ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් තරගයට බෝම්බ ප්‍රහාර එල්ල කළ චෙච්නියානු ජාතික සොහොයුරන්ගේ මාපියන් හමුවී කතාබහ කිරීමට ඇමෙරිකානු නියෝජිතයෝ කණ්ඩායමක් ඊයේ (24) රුසියාවට අයත් ඩැජෙස්ටාන් බලා පිටත්ව ගියහ.
නියෝජිත පිරිස අතර ඇමෙරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකයෝද සිටිති. ඔවුන්ට රුසියානු රජයේත් ආරක්ෂක අංශවලත් සහාය හිමි වන බව ද පැවැසෙයි.
බෝස්ටන් ප්‍රහාරයට 26 හැවිරිදි ටැමරන්ලන් සර්නෝව් පසුගියදා පොලිස් වෙඩි පහරින් මියගිය අතර ඔහුගේ බාල සොයුරු 19 හැවිරිදි සොහාර් සර්නෝව් මේ වනවිට රෝහල් ගත කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ බවත් වෙඩි වැදී සිටින ඔහුට කතා කිරීමට නොහැකි බවත් පැවැසෙයි. ඇමෙරිකා ආරක්ෂක අංශ ඔහුට නඩු පැවැරීමට ද කටයුතු කර ඇත.
ඩැජෙස්ටාන්හි ජීවත් වන සර්නෝව් සොහොයුරන්ගේ පියා අන්සෝර් සර්නෝව් සහ මව සුබිදා සර්නෝව් රුසියානු මාධ්‍ය හරහා පවසා ඇත්තේ තම පුතුන් දෙදෙනා ‘ත්රස්තවාදීන්’ නොවන බවත් බොස්ටන් ප්‍රහාරයට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත්ය. එපමණක් නොව ඇමෙරිකාවේ ජීවත් වන තම පුතුන් දෙදෙනා නිරන්තරයෙන් ඇමෙරිකන් ආරක්ෂක අංශවල අඩන්තේට්ටම්වලට ලක් වුණු බවත්, බොස්ටන් ප්‍රහාරයට ඔවුන් ආරක්ෂක අංශ විසින් පටලවා ඇති බවත් අන්සෝර් සහ සුබිදා චෝදනා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගතුන් රට පවා නොදෙනවා නම් රුසියාවෙන් කැල්ලක් කඩා ගන්න හදන්නේ ඇයි? (නි).
මේ කුඩා දරුවන් දෙදෙනෙකුට ඇමරිකාව තියෙන බයක්. අනාගතයේ ඇමරිකාව තුළ විශාල ප්‍රහාරයක් ඇතිවීමට තුඩු දෙන්නාවූ අනාවැකියක් පමණි. ලොකයක්ම හොල්ලන පොලිස්කාරයා.(නදී)
තුවාන්, ත්රස්තවාදීන් ඇති කලේ කවුරුවත් නෙවෙයි ඔයාලා. (නදී)
රට දියුණු කිරීමේ අභිමථාර්තයෙන් හොරකම්,දුෂණ,වංචා අතහැර අපිත් ඇමරිකාවට එකුවෙමු.රට දියුණු කරමු. (නි)
ඇමරිකාව ත්රස්තවාදයට එරෙහිව නැගීහිටින එක අපි පැසසිය යුතු දෙයක්.මල්ලි කියනවා නම් අයියත් එක්ක බෝම්බ අත්හදා බැලුවා කියලා තවත් ඉතින් සාක්ෂි මොකටද .දෙමව්පියන් දරුවන් තනි නොකර මීට වඩා හොයලා බැලුවා නම් මේ වගේ දේවල් සිදුවෙන්නේ නැහැ. (නි)
දැන් දරුවෝ දෙන්නම එතකොට බබාලා? ඇමරිකාව අහු වෙයි ඕවට.. (නි)
හොරකම්, වංචා,නැතුව මහත්මා දේශපාලනේ කරමින් ඇමරිකාවට කඩේ ගිය හැම රටක්ම ගොඩ.උදාහරණ දකුණු කොරියාව,ජපානේ, සිංගප්පුරුව මැලේසියාව.රුසියාවට කඩේ ගිය රටවල් අනාත වෙලා. (නි)
