ගගනගාමීන් තිදෙනකු සමඟ දින 15ක සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුමක නිරත වූ ”ෂෙන්ෂු ටෙන්” චීන අභ්‍යවකාශ ෂටලය ඊයේ (26) නිරුපද්‍රිතව පෘථිවිය වෙත
පැමිණි බව චීනය පවසයි.
චීනයෙන් අජටාකාශයට ගිය දෙවැනි කාන්තාව වන වැන්ග් යැජින්ග් ද මෙම මෙහෙයුමට එක්වූ ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු වීම සුවිශේෂී වේ. එසේම ඇය අභ්‍යවකාශයේ සිට චීන සිසුන් සඳහා දේශනයක් පැවැත්වීමද විශේෂ කාරණයකි.
දින 15 ක සිය සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුම අවසන් කරමින් ”ෂෙන්ෂු ටෙන්” ෂටලය මොංගෝලියානු කලාපයේ තණබිම් ප්‍රදේශයේ ටියන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ගොඩබස්වන අයුරු චීන රාජ්‍ය රූපවාහිනී නාළිකාව විසින් විකාශය කර තිබේ.
”ෂෙන්ෂු ටෙන්” ෂටලය චීන මිනිසුන් රැුගෙන අභ්‍යවකාශ ගත කළ පස්වැනි ගුවන් යානය ද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීයක් ගියත් කමක් නැහැ ඊළගට යවන එකට මගේ පුතාවත් යවාගන්න උත්සහ කරන්න ඕනෑ (නි)
සුප්‍රීම් සැට් එක නිසත් දැන් ලංකාවට හුගක් ප්රතිලාභ ලැබෙනවයි කියන්නේ (නි)
ඔයාට අවුලක් නැහැනේ.(නදී)
ඊ ළහ එකේ ලංකාවේ කොඩිය ගහලා යවලා ලංකාවෙනුත් එකක් යැව්වයි කියමු. (නදී)
වැන්ග් යැජින්ග් ඇතුළු කණ්ඩායම දින 15 කින් පසු නිරුප්‍රදිතව මව් බිමට ගොඩ බැසීම ලොකු ජයග්‍රහණයක්. අභ්‍යවකාශයේ දී කල දේශනය අයිතිහාසික සිද්ධියක් වගේම රටේ බාල,මහලු සැමගේ සිත් සතන් වලින් කිසිදා තුරන් නොවනු ඇත. ඔබට ශුභ අනාගතයක්.(නදී)
තව අවුරුදු 10 ක් යන්න ඉස්සර චීනා ලෝකයේම බලවතා වේ. එදාට ඇමරිකා සහ යුරෝපා රට වලට වෙන්නේ දැන් අපිට වෙලා තියන දේ තමයි. එදාට අපි ඇමරිකාවට සහ යුරෝපයන්ට ඉහලින් ඉදිවී. (නි)
මිනිසාගේ සිතුවිලි වඩාත් ඔබ්බට ගිය අවස්ථාවක්. සුබ පැතුම් (අ)
මේ නිව්ස් බීබීසී, සීඑන්එන් වල පෙන්නන්නේ නැත්තේ මොකෝ ?? (නි)
මෙහි අදහස් දක්වන සමහර උදවිය චීනය සමච්චලයට ලක්කර ඇත.මෙය බටහිර සුද්දා කළා නම් ඔවුන් ඉතා සතුටින් අදහස් පලකරයි. තව ඉදිරියේදී චීනාගේ කාහටත් වැඩ බලාගත හැකියි. චීනාට සුබ පතමි. (නි)
අර ලංකාවේ කට්ටියක් ජෝයින්ට් වෙලා යවපු සුප්‍රීම් සැට් එක නොනවත්වාම අභ්‍යවකාශයත් පසුකරගෙන ගිහිල්ලා වගේ. (නි)