සිරියා රජයට එරෙහිව හමුදා ප්‍රහාරයක් එල්ල කිරිමට උත්සහ කරන ඇමෙරිකන් ජනපති ඔබාමාට ඊයේ (4) එරට කොංග්රස් මණ්ඩලයේ මුල් පෙළ සභිකයන් කිහිප දෙනකුගේ අනුමැතිය හිමි විය.
එම අනුමැතිය ලබා දුන් පිරිස අතර ඔබාමාගේ ඩිමොක්රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සෙනෙට් සභිකයන් පමණක් නොව, ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ සෙනෙට් සභිකයෝ ද සිටිති.
ඔවුන් එක් වී සිරියාව සම්බන්ධයෙන් කොංග්රස් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යෝජනාවලියක් සකස් කිරීම ද ඊයේ සිදුවිය.
ජනපති ඔබාමා පවසා ඇත්තේ, සිරියාවට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගන්නේ, කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය හිමි වුවහොත් පමණක් කියාය.
සැකැසූ එම යෝජනාවලිය කොංග්රස් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිරියාවට පහර දෙනවා ද නැද්ද යන්න ලබන 9 වැනිදා විවාදයට ගැනීමට නියමිතය.
සිරියානු රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගන්නේ නම්, සිවිල් ජීවිත හානි අවම කිරීමට කටයුතු කරමින්, සිරියානු රජයේ සහ හමුදාවේ මර්මස්ථාන හඳුනාගෙන ඒවාට පමණක් පහර දෙන බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ඔබාමා, එරට ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී ඉකුත් 31 වැනිදා සිරියාවට පහර දීමක් කළ යුතු ආකාරය ගැන සාකච්ඡා පැවැත්වීය. සිරියාවේ සිදුවුණු රසායනික විස වායු ප්‍රහාරයට රජය සම්බන්ධ බවත් යළිත් එවැනි සිදුවීමක් සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනපති ඔබාමා අවධරණය කර සිටී.
ඉකුත් 21 වැනිදා සිරියාවේ සිදුවුණු එම විස වායු ප්‍රහාරයෙන් මියගිය 496 දෙනකුම කුඩා දරුවන් බවත් සිදුවුණේ මහා මානව සංහාරයක් බවත් ඔබාමාට සහාය දක්වන කොංග්රස් සභිකයෝ පෙන්වා දෙති.
ජනමත සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ ඇමෙරිකානුවන්ගෙන් සියයට 80 ක් සිරියාවට පහර දෙනවාට විරෝධය දක්වන බවය. ඔබාමා පරිපාලනයට එරෙහිව, ඇමෙරිකාවේ ප්‍රධාන නගර රැසකම විරෝධතා පැවැත්වෙයි.
මේ වනවිට ඇමෙරිකානු යුද නැව් පහක් සිරියාව අසල මධ්‍යධරණී සාගර කලාපයට සේන්දුවී සිරියාව දෙසට තම මිසයිල හරවා ඇති බව ද වාර්තා වේ.
ඇමෙරිකාව සිරියාවට පහරදීමක් කරන්නේ නම්, තමන් ඇමෙරිකාවට සහාය දෙන බව ප්රංශයත් ඊශ්‍රායලයත් කියා සිටී. සිරියාවට පහර දීම සම්බන්ධයෙන් ප්‍රංශ ජනපති ෆ්රන්සුවා ඕලන්ද්ගේ රජය ඊයේ (4) එරට පාර්ලිමේන්තුවට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
බි්රතාන්ය අගමැති ඬේවිඞ් කැමරන් ප්රමුඛ බි්රතාන්ය රජය ද ඇමෙරිකාවට සහාය දීමට ඉදිරිපත් වූ නමුත්, සිරියාවට පහර දීමක් කිරීමට බි්රතාන්ය අගමැති ඬේවිඞ් කැමරන් පාර්ලිමේන්තුවෙන් අවසර ඉල්ලා සිටි නමුත් එය ප්‍රතික්ෂේප විය.
