රසායනික අවියක් ලෙස සැලකෙන ‘සෙරීන්’ විස වායුව යොදා ගනිමින් සිරියානු නගරවලට ප්රහාර එල්ල වනු ඇතැයි ඉරාන රජය මීට මාස 8 කිහිපයකට පෙර ඇමෙරිකා බුද්ධි අංශවලට දැනුම් දී ඇති බව ඉරානයේ ප්රෙස් ටීවී පුවත් සේවය ඊයේ (3) අනාවරණය කළේය.
ඉකුත් 21 වැනිදා සිදුවුණු සිරියාවේ සිදුවුණේ ද එවැනි සෙරීන් විස වායු ප්රහාරයකි. එම ප්රහාරය පසුපස සිටින්නේ කවුරුදැයි මෙතෙක් හෙළි වී නැත. ඇමෙරිකාව සිරියා රජයට එරෙහිව පහරදීමකට සූදානම් වන්නේ එම ප්රහාරය සිරියානු රජයේ හමුදා විසින් කළ බවට චෝදනා කරමිනි.
ඉරාන ප්රෙස් ටීවී පුවත් සේවය පෙන්වා දෙන්නේ, සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙන සුන්නි මුස්ලිම් අල් කයිඩා සටන්කාමීන් අතට එම විස වායු සිලින්ඩර් ලැබී තිබුණු බව තමන් ඇමෙරිකාන් සී.අයි.ඒ. නිලධාරීන්ට අනතුරු ඇඟවූ බවය.
ඉරාන ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටින්නේ සිරියානු රජය පෙරැළීමට සටන් වදින කැරැලිකරුවන්ට සහ ඔවුන්ට සහාය දක්වන ඉස්ලාමීය සටන්කාමීන්ට, සෞදි රජයෙන් එම රසායනික විස වායු තොගය ලැබුණු බවය.
තමන් කළ අනතුරු ඇඟවීම ඇමෙරිකාව විසින් නොසළකා හැරියේ, සිරියාව අස්ථාවර කිරීමේ කුමන්ත්රණයකට සෞදි අරාබිය සහ ඇමෙරිකාව හවුලේ කටයුතු කරන නිසා යැයි ඉරාන ආරක්ෂක අංශ චෝදනා කරයි.
සෞදි බුද්ධි අංශ ප්රධානී බන්ඩාර් බින් සුල්තාන් කුමරුන්ගේ අනුදැනුම සහ උපදෙස් මත සිරියානු කැරැලිකරුවන්ට සහාය දැක්වීමට එරටට ගොස් සිටින අල් කයිඩා සටන්කාමීන්ට මෙම විස වායු ලබා දීමට කටයුතු කර ඇති බවත් ප්රෙස් ටීවී පුවත් සේවය අනාවරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද දන්නේ සිරියාවට ගහන්න හේතුවක් ඕන නිසා ඇමරිකාවම විස වායු ගැහුවද කියලා. මතකනේ ඉරාකයට ගහපු හැටි රසායනික අවි තියෙනවා කියලා කෝ ඉතින් තිබුණ රසායනික අවි ? (ස)
අහෝ අල්ලාහ් (ස)
ඇමරිකන් කාරයාගෙ කරේ හොඳට අත දාගෙන හිටපු හොස්නි මුබාරක්ට සිදු වුන දේ තමා කවදා හරි සෞදි අරාබියාවටත් වෙන්නෙ. (ස)