සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් වහාම ධුරයෙන් ඉවත් විය යුතු යැයි ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා සහ තුර්කි අගමැති රිසෙප් ඊයේ (17) යළිත් වරක් අවධාරණය කළහ.
තුර්කි අගමැති ඊයේ ඇමෙරිකාවේ සංචාරයක යෙදුණු අතර ධවල මන්දිරයේදී ඔහු ජනපති ඔබාමා හමුවී සිරියානු අර්බුදය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළේය. එම අවස්ථාවට සිරියා කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම් එක් ව පිහිටුවා ගත් පාලක මණ්ඩලයේ නියෝජිතයන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.
සිරියා අර්බුදය විසඳීමට නම් ජනපති අසාද් වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු යැයි රාජ්‍ය නායක දෙපළ ඒකමතිකව තීරණයක් ගත් බව ඇමෙරිකානු පුවත් සේවා පැවැසීය.
සිරියානු රජය රසායනික අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට ජනපති ඔබාමාත් තුර්කි අගමැතිවරයාත් ජනපති අසාද්ට යළිත් වරක් චෝදනා කරන්න විය
|
තුර්කි අගමැති (වමේ) ජනපති ඔබාමා සමග මාධ්‍ය හමුවට එක්වෙමින් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ පවත්වන්න කියලා තමා එක්සත් ජාතින් කියන්නෙත්.එහෙම කියන විදියට කරනවා නම් බැරිය.මිනිස්සු පාරට බැස්සෙත් කියලා කියලා බැරි තැන.ඒ මිනිස්සුන්ට යුද්දේ පටන් ගත්තට පස්සේ උදවු එපැයි. (නි)
මොනවා වුණත් ඇමෙරිකාව තමන්ට හිතවත් නැති රජයන් පෙරලීමට බොහෝ උනන්දුවනවා. මොන බොරුවක් හෝ සත්‍ය කතාවක් කර ලෝකයම එයට පොළඹවා ගන්නවා. පසුව අර රටවල් අරාජික කර දමනවා. ඕක තමා සත්‍ය කතාව. (නි)
දේශද්රෝභියනි, දේශප්‍රේමියනි දේශපාලනේට එන්නේ බල තන්හාව නිසා. ලංකාවේ තිබුන තත්වය හැටියට ගසා කාල හරි කමක් නෑ යුද්ධය ඉවර කරපු එක ලොකු දෙයක්. වෙන අය ජනාධිපති උනා නම් ගසා කාල රටත් පාවා දීල ලංකාවේ සිතියමක්වත් දැක ගන්න බැරි තත්වයක් උදාවෙන්න ඉඩතිබුනා. නැතුව දේශසපාලනේට එන්නේ රහත් වෙන්ඩ බලාගෙන නෙමෙයි කොයි කව්රුත්.(නදී)
සුද්ද ගිය දා ඉදන් ගත්තා වගේ 4 ගුණයක් අපි දැන් 2005 ඉදන් මේ වෙනකොට ණයට අරන්. "මිස්ඩිවලප්මන්ට්"කියන වචනෙට සිංහල වචනයක් හරියට නැහැ මයේ හිතේ.ලංකාවේ වෙන්නේ ඒක.අපරාදේ සල්ලි. රුවන්ලට හොදයි ඉතින්. යන්න අපායකුත් හොයාගන්න. (නි)
