IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අඟුළු දැමීමත් සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සියයට 50කින් පහත වැටේ

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමත් සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් (ණයපත්) භාවිතය අඩු වී ඇතැයි වාර්තා වේ.

නව වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා සීමා පැනවීමත් සමඟ ජනතාව තම වියදම් අර පරෙස්සමෙන් කර ඇතැයි ද විශාල මිලදී ගැනීම් අඩු කර හෝ නවතා දමා හෝ ඇතැයි ද එක්සත් රාජධානියේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වෙළෙඳ සංගමයක් වන ‘‘යූ.කේ. ෆයිනෑන්ස්’’ සංගමය සඳහන් කරයි.

ලොක්ඩවුන් සීමා පනවා තිබූ අප්‍රේල් මාසයේදී ක්‍රෙඩිට් කාඩ්පත්වලින් කර ඇති වියදම ස්ටර්ලිං පවුම් බිලියන 8.7කි. එය පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී කරන ලද වියදමෙන් අඩක් යැයි ‘‘යූ.කේ. ෆයිනෑන්ස්’’ සංගමය පෙන්වාදෙයි.

පසුගිය ආර්ථික පසුබැසීමෙන් පසු මසක් ඇතුළත කරන ලද අඩුම වියදම මෙය යැයි ද පැවසේ.

ජනතාව සිය නිවාඩු කාලයේ කිරීමට අපේක්ෂාවෙන් සිටි බොහෝ දේ, විශේෂයෙන්ම සංචාරක කටයුතු, හෝටල් හා නිවාඩු නිකේතනවල වෙන් කිරීම් යනාදිය අවලංගු කිරීමට කටයුතු කිරීම ඊට ප්‍රධාන හේතු වී ඇත.

ග්‍රීෂ්ම ඍතුවේ ගමන් බිමන් යෑම්, නිවාසවලට විවිධ උපකරණ හා උපාංග මිලදී ගැනීම පාරිභෝගිකයෝ සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරති.

කොරෝනා වයිරසයෙන් තම රැකියාවලටත් මූල්‍ය තත්ත්වයටත් කොතරම් බලපෑමක් සිදුවනු ඇත්දැයි බොහෝදෙනා දැඩි අවිනිශ්චිත තත්ත්වයකින් පසුවෙති. ඒ හේතුවෙන් බොහෝ පිරිසක් මිලදී ගැනීම් සීමා කර ඇතැයි ද ‘‘යූ.කේ. ෆයිනෑන්ස්’’ සංගමය සඳහන් කරයි.

කඩසාප්පු වසා දැමීමත් සංචාරක සීමා පැනවීමත් යන කරුණු හේතුවෙන් ද බොහෝ දෙනා මිලදී ගැනීම් අත්හැර දමා ඇත.

බී.බී.සී. ඇසුරිනි

055



අදහස් (1)

අඟුළු දැමීමත් සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සියයට 50කින් පහත වැටේ

SHANAKA Thursday, 16 July 2020 05:03 AM

ලංකාවේ අප්‍රේල් මාසයේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය වැඩි බැංකුවලින් ලොකු වට්ටම් ලබාදීම නිසා බැංකු අවුරුද්ද පුරාම එහෙම සහන දෙන්නේ නැහැනේ... මේ පාර අප්‍රේල්වල එහෙම කිසිම සහනයක් තිබුණේ නැහැනේ...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site