ජනපති ඔබාමාට, කොංග්රස් මණ්ඩලයේ අනුමැතියක් නැතිව සිරියානු රජයට එරෙහිව හමුදා කි‍්‍රයා මාර්ගයක් ගැනීමට හැකියාව ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත.
කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව, සිරියාවට ඉතා සැලැසුම් සහගතව ප්‍රහාරයක් එල්ල කිරීමට ජනපති ඔබාමා සියල්ල සූදානම් කර ඇතැයි ද නම හෙළි නොකරන එම නිලධාරියා වැඩි දුරටත් පවසා ඇත.
|
ජනපති ඔබාමා කොංග්රස් නායකයන් හමුවී සාකච්ඡා කරමින් ... |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවට ජය!!(නදී)
මම හිතන්නේ පිල්ලේ නෝනා ලංකාවට ඇවිල්ලා ඇවිදපු නිසා මහන්සියට නින්ද ගිහින් ඇති. (නි)
මහි, ඔය විදියට ලංකාවට ගහන්න හැදුවත් ඔය විදියටම කියයි නේද? (නි)
දසුනි, අපි කියන දේවල් ඔබාමාට ලැබෙනවා නම් ඉංග්‍රීසීයෙන් නොවේ එයාගේ තාත්තාගේ මව් බාෂාවෙන් හරි කියන්නම්. (නි)
මහී, දම්,නිල්මිණි ,කුමාර, ඔයාලා මේ ලෝකයේ කොතැනකද? සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ? මේ බලවත් රටවල් වෙන කිසිම මහාද්වීපයකට ගහනවද? විරුද්ධවාදී අදහස් ප්‍රකාශ කරනවද? නැහැ (නි)
ගෑස් දමා මිනිසුන් මරන අයගෙන් ලොවට වැඩක් නැත. (නි)
බලාගෙන අදහස් දානකොට...ඉරානය ,සිරියාව ඊළගට ආසියාව බව හොඳින් මතක තියාගත්තොත් හොඳයි.සිරියාවේ ප්රශ්නය සාමකාමීව විසදුනොත් ලොව බල තුලනය යම්තාක් දුරට රැදී තිබේවි.බලන්න පලස්තීනයට සාමය දෙන්න ඊශ්‍රායලය මේ දවස්වල හදිස්සියේ දගලන තරම.ඉන්දියාවත් අර අදිමින් ඉන්නේ කලාපයේ බලවතා වෙන්න ඇමරිකාවේ සවියෙන්. (නි)
අපිත් ප්‍රවේශම් වෙමු නේද? (නි)
අපේ සමහරු සිංහලෙන් ඇමරිකාවට බණින නිසා ඔයාලත් බණිනවා.ඔයාලා නොදන්නවා වුණාට එයාලා ඉංග්‍රීසියෙන් සුභපතනවා. (නි)
ශාන්, ඔයා මේ අදහස් පළකරන්නෙත් ඇමරිකාවට පින් සිද්ධ වෙන්න. මොකද මේ තාක්ෂණය අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක්. කොච්චර ආත්මාර්ථකාමී රටක්ද? (නි)
ග්රෑඩ් , ඇමරිකන් මැදිහත් වීම නැත්නම් මේ වෙනකොට මුස්ලිම් අන්තවාදීන් ලෝකේ විනශ කරලා ,ඇමරිකාව ලෝකයට ගොඩක් සේවා කරලා තියනවා අධ්‍යාපනයට, සෞඛ්‍යට, මේ වෙලාවේ මුස්ලිම් අන්තවාදීන් විනාශ කිරීමට "යකාට ගහන්න මහසෝනා එක්ක එකතු වීමේ " සංකල්පයද වටිනවා.(නදී) .
