IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආසියානු සංචාරකයන්ට ගුවන් තොටුපොළේදීම වීසා

(විනීතා එම් ගමගේ)
 
ආසියාතික රටවල සංචාරකයන් මෙරටට පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීමේ පහසුකම් සලසාදීම  පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇතැයි ක්‍රිස්තියානි කටයුතු වනජීවී හා සංචාරක කර්මාන්ත පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.
 
වීසා ලබා  ගැනීමේ පහසුකම පළමුව තායිලන්ත වැසියන්ට ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ස්වභාවය අනුව අනෙකුත් ආසියාතික රටවල් පිළිබඳව ද සලකා බලා කටයුතු කරන බවත් අමරතුංග මහතා කීවේය. 
 
ආසියානු රටවල සංචාරකයන් ගෙන්වා ගැනීමේ අරමුණින් මේ යෝජනාව ගෙන ආ බව කී අමාත්‍යවරයා සංචාරකයන් ගුවන් තොටුපලේ රස්තියාදු වීම අවම කිරීමත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් වැඩිකිරීමත් මෙහිදී සිදුවන බව ද කියා සිටියේය. 
 
තමන් මෑත දිනක දී තායිලන්තයේ සංචාරය කළ බව කී අමාත්‍යවරයා තායිලන්තයට බුදු දහම ගෙන ගියේ ශ්‍රී ලංකාවෙන් වුවත් එහි වැසියන් ශ්‍රී ලංකාව ඇති ස්ථානයවත් දන්නේ නැතැයි ද පැවැසීය. 
 
තායිලන්ත වැසියන්ගෙන් 90%ක් බෞද්ධයන් වන නිසා ඔවුන්ව ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ගෙන්වා ගත හැකි නමුත් අදාළ අංශ මේ පිළිබඳව උනන්දු වී නැතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය. 
 
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ රාමඩා හෝටලයේ අද (14) පැවති ශ්‍රී ලංකා හෝටල් සංගමය හා ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ සංගමය විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමිනි.   

 



අදහස් (9)

ආසියානු සංචාරකයන්ට ගුවන් තොටුපොළේදීම වීසා

yaha Thursday, 14 February 2019 09:59 AM

හොඳ වැඩක්, නමුත් ඉන්දියාව, පකිස්ථානය වගේ රටවල් වලට දෙන්න එපා.

:       1       121

chandima Thursday, 14 February 2019 12:49 PM

එනකොට චපාතිත් අරගෙන එන්න දෙනවද?

:       0       129

Perakum Thursday, 14 February 2019 03:39 PM

තායිලන්ත වැසියන් ශ්‍රී ලංකාව ඇති ස්ථානයවත් දන්නේ නැතැයි ඇමතිතුමා පවසා ඇත. මේ ඇමතිතුමා කතා කරන්නේ තායිලන්තය ගැනද, නැත්නම් වෙන රටක් ගැනද? අප දන්නා පරිදි සියම් රටේ (තායිලන්තයේ) ජනයාට ශ්‍රී ලංකාව ගැන ඉතා හොඳ අවබෝධයක් හා ගෞරවයක් තිබේ. හේතුව ඔවුන්ට බුදුදහම ලැබුනේ ලංකාවෙන් බැවිනි.

:       105       217

ChandimaSunday, 17 February 2019 10:35 PM

ඇමති මෙච්චරකල් පොල්ගෑවද තායිලන්තේ මිනිස්සුන්ට ලංකාව ගැන ප්‍රචාරක වැඩසටහනක් ආරම්භ නොකර?

:       0       0

td Friday, 15 February 2019 01:38 AM

ආසියාතික රටවල සංචාරකයන් මෙරටට පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීමේ පහසුකම් සලසාදීම පිළිබඳව රජයේ අවධානය එතුමාගේ අවධානය මිට පෙරත් යොමුවී තිබිණි. මෙරටට පැමිණීමෙන් පසු වීසා ලබා දීම සහ ලංකාවට පැමිණීමට පෙර විසා ලබාදීම සංචාරකයාට තරමක් පහසුවන්නට පුළුවන. එසේ උවහොත් විසා නැතිව ලංකාවට පැමිණෙන සෑම ආසියාතික රටවල සංචාරකයකුට විසා නිකුත්කිරීමට සිදුවනු ඇත. එයට හේතුව සංචාරකයා දැනටමත් මුදල් වියදම් කර ගුවන් ටිකට් ලබා ගෙන ලංකාවට පැමිණ ඇති නිසා ඔවුනට විසා දීමට සිදුවේ. ආසියාතික රටවල සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර විසා ලබාදීම කලයුතුමය . ආවිට ඔවුන් පිළිබද සොයා බැලීමක් කිරීමට හැකියාව ඇත. ඒ අනුව විසා දෙනවද නැද්ද යන්න තීරණය කල හැක. තායිලන්ත වැසියන්ගෙන් 90%ක් බෞද්ධයන් වන නිසා ඔවුන්ව ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ගෙන්වා ගත හැකි නමුත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මාෆියා කණ්ඩායම් සහ වෙනත් මිනීමරුවන් ද මේඅතර සිටිනබව ඇමතිවරුන්ට දවනු කැමත්හෙමි .

:       0       3

amila Saturday, 16 February 2019 03:22 AM

අපිටත් ඔය රටවල් වලට, මේ විදිහටම යන්න ඉල්ලීමක් කරන්න. ලංකාවේ පාස්පෝර්ට් එක ලෝකේ දැනට තියෙන අඩුම සැලකිලි ලබන පාස්පෝර්ට් එකක් බවට පත් වෙලයි තියෙන්නේ.

:       0       22

ලුම්බිණි Sunday, 17 February 2019 03:03 AM

එතකොට යුරෝපෙන් එන සංචාරකයන් එපාද? ආසියාව විතරද ඕන.

:       1       1

SMS hotel Sunday, 17 February 2019 11:58 PM

මෝඩ කතා කියන්න එපා. යුරෝප් වල මිනිස්සු ඔන් ද ස්පොට් එන්නේ නැ, රක්ෂණ ආයතනය අනුමත කළාට පස්සේ තමයි එන්නේ... ඒක කරන්න වීසා ඕනේ..

:       0       0

dakune anura Monday, 18 February 2019 04:31 AM

ලුම්බිණි අපි ඉන්නේ ආසියාවේ ලුම්බිණිය තියෙන්නෙත් නේපාලයේ... ආසියාවේ ඔහේ මොකක් කියනවද මන්දා?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 68 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 119 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 343 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 504 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 216 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 455 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site