ධනවාදී සමාජයේ රටවල් අල්ලාගැනීමට වඩා ඇමරිකාව පෙනිහිටින්නේ වෙළදාමේ සිමාව පුළුල් කිරීමටයි. මුස්ලිම් ආගමික ප්‍රතිපත්ති වෙළදාමට සිමා ඇති කරනවා. (නි)
ඇමරිකාවට අකමැති වුණත් අල්කයිඩා එකට සහය දෙන්න අපට බැහැනේ.ඇමරිකාවට අකමැති වුණත් ලිබරල්වාදේට අකමැති වෙන අය අඩුයි. හිටියත් ආගම්වාදේට වඩා ලිබරල් වාදේ හොදයි.ඉතින් අපිට බැන බැන හෝ හිටගන්න වෙන්නේ ඇමරිකාව එක්ක... (නි)
බහු සංස්කෘතවාදේ,බහු ආගම්වාදේ අල්කයිඩාකාරයෝ සහ මුස්ලිම් අය පිලිගන්න අකමැති නම් ලෝකේ හිට්ලර් වගේ කෙනෙක් බිහිවේවි. (නි)
මේක දැන් ඉන්දුනීසියාව,පිලිපිනේ,යුරෝපේ,ඉන්දියාවේ,වගේ රටවල පමණක් නෙමෙයි, ලෝකෙට කිසිම බලපෑමක් නොකරන අහිංසකම රටවල් වන ඕස්ට්‍රේලියාව,ලුක්සුම්බග්,සුඩාන්,පොලන්තේ,පැපුවා නිවු ගිනියා වගේ රටවලටත් පැතිරිලා. (නි)
රුසියාව ඇෆ්ගනිස්තානේ අල්ලා ගත්තේ නැත්නම් බින්ලාඩන් කෙනෙක් ඇමරිකාවට හදන්න අවශ්‍ය නැහැ. දෙගොල්ල හන්දම වුණේ ලෝකේ රටවල් පිල් දෙකකට බෙදිලා යුධ අවි විකිණීම. (නි)
මමත් දන්න විදියට මැදපෙරදිග හැම රටකටම අල්කයිඩා තර්ජන තියනවා.ඉතින් ඇමරිකාව ඉබේම මේ සල්ලිකාර රටවල බොඩි ගාඩ්ලා වෙලා.ඇත්තටම ඇමරිකාවයි එහි තාක්ෂණයයි නැත්නම් අල්කයිඩාව මෙලහකට රටවල් ගානක් අල්ලාගෙන. (නි)
මේවට බලයට පොරකන රුසියාව,ඇමරිකාව,සෝවියට් දේසේ ඇතුළු හැම රටක්ම වගකියන්න ඕනෑ. ඇෆ්ගනිස්තානේ කාලයක් සෝවියට් කාරයෝ අල්ලගෙන හිටියා.දැන් ඇමරිකාව. (නි)
ඉර්ශාඩ් ,ඔහේ අදහන දහම නෙමෙයි අල්කයිඩා අය දන්නේ. මැදපෙරදිග මධ්‍යස්ත මුස්ලිම් රටවලටත් ප්‍රශ්න දානවා.පාකිස්තානේ වගේ රටවලටත් ප්‍රශ්න දානවා. (නි)
කිසිදු සාක්ෂියක් නොමැතිව මරා දැමු ඒ සහෝදරයන් නිවැරදි විය හැකියි. හරියට ජේ.වී.පී භීශණ සමයේ තම නිවාස තුල වාමාංශික සඟරාවක් තිබී ආරක්ශක අංශවලට අසුවීමත් එකල නිවෙස් තුල සිටි නිදොස් තරුණයන්ටද තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය . මම දකිනේ, මෙම සහෝදර මරණ දෙකද ඒ හා සමාන කියායි.මොකද?මේ අයත් වාමාංශික රටකින් පැමිණ සිසුවන් නිසා. පේනවානේ ඇමරිකාවේ මාධ්‍ය,තරුණ සහ මානව අයිතී පිලිබදව ඇති පට්ට පල් බොරු නිදහසේ තරම. හියුමන් රයට් වොච්ලා නිහඩ ඇයි?(නදී)
අනේ සිල්වා, අපි සුද්දෝ පස්සේ නොයා ඔයාලා සලකනවායැ.මොකෝ අපට ඡන්දෙට ඉල්ලන්න පුලුවන්ද ලංකාවේ. අකමක් නැහැ සිංහල අයටත් එහෙම නම් ඉතින්...? (නි)
