ඇමෙරිකාව සිරියාවට පහරදීමක් කළොත් එම සටනට සිරියානු රජයට සහාය පළ කරන රුසියාව ඊට මැදිහත් නොවනු ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියා සිටී.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් මේ බව කියා සිටියේ රුසියානු විදේශ ඇමැති පෙරේදා (4) කළ ප්‍රකාශයක් ද උපුටා දක්වමිනි. රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රොෆ් අවධාරණය කර තිබුණේ සිරියා අර්බුදය මුල්කොට ගනිමින් යුද්ධයකට පැටලීමට රුසියාව සූදානම් නැති බවය.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇත්තේ, සිරියාවට එරෙහිව හමුදා කි‍්‍රයා මාර්ගයක් ගැනීමට පෙර, සිරියාවේ සිදුවුණු එම විස වායු ප්‍රහාරය එරට රජය විසින් කළ බව සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු කියාය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිරියාවට පහර දීමක් නොකරන ලෙසටත්, විස වායු ප්‍රහාරයට එරට රජය සම්බන්ධදැයි ස්ථිරව දැනගන්නා තුරු ඉවසීමෙන් කටයුතු කළ යුතු බවටත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ද ඇමෙරිකාවෙන් ඉල්ලා ඇත.
සිරියාවේ සිදුවුණු එම විස වායු ප්‍රහාරයෙන් 1,429 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විස වායුව නිසා රෝගී වූ ගණන 4,000 කි. වායු ප්‍රහාරය එල්ල වූ සැණින්, ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම් චෝදනා කළේ පහර දීම කළේ සිරියානු ජනපති අසාද්ගේ රජය කියාය. එම චෝදනා සිරියානු රජය තරයේ ප්‍රතික්ෂේප කළේය.
බොහෝ දේශපාලන විචාරකයන් බිය පළ කරන්නේ සිරියානු අර්බුදය මුල් කොට ගනිමින් තෙවැනි ලෝක යුද්ධය ඇරැඹේවි කියාය. රුසියාව සහ ඉරානය සිරියානු රජයට සහාය දක්වයි.
රුසියාව සිරියානු රජයට සහාය දක්වන්නේ රුසියානු නාවික කඳවුරක් සිරියාවේ පිහිටුවා තිබීම නිසාය. රුසියාව මැද පෙරදිග කලාපයේ බලය රඳවා ගෙන සිටින්නේ එම කඳවුර නිසාය.
කෙසේ නමුත් මේ වනවිට රුසියානු යුද නැව් දෙකක් සිරියාව අසල මධ්‍යධරණී මුහුදු සීමාවට සේන්දු වී ඇති බව ද වාර්තා වේ.
රුසියාව, එම යුද නැව් සිරියාව අසල මධ්‍යධරණී මුහුදට පිටත් කර හැරියේ, සිරියාවට හමුදා ප්‍රහාරයක් එල්ල කරන බව පවසමින් ඇමෙරිකාව ඔවුන්ගේ යුද නැව් මධ්‍යධරණී මුහුදට යැවීමට පියවර ගෙන ඇති නිසාය.
|
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාව බොරුවට කෑ ගැහුවට ඇමරිකාවට බයයි. චීනෙත් එහෙමයි. මේක අපිටත් හොඳ පාඩමක් , අපිට ගහන්නාවත් අපිටත් වෙන්නේ සිරියාවට වෙනදේම තමයි , එනිසා පුළුවන් තරම් ඇමරිකාවට වැඳගෙන ඉඳිමු.(නදී)
මේකත් උතුරු කොරියා දකුණු කොරියා යුද්දේ වගේ තමයි මම හිතන්නේ (දී)
සන්තෝෂයි හරි හෝ වැරදි රුසියාව කෙලින් ඉන්නවා නම් .. (නි)
අමිල ඔබ කොහෙද ඉන්නේ? ලෝකය ගෙන අවබෝධයක් නැතුවද ඔබ ලියන්නේ? (නි)
