ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට කයිරෝ දක්වා පියාසර කරමින් තිබූ යානය පැහැරගැනීමට සම්බන්ධ ඊජිප්තු ජාතික සයිෆ් එල්ඩින් මුස්තෆා නමැති ඊජිප්තු ජාතිකයා අත්අඩංගුවට ගත් බව විදෙස් පුවත් සේවා පවසයි.
ඔහුගේ පෙර බිරිය සමග පැවැති ආරවුලක් මත ඊජිප්ට් එයාර් ගුවන් යානය මගීන් සමග පැහැරගන්නට ඇතැයි ඊජිප්තු බලධරයෝ කියති.
නම් දෙකක් භාවිත කළ මෙම පුද්ගලයාට ඊජිප්තු හා ඇමෙරිකා ද්විත්ව පුරවැසි භාවය ඇතැයි කියති. මොහු ඇලෙක්සැන්ඩ්‍රියා විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයකු බවද කියති.
ගුවන්යානය ලානකා ගුවන්තොටුපළට ගොඩබැස්සවීමෙන් පසුව ගුවන්තොටට ලියුමක් යැවූ ඔහු එය තමාගේ හිටපු බිරියට බාරදෙන ලෙස කියා ඇත. සයිප්‍රසයේ සිටින තම හිටපු බිරිය හමුවීම ඔහුගේ අරමුණ වී යැයි ද සයිප්‍රස් මාධ්‍ය කියයි.
මේ සිද්ධිය ත්රස්තවාදයට සම්බන්ධ නැතැයි සයිප්‍රස් ජනපති නිකෝ සැනස්ටැසියාඩස් කියා සිටියේය. එවිට මාධ්‍යවේදියෙක් ඇසුවේ කාන්තාවක් හවුල්ද යන්නයි. එවිට ජනපති පැවසූයේ හැම සිද්ධියකටම කාන්තාවක් සම්බන්ධ බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම සිද්ධියකටම කාන්තාවක් සම්බන්ධයි (බ)
ඔව් අද ලෝකයේ හැම කරදරයකම මුල කාන්තාවක්මයි. ඕක ගෙදර ඉඳන් මුළු ලෝකයේම (බ)
කාන්තාවගේ නොවේ වැරැද්ද. කාන්තාව තේරුම්ගන්න බැරි හසුරවාගන්න බැරි අයගේයි (නි)
ආදරය කරන දේවල් තමයි මේ.(හේ)
බරපතල වරදක් තමයි. නමුත් මට නම් ඔහු වීරයෙක්. එක්කෙනෙක් නැත්තම් තව කෙනෙක් හොයා ගන්න පිරිමි ඉන්න ලෝකෙක මෙයා කොතරම් දුර්ලබ කෙනෙක්ද?(අ)