සිරියාවට එරෙහිව හමුදා කි‍්‍රයා මාර්ගයක් ගැනීමට පෙර, සිරියාවේ සිදුවුණු විස වායු ප්‍රහාරය එරට රජය විසින් සිදුකළ බව සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු යැයි රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමාට කියා සිටී.
සිරියානු රජයට සහාය පළ කරන රුසියානු ජනපති පුටින්, මේ බව කියා සිටියේ ඇමෙරිකා ජනපති ඔබාමා සිරියාවට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙද්දීය.
ඇමෙරිකාව දිගින් දිගටම චෝදනා කරන්නේ ඉකුත් අගෝස්තු 21 වැනිදා සිරියාවේ ඩමැස්කස් අගනුවරට නුදුරින් පිහිටි කුඩා නගර තුනකට එල්ල වූ රසායනික විස වායු මිසයිල ප්‍රහාරය සිරියා රජයේ හමුදාව විසින් එල්ල කරනු ලැබූවක් බවය.
එම විස වායු ප්‍රහාරයෙන් 1,429 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විස වායුව නිසා රෝගී වූ ගණන 4,000 කි. එම වායු ප්‍රහාරය එල්ල වූ සැණින්, ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම් කීවේ පහර දීම කළේ සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය කියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවට ඕනෑ විදියට අද එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආරක්ෂක මණ්ඩලය වැඩ කරන්නේ. එනිසා විෂ වායු ගැසුවේ සිරියාව කියා ඔප්පු කිරීමට සාක්ෂි සාදා ගැනීම අපහසු නැත. නමුත් ඇමෙරිකාව හෝ යුරෝපය කරන ප්‍රහාරයක් හෝ අහිංසක ජිවිත නැති කිරීම ගැන කතා කිරීමට කවුරුත් හෝ කිසිම සංවිධානයක් නොමැත. (නි)
යුරෝපයට සහ ඇමරිකාවට පක්ෂපාති නොමැති නිසාත් සිරියාව රුසියාව චීනය සහ ඉරානය සමග ළඟින් සම්බන්ධකම් පවතින නිසාත් එම රජය සහ අසාද්ගේ පාලනය බිඳ දැමීමට ත්රස්තවාදීන් යොදා ගනිමින් රජයට ප්‍රහාර එල්ල කරන්නට මුල්‍ය ආධාර මුදල් සහ ආයුධ සපයමින් ගෙන යන ව්‍යාපාරයේ අන්තිම තුරුම්පුව, රසායනික ප්‍රහාරය.... එය කළේ කවුද කියා සොයා බලන්නේ නැතුව එය මත සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට යන්නේ (නි)
ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සියලුම දේවල් එම රටේ කරන්නේ සාක්ෂි සහිතව ඔප්පු උනාට පස්සේ. හා.. හා... හා..... (නදී)
ඉස්සර ජන කතාවේ හැටියට සිංහයාට හාවව මරාගන්න ඕන වෙලා. හාවට කිව්වලු 'මේ ගල කාගේද බොල' කියලා. හාවා කිව්වා 'අනේ දන්නේ නැහැ ස්වාමීනි' කියලා. සිංහයා කියනවා 'දැනගන් ඒක මගේ' . "අනේ එහෙනම් ඔබ වහන්සේම තියාගන්න" කිව්වා හාවා. ඒ ගමන සිංහයා කඩා පැන්නා "තෝ මට උගන්නන්න එනවද බොල, මගේ දේවල් මට තියාගන්න තොගෙන් අහන්න ඕනද " කියලා. එහෙම කරලා හාවව මරා දැම්මා. ඇමෙරිකාව ඉරාකෙට එහෙම කළා. ඒ වුනාට තව හාවෝ ඉන්නවනේ. ලුම්බිණි, පුටින් උත්සාහ කරන්නේ ගලේ තර්කය මත සිංහයා හාවගෙ ඇඟට පනින එක වළක්වන්නයි. (ස)
වෙන කවුරුත් නොවෙයි, ඕක කරන්න ඇත්තේ ඇමෙරිකාව හෝ එංගලන්තය, (නි)
ඇමරිකාව ඒ දේ තමයි ඔය කරන්න හදන්නේ (දී)
කිසිම සැකයක් නැහැ ඇමරිකන් කාරයෝ කැරලිකරුවන්ට දීපු රසායනික අවි තමයි පාවිච්චි කරලා තියෙන්නේ.(නදී)
කිසිම සැකයක් නැහැ. රුසියාව හමාස් කණ්ඩායමට දීපු රසායනික අවි පාවිච්චි කරලා තියෙනවා (නි)
ලෝකයේ බලතුලනක් තිබිය යුතුය. රුසියාව සහ චීනය සිටීමෙන් මෙම බලය එක පැත්තකට පමණක් යාම සිමාවේ. ඇමරිකාව අත ගැසූ රටක් අස්ථාවර වුණා මිස දියුණු වී නොමැත. (නි)
ලෝක දේශපාලනයේ හැටි එහෙමයි. නමුත් ගොනා හැරෙන්නේ පොල් පැලේට නේ. ඔබට පේනවා ඇතිනේද දැනටමත් හැරිලා බව? (නි)
සමහරු සිරියාවට ගහන්නේ ඉරානය කියන ඉබ්බා පොගවාගෙන කන්න පහසුයි කියා සිතාගෙන. (නි)