දැවැන්ත බැබූනයකු හා විස ඝෝර සර්පයකු පෙන්වා මිනිසුන් බය කර සොරකමේ යන මිනිසෙක් (27) නයිජීරියාවේ ලාගෝස් මහේස්ත්රාත් උසාවියට ඉදිරිපත් කරනු ලැබ සිටී.
මොහොමඩ් නෆිව් කුමන්ත්රණය කිරීම, මහජන සාමය කඩ කිරීම හා සොරකම යන චෝදනා 5කට ඔහු නිවැරදිකරු බව කියා සිටියේය.පොලිසිය කීවේ බසයකට නැගීමට ගිය පිරිසකගෙන් පුද්ගලයකු හුදකලා කර බැබූන් හා නයා පෙන්වා නයිරා 57000ක් (රුපියල් 38858) සොරකම් කර ඇති බවයි. තවත් තැනකදී ඔහු නයිරා 230000 (රුපියල් 156796) ක්ද පැහැර ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
නයිරා ලක්ෂයක (රුපියල් 68172) පුද්ගල ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි.
(නයිජීරියාවේ ද ගාර්ඩියන් පත්රයෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියෝ දීපු හැකියාවක් මේක! (ම)
දැන් ඕක අපේ රටටත් ආදර්ශයක් වේවි. සල්ලි හම්බකරන්න ඕන දෙයක් කරන අපේ අය, විරිත්තන තඩි වඳුරෙක් ගනීවි, බැබූනය වෙනුවට. (නදී)
අයියෝ! ඕක මොකක්ද අප්පා ...? පහුගිය කාලේ අපිට නයි පෙන්නලා කෝටි ප්රකෝටි ගණන් මංකොල්ල කාපුවට තාම ඇපත් නැහැනේ ! (නි)
ගිය රජයේ බිහිසුණුකම පෙන්වලා ඡන්දදායකයන් බයකළා වගේ......... (නි)
උසාවියට පෙන්නලා බය කරන්න බැරිවුණාද දන්නේ නැහැ නේද? (නි)
නයිරා වලට වඩා අපේ රුපියල අගයෙන් වැඩියි කියල දකිද්දී හිතට පුදු....ම ආඩම්බරයක් දැනෙන්නේ... (ම)
අයි නන්දලාල්, බන්දුල ඉන්නේ (ම)
''ලක්ෂිකා 2015-06-08 05:11:52 අයි නන්දලාල්, බන්දුල ඉන්නේ"මොකෝ ඒක මට කලින් මතක් කරේ නැත්තේ, ලක්ෂිකා ? (ර)