ග්රෑඩ් , ඇමරිකන් මැදිහත් වීම නැත්නම් මේ වෙනකොට අන්තවාදීන් ලෝකේ විනසකරලා ,ඇමරිකාව ලෝකයට ගොඩක් සේවා කරලා තියනවා අධ්‍යාපනය ට, සෞඛ්‍ය ට,මේ වෙලාවේ මුස්ලිම් අන්තවාදීන් විනාස කිරීමට "යකාට ගහන්න මහසෝනා එක්ක එකතු වීමේ " සංකල්පයද වටිනවා .(නදී)
ඇමරිකාව කරන වැඩේ හරි.බල තණ්හාවට අහිංසක මිනිස්සු මරණ එකට අපිත් විරුද්ධයි (නි)
ලෝකයේ ඉස්ලාම් රටවල වැඩි කොටසක් පාලනය කරන්නේ රජ කෙනෙක් , හමුදා පාලකයෙක් හෝ ඒකාධිපතියෙක්. ප්රජාතන්ත්ර වාදය එම රටවල බොහෝ දුරට දකින්න ලැබෙන්නේ නැහැ.(නදී)
මස් වැද්දෝ.(නදී)
වහාම සිරියාවට පහර දෙන එක හොඳයි. නැතිනම් තව ගොඩක් රටවල් ඕක ආදර්ශයට ගන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් ඉරානය වගේ අය. කිසිම මුස්ලිම් රටක් විශ්වාස කරන්න බෑ. කව්රු හරි කිව්වොත් දෙවියන් වෙනුවෙන් මානව සංහාරයක් කරන්න ඕනි කියලා මෙයාලා විෂ වායු වුණත් ගහනවා.(නදී)
සිරියාවට ගහන්න කියන සමහරු සිරියාව තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නැතුව ඇති. (නි)
නොකියා කියන්නේ සිරියාවට ගහනවා කියන එකනේ (දී)
ලෝකෙම ඇමරිකාව පැත්තේ (දී)
බොක්කේ දඩමස් හක්කේ බුදුරැස් (දී)
නියමයි. අපෙත් උදව්ව ඇමරිකාවට.ඉවරයක් කරලම දාමු. (දී)
අපේ රටේ තියෙන්නේ පොල්තෙල් නිසා අපිට ගහන එකක් නැහැ . (දී)
යුද්ධයකට කෙළින්ම සම්බන්ධ වුණ කෙනෙක් ලෙස මම කිසිසේත් යුද්ධය අනුමත නොකරමි.ඇමෙරිකාවට අමාරු සිරියාවේ සිවිල් අය මැරුණ එක නොවේ. මෙතන තියෙන්නේ වෙන අරමුණක්. සිරියාවේ පාලකයෝ හොද නැත්නම් ඒක ඒ රටේ ජනතාවට තීරණය කරන්න දෙන්න ඕනෑ. සාධාරන මැතිවරණයකට නම් කවුරු බලපෑම් කළත් කමක් නැහැ.මොකද ඒක ජනතා අයිතිවාසිකමක්.එතකොට ජීවිත හානි වෙන්නෙත් නැහැ.රටේ ජනතාවත් සතුටින්. (නි)
අය්යෝ සමහර මේ අපේ කට්ටිය මිරිඟුවක් පස්සේ යනවා වගේ පෙන්නේ අදහස් ටික බැලුවහම.සිරියාවට ජය (දී)
ඇමරිකාවනේ මානව හිමිකම් කඩන්නේ, කෝ පිල්ලේ නෝනා ගම රට බලා ගියාද (දී)
මහී ඔබ තවත් ලක්ෂ ගණනක් ජීවිත නිකරුනේ හානි වීම දකින්නට කැමතිද ? සිරියාව තවත් ඉරාකයක් ලෙබනනයක් ලෙස දැකීමට කැමතිද? මෙවැනි යුද්දයකින් මුළුලොවටම හානියක් විනා යහපතක් නොවේ මෙය සිරියාවේ අභ්‍යන්තර ගැටලුවකි කලයුත්තේ යුදවදින සියලු පාර්ශව UNO මගින් සාමය වෙත ගෙනයාමට බළකිරීම පමණි මෙයට විසදුම ඒකපාර්ශ්විකව පහරදීම නොවේ (අ)
ඇමරිකාව නැතිම වෙලා යනවා දවසක (නි)
පහරදීම ඉක්මන් කරන්න (නි)