ඇමෙරිකාවේ මිනසෝටා පොලිසිය එරට කළු ජාතිකයෙකු ඝාතනය කිරීම ඔහුගේ පෙම්වතිය විසින් සජීවී ලෙස අන්තර්ජාලයට එක් කළ පුවතක් එරට මාධ්‍ය වාර්තා කළේය.
පිලන්ඩෝ කැස්ටයිල් නම් එම පුද්ගලයා ඝාතනයට ලක්ව ඇත්තේ පොලිසියේ ඉල්ලීම පරිදි තම රියදුරු බලපත්‍රය ලබාදීමට ක්‍රියා කරන අතරතුරදී බව වාර්තා වෙයි. ලේ තැවරී සිටින කැස්ටයිල් මෙන්ම ඔහු වෙත තුවක්කුව දික් කරගෙන සිටින පොලිස් නිලධාරියෙකු එම වීඩියෝ පටයේ දැක්වෙන අතර ඔහුගේ පෙම්වතියටද තුවක්කුව එල්ල කරමින් සිටි බව එහි දැක්වේ.
ඔහුට වෙඩි උණ්ඩ හතරක් එල්ල වූ බව පෙම්වතිය පවසයි.
ඔවුන් ගමන් ගත් කාරයේ පිටුපස විදුලි ලාම්පු කැඩී තිබීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඔවුන්ව නවත්වා තිබේ.ඔහු සතුව තුවක්කුවක් තිබී ඇති අතර තමා සතුව ඇත්තේ ලියාපදිංචි කරන ලද තුවක්කුවක් බව කැස්ටයිල් විසින් එම නිලධාරියාට ප්‍රකාශ කර තිබේ.ඉන් අනතුරුව එම වෙඩි තැබීම සිදුවී තිබෙන බව ඔහුගේ පෙම්වතිය සදහන් කරයි.
රටේ ඇෆ්රිකා -ඇමෙරිකා ජාතිකයන්ට විරුද්ධව නිහඩ යුද්ධයක් පවතින බව ඔහුගේ මව ප්‍රකාශ කර තිබේ. ඊට දින දෙකකට පෙර ලුසියානා හිදී තවත් කළු ජාතිකයෙකු ඝාතනය කර තිබුනේද පොලීසිය විසිනි. ඊට විරෝධය දක්වමින් විරෝධතා ව්‍යාපාරයක් ද ආරම්භ වී තිබෙන අතරතුර මෙම ඝාතනය සිදු විය. මේ වන විට කැස්ටයිල්ගේ ඝාතනය සම්බන්ධයෙන්ද විරෝධතා ව්‍යපාර දියත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව එරට බලධාරීහු ප්‍රකාශ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඇතැමුන්ගේ නමස්කාරයට ලක්ව තිබෙන රටක තත්ත්වය මෙසේද? (නි)
ඇමෙරිකාවේ හැමදාම කලුජාතිකයන් වෙඩි තියලා මරලා දානවා වුණාට, ඇමෙරිකාව හරි හරියට සුළු ජාතිකයින්ට සළකනවා (නි)
සෙනරත් මහත්තයෝ, හිටපු සමහර ලොකු තැන් වල අයට ඔය රටේ පුරවැසිභාවය තිබුණා කියල අමතකද දන්නේ නැහැ (නි)
ඇමරිකාව හිතන තරම් දරුණු නැහැ. ආණ්ඩුව අවුරුදු අටෙන් අටට වෙනස් වුණාට මිනිසුන්ගේ ජීවන රටාව එකම විදියට යන්නේ. ලංකවේ හැමදෙයක්ම ආණ්ඩුව වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඇමරිකාවේ ඒවා බැහැ (නි)
සරත් දන්නා දෙයක් කතා කරන්න. ඔබ වරක් හෝ ඇමෙරිකාවට ගිහින් තිබෙනවද.? ඇමරිකාවේ නීතිය හැමෝටම සාමාන්‍යයි. හැබැයි කලු ජාතිකයන් අපරාධ කරනවා වැඩියි. ඒ නිසා ඔවුන් පොලිසිය සමග ගැටුම් ඇති කරගන්නවා. මම අත්දැකීමෙන් කියන්නේ. (ර)
ඇමරිකාව ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ... (ර)
ඔවුන්ගේ තුවක්කු ඔවුන්ටම පත්තු වෙනවා (නි)