IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


AI ගැන මහනුවරට උගන්වයි

(අංජුල මහික වීරරත්න)

රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවෙහි පළමු පළාත් වැඩසටහන  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

රජයේ ඩිජිටල්කරණ සැලසුම් පැහැදිලි කිරීම සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව නිලධාරීන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මධ්‍යම පළාත් සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ රජයේ අනෙකුත් ආයතනවල සියලුම විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඩිජිටල්කරණය සහ AI තාක්ෂණය පිළිබඳව රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් 6ක් කොළඹ කේන්ද්‍ර කරගනිමින් මේ වන විට පවත්වා ඇති අතර ඒ සඳහා නිලධාරීහු 4000කට වැඩි පිරිසක් සහභාගී වූහ.  

සියලු පළාත් ආවරණය වන පරිදි පළාත් මට්ටමින් මෙම වැඩසටහන පවත්වා රජයේ ඩිජිටල්කරණ සැලසුම පිළිබඳ රාජ්‍ය නිලධාරියාගේ කාර්යභාරය සහ AI තාක්ෂණය රජයේ කටයුතු සඳහා භාවිතයට යොදා ගැනීම පිළිබඳව කොළඹින් බැහැර සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිමට සැලසුම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) හවුල්කාරිත්වයෙන් සංවිධානය කෙරේ.



අදහස් (0)

AI ගැන මහනුවරට උගන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1756 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1444 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site