ඔවු ඔවු රුවන්. කාලා ඇදලා ඉන්නවා ඇති බටහිර රටවලින් ණය දෙන නිසා.හරියටම කිවුවොත් අපට කන්න දෙන්නේ චිනේ,ඉන්දියාව,ඇමරිකාව සහ යුරෝපේ.එකම වෙනස අපි ඡන්දෙ විතරයි නොදෙන්නේ. (නි)
ඔවු රුවන් වැනි කොන්තරත්කාරයෝ ඉන්නේ කීදෙනාද? මධ්‍යම පන්තිය සීග්‍රයෙන් දියවන රටවල් අතරේ ලංකාව ඉහලින්ම ඉන්නවා කියලා අන්තර්ජාලේ තියනවා.ඔයාගේ ගමත් දකුණේද?ලංකාවේ දරුවෝ දැන් ඉපදෙන්නේ ලක්ෂ 3 ණයකුත් එක්ක.ඔයත් එහි කොටස් කරුවෙක්. (නි)
මුරුගන්ට හරියට කේන්ති යනවනේ අපේ ජනාධිපතිතුමාට හොඳ කියනවට.අපි මහන්සිවෙලා හම්බකරනවා හොඳට කාලා, බීල සතුටින් ඉන්නවා. ඉතුරුත් කරනවා (නි)
ඇසල, ඉරාකේ සදාම්ගෙන් බැටකාපු බහුතර මුස්ලිම්ලා ඇමරිකාවෙන් උදවු ඉල්ලුවා.ඉතින් උදවු කළා.සදාම් එයාලට ගැහුවේ රසායනික අවි වලින්.වෙන රටවලින් උදවු ඉල්ලගෙන යන තැනට රටේ මිනිස්සු පත් කරන්නේ දුර්දාන්ත ඒකාධිපතියෝ. (නි)
මේ යන විදියට ගියොත් අපේ රටෙත් ඉදිරි මැතිවරණ ටික දිනන හැටි බැලුවොත් කියන්න පුළුවන් කොහොම වෙයිද කියලා. (නි)
ඔහොම කියා කියා හිටියට හරි යන්නේ නැහැනේ. වහාම අයින් කරන්න.දැනටමත් ලක්ෂ ගානක් මැරිලානේ. (නි)
දැන් අපෙත් ජනපති වීමේ වාර ගණන සිමා රහිත කරලයි තියෙන්නේ. හරියටම මේ උතුරු අප්‍රිකානු රටවල වගේ. කොටින්ම කිවුවොත් යාන්ත්‍රණේ එහෙ වගේම මෙහෙත් එකයි.එකම වෙනස අපට තෙල් නැතිකම. (නි)
රුවන්, කොන්තරත්කාරයෙක්ගෙන් වන්දිබට්ටයෙක්ගෙන් ඇහුවොත් කියයි අපි හරි සතුටින් ඉන්නේ කියලා. වැලේ වැල් නැති එදිනෙදා බඩ පුරවා ගන්න කාගෙන් හෝ ඇහුවොත් කියයි සතුටේ තරම. (නි)
ෙමි අය ෙග් කථාවත් හරියට අර අවුවට අල්ලන කුෙඩිවාෙග් තමා. මේ අයගේ කථාවත් හරියට අව්වට අල්ලන කුඩේ වගේ . (අ)
අපේ ජනාධිපතිතුමාටත් කියයිද දන්නේ නැහැ අයින් වෙන්න කියලා. මොකද අවුරුදු 30ක යුද්ධයක් ඉවර කෙරුවට. අපි සතුටින් ඉන්න එකට (නි)
මම සිරියානු ජාතිකයන් කීපදෙනකුගෙන් මේ ගැන ඇහුවා.ඔවුන් කියන්නේ වහාම මැතිවරණයක් පවත්වා ජනතා පරමාධිපත්‍යට ගරු කරන්න කියලා.නැතුව ඇමෙරිකාවවත්,අසාද්ගේ රජයටවත්,කැරලි කරුවන්ටවත් හොඳක් කියන්නේ නැහැ.ඔක්කොම මිනීමරුවෝ කියලයි ඔවුන් කියන්නේ.එයයි සත්‍ය. (නි)
සිරියාවට ගහන්න කලින් ඉරාකේ හොයාගත්ත රසායන අවි පෙන්නන්න.නැත්තම් බොරුවට ස්වාධින රටවලට ඇගිලි ගහන්න එපා. (නි)
මේ ඒකාධිපතියා ඊයේ රුපවාහිනියේ පෙන්නුවා. මෙච්චර ගානක් මැරෙද්දි මෙය කාර් එකක් එලවානවා.(නදී)