IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අකුරැස්ස නගරයට සමුපකාර රෝහලක්

ක්‍රිෂාන් ජීවක ජයරුක්


මාතර සමුපකාර රෝහලට අනුබද්ධිතව අකුරැස්ස නගරයේ ඉදි කළ නව සමුපකාර රෝහල 11 වැනිදි විවෘත කළේය.

මාතර දිස්ත්‍රික් සමුපකාර රෝහල් ජාලයේ සභාපති චමින්ද ගුණසේකර මහතාගේ සංකල්පයකට අනුව ඉදි කළ අකුරැස්ස සමුපකාර රෝහල විවෘත කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ඩබ්ලිව්.ටී.කේ.රාජපක්ෂ මහතායි.

බාහිර රෝගී අංශය, නේවාසික ප්‍රතිකාර ඒකකය, ෆාමසී, රසායනාගාරය, චැනලින්, ස්කෑන් පරීක්ෂණ, ගිලන් රථ සේවා ආදී සියලු‍ පහසුකම්වලින් සමන්විත නව රෝහල පැය 24 පුරා රෝගීන් වෙනුවෙන් විවෘතව පවතී.
සේවකයන් 25 දෙනකුටත් අඩු ගණනකට වැටුප් ගෙවා ගත නොහැකිව වසා දමා තිබූ මාතර සමුපකාර රෝහල සංවර්ධනය කොට දිස්ත්‍රික්කය පුරා රෝහල් ශාඛා ව්‍යාප්ත කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ වත්මන් සභාපති චමින්ද ගුණසේකර මහතායි.

ඔහුගේ නායකත්වය යටතේ අද වන විට මාතර සමුපකාර රෝහලේ සේවක සේවිකාවන් 500 කට අධික පිරිසක් සේවය කරන අතර සියලු‍ පහසුකම් වලින් ද එම රෝහල ශක්තිමත් කර ඇත.

මීට මාස තුනකට පෙර කඹුරුපිටිය නගරයේ ද නව සමුපකාර රෝහලක් මාතර සමුපකාර රෝහලට අනුබද්ධිත විවෘත කෙරිණි. ඊට අමතරව හක්මන නගරයේ හා අපරැක්ක ප්‍රදේශයේ ද තවත් සමුපකාර රෝහල් දෙකක් ඉදි කර තිබෙන අතර එම රෝහල් දෙකද මෙම මාසය අවසානයේ දී විවෘත කිරීමට නියමිතය.

උත්සව සභාව අමතමින් සීමාසහිත අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ඩබ්ලිව්.ටී.කේ රාජපක්ෂ මහතා මෙසේ කීය.

“අකුරැස්ස පුරවරයට අද සුවිශේෂී දවසක්. සෞඛ්‍ය හා අධ්‍යාපනය කියන්නේ ජනතාවට අත්‍යවශ්‍ය සාධක දෙකක්. වල්වැදිලා සේවක පඩි නඩි ගෙවා ගන්න බැරිව අර්ථ සාධක ගෙවා ගත නොහැකිව වසා දමා තිබු මාතර සමුපකාර රෝහල අතට ගෙන අද වන විට සුරපුරයක් වගේ තැනක් බවට පත් කළේ වත්මන් සභාපති චමින්ද ගුණසේකර මහතායි. අකුරැස්ස, දෙනියාය, කඹුරුපිටිය, හක්මන ආදී දුර බැහැර ප්‍රදේශවල ජනතාවගේ ලොකු ඉලීලීමක් තිබුණා මාතරට එන්න දුර බැඩියි. ඒ නිසා රෝහල් ශාඛා ඒ ප්‍රදේශවල ආරම්භ කරනාන කියලා.

ඒ අනුවයි චමින්ද ගුණසේකර සභාපති තුමා අද අකුරැස්ස නගරයේ මේ වගේ රෝහලක් ආරම්භ කළේ.මීට අමතරව කඹුරුපිටිය, හක්මන හා අපරැක්ක නගර වලත් රෝහල් ඉදි කර තිබෙනවා. මේක සුවිසල් වැඩක්. මේ වගේ වැඩක් චමින්ද ගුණසේකර සභාපතිතුමාට හැර වෙන කෙනෙක්ට කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. අකුරැස්ස හා දෙනියායේ මිනිසුන්ට සෞඛ්‍ය සේවාව ලබා ගන්න මාතරට හෝ ගාල්ලට යනාන සිද්ධ වුණා.

දැන් එහෙම ඕන නෑ. ඒ වගේම මේ ප්‍රදේශවල තරගකාරී මිලක් තිබුණේ නෑ. ඒකාධිකාරීත්වයක් ගොඩ නැගී තිබුණේ. අකුරැස්ස නව සමුපකාර රෝහලෙන් අඩු මුදලට වගේම වඩා උසස් ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් ලබා ගන්න ජනතාවට පුළුවන්.ඒ වෙනුවෙන් මම සුබ පතනවා.”

මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය මානෙල් ප්‍රශාන්ති, සිංගර් සර්විස් කළමනාකරු සනත් ජයසේකර, මාතර සමුපකාර රෝහලේ සාමාන්‍යාධිකාරී ඒ.සමරවික්‍රම, මානව සම්පත් කළමනාකාරිනී කල්පනී භාග්‍යා ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ 



අදහස් (0)

අකුරැස්ස නගරයට සමුපකාර රෝහලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site