රුසියාව යුද්ධයෙන් අයින් වෙලා නැහැ. ඔවුන් කියන්නේ රසායනික ප්‍රහාරයක් කළා කියලා ඔප්පු කරන්න කියලා. එහෙම ඔප්පු වුණොත් රුසියාව සිරියාවට සහය පළනොකරන එක සාධාරණයි (නි)
රුසියාවට මොන රටක් සමගවත් යුද්ධ කරන්න තරම්,ආර්ථික වශයෙන් හෝ යුදමය වශයෙන් හැකියාවක් නැත.ඔවුන්ගේ අවි බොහොම පරණයි. (නි)
ජෝන් දැන්ටම රුසියාවට බය වෙලා (දී)
කතාව 100% ඇත්ත ඔය සද්දේ හැටියට වහින්නේ නැහැ (දී)
100% ඇත්ත අපි නොදන්නා ලෝක පොලිස්
මහී-සිහල හෝඩිය සහ ඉංග්‍රීසි හෝඩිය දන ගත පමණින් පණ්ඩිතයෝ නොවෙත්.බොහෝ දුර ගමනක එක පියවරක් පමණක් ඔබ තබා ඇත. (දී)
උතුරු කොරියාවත් තීරණයක් ගන්නවා නම් හොදයි (නි)
සිරියාවට උදව් දෙන්න බැරිනම් මොන කෙහෙල් මලකටද රුසියානු යුද්ද නැව් යවන්නේ. ඕගොල්ලෝ අපටත් කොරන්නේ ඔය ටිකනේ. (නදී)
සිරියාවට ගහද්දි රුසියාව ඇමරිකාව සමග යුද්ද කලොත් වෙන්නේ මුස්ලිම් නිසා ක්‍රිස්තියානි අය මැරෙන එකයි.(නදී)
මම දන්නා තරමට බස්සාර් අල් අසාද් මොන ජතියේ උනත් මේ රටේ ඕනෑම ජතියකට ජිවත් වෙන්න නිදහස තියෙනවා. මගෙ රටට වඩා මෙ රටේ පාලන බලයේ සිටින හමුදාව නිහතමානි යටහත් පහත් හමුදාවක්. ඒ නිසයි තවමත් අපි ටික දෙනක් හරි තවම නෑවතිලා සිටින්නෙ. මේ රටේ තරම් නිදහසක් තියෙන රටක් මේ ලෝකේවත් නෑ. අපි දන්නවා ඔය ලොකු පොලිස් කාර හොරු ටික හෑමදාම මොනවද කලේ කියලා. අපි දන්නවා අපේ රටවල තියෙන සම්පත් වලට මේ රටේ තියෙන තෙල් රත්ත්තරන් මංකොල්ල කන්න ලෑස්ති වෙන්නෙ. එහෙත් අසාද් කියන සිංහයා ඒවාට ඉඩ දිලත් නෑ ඉඩ තියන්නෙත් නෑ. ඒක නිසා ඔය හොරු ටිකට ලේසි වෙන්නෙත් නෑ. ඔය බල්ලොටික පාඩමක් ඉගනගන්නේ මේ සිංහයාගෙන්.(නදී)
රුසියාව බොරුව ගෙනියන්නේ.(නදී)
සිරියාවට දෙවියන්ගේ පිහිටයිද? (නි)
මන් හිතන්නේ ඉස්සර සෝවියට් දේශය කාලයේ වගේ. අනාගෙන කන ඒවාට රුසියාව අත දමන්නේ නැහැ. නමුත් කළ හැකි උපරිමය කරනවා (නි)
රුසියාව බොරුවට කරනවා, ඉරාකෙට ගහද්දීත් ඔහොම තමයි කිව්වේ.(නදී)
බමුණු,සිරියාවට උදව් නොදුන්නත් රුසියාවේ "නේවි බේස් "එකක් තියනවා සිරියා දේශසීමාවේ. මම සිටින එයාර් ෆෝර්ස් එකට ආසන්න මුහුදේ. රුසියාවේ නේවි බේස් එක ආරක්ෂා කරගන්න වෙන්නත් පුළුවන් යුද නැව් යවන්නේ.ලෝකේ බලවත් රටවල් විරසක වුණහම කිසිදාක යුද්ධයක් ඇතිවෙන්නේ නැහැ (නි)
මමනම් හිතන්නේ මේක ඇමරිකාව සිරියාවට ගහන්න හේතුවක් හදාගන්න ඇමරිකාවම කරපු දෙයක්. අනෙක මේකෙන් මැරුනේ 1429යි. ඇමරිකාව ඉරාකයටයි ඇෆ්ගනිස්ථානයටයි ගහපු වෙලාවේ කී දාහක් මැරෙන්න ඇත්ද ? ඇයි කවුරුවත් ඒවා ගැන කතාකරන්නේ නැත්තේ. සංවිදාන ඔක්කොම නිහඩයි.(නදී)
මාධ්‍යවේදීන් ටිකත් අකුලන් ගියා ඊයේ, අද ඔන්න මේ දැන් "යු 2 " එකත් උඩු ගුවනට ඇරියා. තව ටික දිනකින් අපිට මොනවා වෙයිද කියලත් බයයි.(නදී)