මේ දෙදෙනාට ශිෂ්‍යත්ව දුන්නේ ඇමරිකාවමයි. මොවුන් නූගත් අය නෙවෙයි. රුසියාව අස්ථාවර කරන්න මෙම සහෝදරයන් යොදා ගත්තා නම් අද ඔවුහු ඇමරිකාවට දෙවිවරු. උගතුන් තම රට පාවා නොදෙති. එයට මෙය හොද නිදසුනකි.(නදී)
මහේශ්වරන්, ඔබලා ගැන කියලා වැඩක් නැහැ. දමිල ජනයා සුදු මිනිසුන්ට කත් අදින්නේ ඒ තුලින් තමන්ගේ යටි අරමුණු ඉටුකර ගන්නයි. ඔබලා සැමදා සුද්දා පසුපස යන බලු රෑණක් වැනිය. මොකද? මම දන්නා බොහෝ යුරෝපයේ සිටින මහේශ්වරන්ලා ලංකාවට පැමිණ නිදහසේ තම නෑයන් සමග නිවඩුව ගතකර, පසුව ජිනීවා ගොස් තම මව් බිමට එරෙහිව විරෝධතා පවත්වති. නුඹලා එහෙමයි.(නදී)
මේකේ රහස දහම ප්‍රචලිත වීම පමණි ඇමෙරිකාව දන්නවා ඒක. ලංකාවෙත් ඕක නේ කරන්ඩ ගියේ ඇමරිකාව යුරෝපය හරහා ආදර්ශය අරන්.(නදී)
හරි දැන් ත්‍රස්තවාදය කව්ද ඇති කරේ කියන්න බලන්න කට්ටිය. වැඩි වැඩියෙන් ඇමරිකාවෙන් ආදර්ශය ගන්න ත්‍රස්තවාදය පරද්දන්න. (නදී)
මමත් සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ වැඩ අනුමත කරන්නේ නැහැ. නමුත් මෙතැනදී ඇමෙරිකාව කරන වැඩේට සහයෝගය දෙනවා. ඔය ත්රස්තවාදීන් නිසා කාටවත් නිදහසේ ජීවත් වෙන්න බැහැ. (නි)
පුහු වීරයෝ වෙන්න විලාසිතාවට වගේ ඇමරිකන් විරෝධී අදහස් දාන උදවිය කරන්නේ අල් කයිඩා එකට දැන හෝ නොදැන සහය දීම. කරුණාකර ඒක කරන්න එපා. අපි ඔක්කොටම ඇමරිකන් ප්‍රති පත්ති ගැන විවේචන තිබුනත් යකාත් එක්ක හරි නිදා ගන්න වෙන වෙලාවල් එනවා. (නි)
අපේ ඇමරිකන් විරෝධියෝ නම් නගන්නේ අල් කයිඩා එකේ තර්කය. දැන හෝ නොදැන හිට ගන්නේ අන්තවාදී අල් කයිඩා එකත් එක්ක. පිස්සුද මන්දා මේ මිනිස්සුන්ට? (නි)
එලව එලවා ගහන්න වටින්නේ.අපේ රටෙත් කොහේ හෝ හරි පත්තු වෙනකන් නොඉද නරකද ආරක්ෂක අංශ වෙන රටවල් එක්ක සම්බන්ධ වෙලා ඇහැ ගහගෙන හිටියොත් හොදයි. මේක දැන් ලෝකේ හැම තැනම. (නි)
මේ වගේ අයගේ වැඩ නිසා වෙන්නේ එහේ යන්න ඉන්න අපේ අයට තවත් නීති තද වෙන එක විතරයි. (නි)
මේ වගේ ත්රස්තවාදීන්ට පන්න පන්නා පහරදෙන්න වටිනවා. යුරෝපයටත් ප්රජාතන්ත්රවාදේ පැත්තක තියන්න කාලේ හරි. පිලිකා පුච්චනවා වගේ ත්රස්තවාදේත් පුච්චලා ඉවර කරන්න. (නි)
පොඩි පුතා කියනවා අපි තමා කලේ කියලා, ඒත් අම්මා කියනවාලු වෙන්න බැහැ කියලා. (නි)
ද සිල්වා,සඳරුවන්,මොනවද ඔයාලා මේ දොඩවන්නේ? තමන්ගේ කුහක ඇමරිකන් විරෝධයට මොකක් හරි ගලක් ගහන්නේ නැතුව හිතලා තර්ක කරන්න. (නි)