැඩසටහන, මෙරට අධ්‍යාපනික-තාක්ෂණය  (Edu-tech),  සෞඛ්‍ය සත්කාරක තාක්ෂණය සහ පාරිභෝගික භාණ්ඩ (FMCG),   යන කර්මාන්තය තුළ වඩාත් බලාපොරොත්තු තැබිය හැකි ව්‍යාපාර කිහිපයක් හඳුන්වා දෙමින් සහ සාර්ථක ප්‍රදර්ශන දිනයක්  (Demo Day)   පවත්වමින් පසුගියදා අවසන් කළේය.

මෙහි අවසන් තරඟකරුවන් අට දෙනා අතරින් පාරිභෝගික කැමැත්ත අනුව සක්‍රිය කළ හැකි ”‍ආබාධිත පුද්ගලයන් සඳහා අවශ්‍ය උපකරණ”‍ සපයන පුරෝගාමී සමාගමක් වන Wheelchair House  ජයග්‍රාහකයා ලෙස තේරී පත් විය. අනුශූරතාව දිනාගනු ලැබුවේ විද්‍යුත් ක්‍රීඩාව පදනම් කර ගත් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය වේදිකාවක් වන Exam Hub විසිනි. කර්මාන්ත ප්‍රමුඛයන්ගේ සහ ආයෝජකයන්ගේ අවධානය සහ පිළිගැනීම ලබා ගැනීමට හැකි සුවිශේෂී නවෝත්පාදන සහ කුසලතා රැසක් මෙම සමාගම් විසින් ප්‍රදර්ශනය කළේය.

මෙම අවස්ථාවට සම්බන්ධවෙමින් හේමාස් හෝල්ඩිංග්ස් පී එල් සී හි ප්‍රධාන ක්‍රමෝපාය හා වර්ධන නිලධාරි රිස්නි ෆයිසාල් මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ නවෝත්පාදන පෝෂණය කරමින් මීළඟ පරම්පරාවේ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා අප දක්වන කැපවීමේ සාක්ෂියක් ලෙසHemas x Hatch “Slingshot” 2.0  හැඳින්විය හැකියි. මේ ඔස්සේ අපි නව ව්‍යාපාර ආරම්භයට පමණක් නොව, නිර්භීත අදහස් සාර්ථක කරගැනීමට, ගොඩනැංවීමට මෙන්ම දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකි පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට ද අපගේ සහය ලබාදෙනවා. Wheelchair House සහ Exam Hub ඇතුළු Hemas x Hatch “Slingshot” 2.0  හි සියලු‍ම අවසන් තරඟකරුවන්ගේ සාර්ථකත්වයෙන් ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ සුවිශේෂී කුසලතා මැනවින් ඉස්මතු කරන අතර ඔවුන්ගේ පරිවර්තනීය හා වර්ධනීය ගමනට සහයෝගය ලබාදෙමින් දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට ලැබීම පිළිබඳ අපි නිහතමානිව සතුටු වෙනවා.”

Hemas x Hatch “Slingshot” 2.0 ඔස්සේ සහභාගීවූවන් වෙත ව්‍යාපාර ගොඩනැංවීමට ඉවහල් වන උපායමාර්ගික මාර්ගෝපදේශනය මෙන්ම කර්මාන්ත පිළිබඳ අවබෝධය ද ලබා දෙන ලදී. මෙම නව ව්‍යවසායකයන් පසුගිය මාස 06 තුළදී ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, මෙහෙයුම් විධිමත් කිරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර ආකෘති සහ වර්ධන උපාය මාර්ග පිළිබඳ ප්‍රායෝගික ඉගෙනීම්වලට යොමු කළ අතර, කර්මාන්ත පිළිබඳ ගැඹුරු අධ්‍යයන සහ ක්ෂේත්‍ර චාරිකාවල ද ඔවුහු නිරත වූහ.

ශූරතාව දිනාගත් Wheelchair House , අනුශූරතාව දිනූ Exam Hub  මෙන්ම Ophtha Innovations, Bistec Care, Four Elements, Phrasecode, Beautonic, Aagee.AI  ආදී ආරම්භක සමාගම් රැසක් Demo Dayදී තම ප්‍රගතිය ඉහළින්ම පෙන්නුම් කළේය.

හේමාස් හි ව්‍යාපාරික විශේෂඥයන් සහHatch ජාලයේ ව්‍යාපාරික උපදේශකයන් විසින් මෙම වැඩසටහන පුරාවටම සිය විශේෂඥ දැනුම හුවමාරු කරගනිමින් ව්‍යාපාර ගොඩනැංවීම සහ එහි තිරසාරභාවය පිළිබඳ ඒ ඒ ව්‍යාවසායකයන්ට ගැළපෙන පරිඳි මග පෙන්වීමක් ලබා දෙන ලදී.

ආයෝජකයන්, ආයතනික නායකයන් සහ ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායක පද්ධතියේ ප්‍රමුඛයන් ආදී රැසක් Hemas x Hatch “Slingshot” 2.0 වැඩසටහන යටතේ ඒකරාශී වූ අතර ආරම්භක ව්‍යාපාර සඳහා ඔවුන්ගේ ප්‍රගතිය ප්‍රදර්ශනය කිරීමට මෙන්ම නව වර්ධන අවස්ථා විවෘත කිරීමට ප්‍රබල වේදිකාවක් මේ ඔස්සේ නිර්මාණය කරන ලදී.

මේ පිළිබඳ සිය අදහස් එකතු කරමින් Hatch හි ප්‍රධාන විධායක නිලධාරී මෙවන් පීරිස් මහතා මෙසේ ප්‍රකාශ කළේය. ”‍ආරම්භක ව්‍යාපාර ක්ෂේත්‍රය පසුගිය දශකය තුළදී වේගයෙන් වර්ධනය වී ඇති ඉන්දියාව වැනි රටවලින් අපට විශිෂ්ට අවධානයක් යොමු වී තිබෙනවා. මෙම පරිවර්තනය බොහෝදුරට මෙහෙයවනු ලැබුවේ පර්යේෂණ සහ සංවර්ධන, නවෝත්පාදන සහ ව්‍යවසායක සහාය සඳහා සැලකිය යුතු ආයෝජන කිරීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති සමාගම් මගිනි. මෙම ප්‍රවේශය ඔස්සේ ආරම්භක ව්‍යාපාරවල වර්ධනය වේගවත් කිරීම පමණක් නොව, වඩාත් කාර්යක්ෂම සහ නව්‍යකරණයෙන් යුත් සමාගම් ලෙස නැගීමේ හැකියාව ද ලබා දී තිබෙනවා. අවසාන වශයෙන්, එය නව ව්‍යාපාර අවස්ථා විවෘත කිරීමට සහ නව වටිනාකම් නිර්මාණය කිරීම සඳහා ද ආර්ථිකය වෙත පුළුල් ප්රතිලාභයක් ලබා දී තිබෙන බව සඳහන් කළ හැකියි.”‍

 



අදහස් (0)

අනාගත ව්‍යවසායකයන් පෝෂණය කිරීමට හේමාස් සහ Hatch එකතුවෙන් Hemas x Hatch “Slingshot” 2.0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site