IMG-LOGO

අඩුපාඩු අඩු නැති අම්බලන්ගොඩ ධීවර කර්මාන්තය

අනාරක්ෂිතව ළං ළංව ගාල්කර ඇති ධීවර යාත්‍රා


  •  ධීවර වරායට අදාළ බලධාරීන්ගෙන් ලැබිලා තියෙන්නේ කුඩම්මාගේ සැලකිලි
  • කිසිම පොදු පහසුකමක් වරායේ නැහැ
  • ධීවර වරායේ පතුලේ තැන්පත් වෙලා තියෙන වැලි හාරන්න යන්ත්‍රයක් ගෙනල්ලා අවුරුද්දක්.එක වැලිකැටයක් ගොඩ දැමා නැහැ
  • යන්ත්‍රයේ සේවය කරන තුන් දෙනකුටම වැටුප් නම් ගෙවනවා
  • ඇතැම්  අඩුපාඩු ධීවර යාත්‍රාවලට ලොකු හානියක්
  • අඩුපාඩු හදලා හොඳ වරායක් බවට පත් කරන්න තවමත් ප්‍රමාද නැහැ
  • ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා කිහිප අවස්ථාවක් ආවා ගියත් අඩුපාඩු තාමත් එහෙමයි

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


අම්බලන්ගොඩට ආවේනිකවූ පාරම්පරික කර්මාන්තයන් රැසකි. වෙස් මුහුණු,රූකඩ, ධීවර යන කර්මාන්ත ඒ අතරින් කිහිපයකි. එදා මේ කර්මාන්තවලින් අම්බලන්ගොඩට ආවේ අමුතුම එළියකි. මේ කර්මාන්ත නිසාම අම්බලන්ගොඩ බැබළුණු අවස්ථා නැත්තේද නොවේ. අද තත්වය වෙනස්ය. 

අම්බලන්ගොඩට ආවේණිකවූත් ,පාරම්පාරිකවූත් කර්මාන්ත අතර එදා ධීවර කර්මාන්තයට හිමිව තිබුණේ සුවිශේෂී ස්ථානයකි. රටේ විවිධ ප්‍රදේශවලින් ලොරි පැමිණියේ අම්බලන්ගොඩ ධීවරයන් නෙළා ගත් මාළු අස්වැන්න පටවාගෙන යාමටය. රටේම බතට අවශ්‍ය මාළු අස්වැන්න අවශ්‍ය තරම් ලබා දුන්නේය. එසේ තිබූ අම්බලන්ගොඩ ධීවර කර්මාන්තයටත් අද උදාවී ඇත්තේ අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තයට අත්වූ ඉරණමය. මෙයට හේතුවූ කරුණු කාරණා රැසකි.

අම්බලන්ගොඩ ධීවර කර්මාන්තයට කණ කොකා හඬමින් ඇත්තේ අම්බලන්ගොඩ ධීවරයන්ගේත් මාළු වයාපාරිකයන්ගේත් වරදින් නොවන බව මුලින්ම අවධාරණය කළ යුතුය. එහි වරද ඇත්තේ බලධාරීන්ගේය.
අම්බලන්ගොඩ ධීවර කර්මාන්තය රඳාපවතින ප්‍රධාන  ඒකක දෙකකි.ඉන් එකක් ධීවර වරායයි.  අනෙක මාළු වෙන්දීසි පොළය. මේ ප්‍රධාන ඒකක දෙක නිසි ආකාරයෙන් නොමැතිව අම්බලන්ගොඩ ධීවර කර්මාන්තය දියුණු කිරීම බොරුය. තමන්ට ජීවය දුන් මේ මර්මස්ථාන දෙක ගැන අම්බලන්ගොඩ ධීවරයනුත් මාළු ව්‍යාපාරිකයනුත් කතා කරන්නේ ලොකු කලකිරීමෙනි. මේ ඔවුන්ගේ කතාවය.


