සිරියාවට විදේශ හමුදා යෙදවීමෙන් ලෝක යුද්ධයක් ඇති විය හැකි බවට රුසියා අගමැති දිමිත්‍රි මෙන්ද්වදේව් පැවසීයැයි අල්-ජසීරා වෙබ් අඩවිය වාර්තා කරයි.
විදෙස් හමුදා සිරියාවේ මෙහෙයුම් කිරීම එම සැම රටක්ම යුද්ධයට සම්බන්ධ වීමට හේතුවක් බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
ඇමරිකාව සහ සෞදි හවුල්කරුවන් සිරියාවේදී ස්ථිර යුද්ධයක් අවශ්‍යද නැත්ද යන්න ගැන සැලකිලිමත් විය යුතු බව ද කී රුසියා අගමැතිවරයා රුසියාව සමග එක්ව සිරියාවේදී කටයුතු කිරීම බටහිර රටවල් ප්‍රතික්ෂේප කිරීම ද විවේචනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක යුද්ධයක් ආවොත් ලෝකයේ සියලුම ජනතවට අබ සරණයි. ඒ කියන්නේ කිහිප දෙනෙකුට හැරෙන්නට සියල්ලටම මරණය නියතයි. එනිසා ලෝක යුද්ධ ගැන ලොකු රටවල් කතාකළාට, ඒවා වැළැක්වීම තමා ඔවුන්ගේ ලොකුම බලාපොරොත්තුව. ඉවසීමෙන් බලා සිටිමු (නි)
සිරියාවෙ රුසියානු නාවික කඳවුරක් තිබෙනවා. රුසියාවට අවශ්‍ය සිරියානු ජනාධිපති ඒකාධිපති අසාද්ව කෙසේ හෝ බලයේ තබාගෙන එය රැකගන්න. අනිත් පැත්ගෙන් සෞදි හා තුර්කි ආධාර ලබන අයයි. නමුත් සිරියාවෙ බහුතරය ඔය දෙගොල්ලන්ටම අකමැතියි. අසාද්ට සහය දෙන්න රුසියාව ඔහු පළවාහැරීමට සටන් කරන මිනිසුන්ට ගුවනින් බෝම්බ හෙළනවා. සිරියාවෙ ප්රජාතන්ත්රවාදය ඇතිකිරීමට අවංක උවමනාව ඇත්තේ බටහිරට පමණයි (නි)
තවත් ඉරකයක් හෝ ලිබියාවක් බිහිවීමට එරෙහිව පියවර ගැනීම ගැන ස්තුති රුසියාවට ජය.(රේ)
තව ඉස්සරහට හැම රටක්ම ඇවිත් සිරියාවේ කඳවුරු හදනවා. (ර)