ධීවර ව්‍යාපාරික සුදන්ත ද සිල්වා මෙසේ කීවේය:-
අම්බලන්ගොඩ ධීවර වරායට අදාළ බලධාරීන්ගෙන් ලැබිලා තියෙන්නේ කුඩම්මාගේ සැලකිලි. ධීවර වරාය ආගාධයටම වැටිලා. කිසිම පොදු පහසුකමක් වරායේ නැහැ. වරාය බේසමක් වගේ වැලිවලින් පිරිලා. වැලිවලින් පිරිච්ච නිසා ධීවර යාත්‍රා ගාල් කරන්න විදිහක් නැහැ. ධීවර යාත්‍රා තියෙන්නේ එකට එක ළං ළංව. හදිසි රළක් හෝ ලොකු සුළඟක් හෝ ආවොත් ධීවර යාත්‍රාවලට දෙවියන්ගේම පිහිටයි. ධීවර යාතා එකිනෙක හැප්පිලා තුවාල වෙනවා. අවස්ථා කිහිපයකදී එහෙම වුණා. එවිට ලොකු ලොකු හානි අපේ ධීවර යාත්‍රාවලට වෙනවා. එතකොට ලොකු වියදම් අපිට යනවා. මේ කරදරය කරන්න බැරුව බොහෝ අය දැන් වරායේ ධීවර යාත්‍රාගාල් කරන්නේ ලොකු අකැමැත්තකින්. ඒකට හේතුව මේ වරායේ ඉඩමදිවීමයි. අපි කොච්චරනම් අදාළ බලධාරීන්ට මේ තත්වය කිව්වද . රට දියුණු කරන්න පුළුවන් කර්මාන්ත මෙසේ වැළලීයාමට ඉඩදීම ජාතියේ අවාසනාවක්.


භාතිය රාජපක්ෂ :-
අම්බලන්ගොඩ ධීවර වරායේ පතුලේ තැන්පත් වෙලා තියෙන වැලි හාරන්න යන්ත්‍රයක් ගෙනල්ලා බෑවා. මේ යන්ත්‍රය අම්බලන්ගොඩ ධීවර වරායට ගෙනැල්ලා අවුරුද්දක් වෙනවා. අපේ ධීවර වරායේ පතුලේ තැන්පත් වෙලා තියෙන එක වැලිකැටයක් මේකෙන් ගොඩ දැම්මේ නැහැ. එහෙත් මේ යන්ත්‍රයේ සේවය කරන තුන් දෙනකුටම වැටුප් ගෙවනවා. දැන් මේ යන්ත්‍රය අම්බලන්ගොඩ ධීවර වරාය තුළ අව්වට වේළෙමින්,වැස්සට තෙමෙමින් කරිජ්ජ සුළඟ වදිමින් විනාශ වෙවී යනවා. මේවට වගකියන්න ඕන කවුද.
වරාය පතුලේ වැලිවලින් ඇහිරීම නිසා ධීවර යාත්‍රා හිමියන් විදිහට අපි පත් වෙලා ඉන්නේ හරිම අසීරුතාවකට. අදාළ බලධාරීන් අපේ වරායේ තියෙන ප්‍රශ්න ගැන පොඩ්ඩක්වත් හිතට ගන්නේ නැහැ. වරාය නිකම්ම විනාශවෙලා යනවා.


හිනිදුමගේ ලෝලීම්බවංශ:-
අම්බලන්ගොඩට ධීවර වරායක් ලැබුණේ ධීවර කර්මාන්තය හොඳට කරගෙන යන්න. ඒ තුළින් රටේ බතට මාළු සපයන්න. ඒත් අපේ වරායෙන් දැන්නම් ඒක කරන්න කොහෙත්ම බැහැ. වරායේ අවම පහසුකම්වත් නැහැ. මාළු ටිකක් තියා ගන්න ශාලා දෙකක්ම තිබුණා. මේ ශාලා දෙකේම වහල සුළඟට ගියා. එම ​ෙගාඩනැගිලි දෙකේ ඉතුරු සෙවිලි තහඩු ඉතා අවදානම්ව තිබුණා. දැන් මේ ශාලා දෙකම අව්වට වේළෙමින් වැස්සට තෙමෙමින් විනාශවෙවී යනවා. පොඩි වැස්සකදී මුළු ධීවර වරායම යට වෙනවා. මේවා හදන්නේ නැද්ද. මේ ගැටලු අහන්න බලන්න කිසිම කෙනෙක් එන්නේ නැහැ.


ආර්.ජේ.සුනිල් :-
අපේ ධීවර වරායේ තියෙන ඇතැම්  අඩුපාඩු ධීවර යාත්‍රාවලට ලොකු හානි කරන ඒවායි. එම හානිවලට භාජනවූ ධීවර යාත්‍රා විශාල සංඛ්‍යාවක් ගොඩබිමේ තියෙනවා. මේවා අලුත්වැඩියා කරන්න විශාල මුදලක් යනවා. ඒ නිසා සමහරුන්ට වියදම දරා ගන්න බැරුව ධීවර යාත්‍රා අලුත්වැඩියා නොකර පැත්තකට දාලා තියෙනවා. අලුත්වැඩියාවකට ධීවර යාත්‍රාවක් ගොඩබිමට ගන්නත් විශාල වියදමක් ඕන. මේ ඔක්කෝම පාඩු ධීවර වරායේ තියෙන අඩුපාඩු නිසයි. 


ආර්.එම්.මහී  :-
කොච්චර හොඳට තිබූණු ධීවර වරායක් ද මේ විනාශවෙලා යන්න අතහැරලා තියෙන්නේ. අම්බලන්ගොඩ ධීවර කර්මාන්තය රඳා පවතින්න මේ ධීවර වරායත් එක හේතුවක්. අපේ වරායත් හරියට ඡන්ද ඔට්ටුවක් වගේ. ඡන්ද කාලෙට එක එක පක්ෂවල අය එනවා වරාය බලන්න. ඒ අය බලයට ආපු ගමන්ම ධීවර වරායේ අඩුපාඩු අඩු නැතිව ඉවත් කරනවා කියලා යනවා. දිනුවම මේ පැත්තවත් බලන්නේ නැහැ
මේ වරායේ අඩුපාඩු හදලා හොඳ වරායක් බවට පත් කරන්න තවමත් ප්‍රමාද නැහැ.


ඩබ්ලිව්.ඒ.සෝභිත රංජිත්:-
මේ  ආණ්ඩුවේ ගාලු දිසාවේ ඉන්න ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා කිහිප අවස්ථාවක් ආවා ගියා. එහෙත් ධීවර අඩුපාඩු ටික තාමත් එහෙමයි. ඒ අය ආවා ගියා කියලා අඩුපාඩු අඩුවුණේ නැහැ.
මාළු වෙන්දේසි පොළත් මිහිපිට අපායක් වගෙයි.නගර සභාවෙන් නිසිපරිදි කැළි කසළ ගෙනි යන්නේ නැහැ. මේ නිසා මාළු වෙන්දේසි පොළ අවට ඉවසිය නොහැකි දුර්ගන්ඳයක් නිතරම පවතිනවා. ඒ වගේම මාළු වෙන්දේසි පොළේ අවශ්‍ය අවම පහසුකම්වත් නැහැ. මෙහි තිබෙන අඩුපාඩු නිසා මාළු මිලදී ගැනීමට එන පාරිභෝගිකයන්ට විඳීමට සිදුවන ගැහැට,කම්කටලු එමටයි.
පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මෙසේ කීවේය.
අම්බලන්ගොඩ ධීවර වරායේ පවතින අඩුපාඩු සොයා බැලීමට මම එම වරායේ නිරීක්ෂණයකට ගිය බව ඇත්තයි. මම එම වරායට ගියේ එහි තියෙන අඩුපාඩු හඳුන ගන්නයි. ඒවා හඳුනගෙනයි තියෙන්නේ. එම අඩුපාඩු අඩු කරන්න සහ ඒවා ඉවත් කරන්න අවශ්‍ය කටයුතු සිදු කරමිනුයි ඉන්නේ. මාළු වෙන්දේසි පොළ අයිති අම්බලන්ගොඩ නගර සභාවටයි. ඒ පිළිබඳව අදාළ නගර සභාව දැනුම්වත් කරන්නම්.

 

වරාය මාර්ගය ජලයෙන් යටවී

වරායේ වහළ නැති ශාලාවක්

වරාය වැලිවලින් ඇහිරී



අදහස් (0)

අඩුපාඩු අඩු නැති අම්බලන්ගොඩ ධීවර කර්මාන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 382 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 839 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site