මිනිත්තු හයකින් පුපුරා යා හැකියැයි උඩු ගුවනේ දී මගීන්ට අනතුරු ඇඟවූ යානයක් නිරුපද්‍රිතව ඉතාලියේ වැනීසි නගරයේ ගුවන් තොටුපොළට ගොඩබැස්වූ බව යුරෝපා ගුවන් බලධාරින් පවසයි.
ක්‍රොඒෂියාවේ ස්ප්ලිට් නගරයේ සිට ප්‍රංශයේ නැන්ටස් ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබූ මේ යානයේ එන්ජිමේ දෝෂයක් හටගෙන ඇත. මේ හදිසි තත්ත්වය හේතුවෙන් විනාඩි හයකින් පමණ යානය පුපුරා යා හැකි බවත් ජීවිතාරක්ෂක කබා පැළඳගන්නා ලෙසත් නියමුවා මගීන්ට උපදෙස් දී ඇත. ඔහු පවසා ඇත්තේ යානය දිය මතට ගොඩබැස්සවීමට සූදානම්වන බවයි.
මගීන් පවසන්නේ සියළු දෙනාම මහත් භීතියට පත්වූ බවයි. ගුවන්යානයේ කාර්ය මණ්ඩලය පවා සුදු මැලි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව සිටි බවත් ටික වේලාවකින් තමන් වෙත පැමිණි නියමුවා බිය නොවන ලෙස හඬමින් පැවසූ බව ද මගීහු කියති.
විනාඩි කිහිපයකට පසු යානය වැනිසියේ මාර්කෝ පෝලෝ ගුවන් තොටට ඉතා අපහසුවෙන් ගොඩබස්වා ඇත. යානයේ කිසිවකුට අනතුරක් සිදුව නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා හඩා වැටී හෝ අවසානයේ මඟී ජීවිත බේරාගෙන. බොරුවට දෝෂයක් ගැන කියලා නෙමෙයිනෙ. එතුමාටත් තම දරු පවුල් මතක් වෙන්න ඇති. (නි)
ඕස්ට්‍රේලියාවේ චැනල් 7 වල ගුවන්යානා අතරමගදී විනාශවෙන එක ගැන විමර්ශනාත්මක වැඩ සටහනක් යනවා. ඒක බැලුවොත් ගොඩක් විස්තර දැනගන්ඩ පුළුවන් (නදී)
ශ්‍රේෂ්ඨ ගුවන් නියමුවෙක්. ගුවන් කාර්ය මණ්ඩලය සමඟ මඟීන්ගේ මහත් වාසනාවක් ! ඔහුගේ මව්රට විසින් ඔහු අගය කළයුතුය (නි)
ගුවන් නියමුවාට අැඩුනේ කඩන් වැටෙන්න ගියපු යානය බේරගත්ත නිසා වෙන්නැති. අනික යානයේ ඉදපු මිනිස්සු ඔක්කොගෙම ජීවිත වලට ඒ වෙලාවේ වගකියන්න ඕන ඒ මනුස්සය නේ (නදී)
ගාමිණි මොන වගේ කෙනෙක්ද මන්දා? (නි)
බොතේජු ඔය ගුවන් යානයක ගිහින් තියෙනවද? මොකද මේ වගේ තත්වයක් ඔබ විහිලුවට ගන්නේ කොහොමද (අ)
අපේ ලොක්කෝ ටික සවාරි ගහල ගහල අපේ රටේ එ්කත් පාඩු ලබන ආයතනයක් කරලා. මේවයේ ප්‍රතිඵල කොහෙන් එලියට එයිද දන්නේ නැහැ.(නදී)
නියමුවා අැඬුවේ යානය කඩා වැටුනෙ නැති හින්ද ? මොකද දන්නවද ඊට පහුවදා නියමුවා කසාද බඳින්න හිටියේ . (ස)
දක්ෂයෙකු වූ මෙම ගුවන් නියමුවාට සෙත් පැතිය යුතුයි (නි)
ගුවන් නියමුවෙක් හඬන්න ඕනෑද? මඟීන්ට වඩා බියවී ඇත්තේ නියමුවා! (නි)
ගාමිණි මහතා ඉතා නිවැරදි. ගුවන් නියමුවෙක් යනු මනස ශක්තිමත් නොසැලෙන පුද්ගලයෙකු විය යුතුයි (ස)
වාසනාවට බේරුණු මිනිස්සු පිරිසක්, කොච්චර දෙයක්ද අනතුරක් නොවිච්ච එක, දැන් තියෙන ගුවන් සමාගම් යානාවල තත්වයන් පරීක්ෂා කරන්නේ නැද්ද මන්දා , ලාභ උපයන්න දුවවනවා විතරද දන්නේ නැහැ නඩත්තුවක් නැතුව (ස)
ගාමිණි වගේ අයට අනුකම්පා කරලා දුක් වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
මඟීන්ගේ වාසනාව! (නි)
නියමුවාද මිනිසෙකි. ගාමිණී, ඔයා මේ වගේ වෙලාවක හිනා වෙනවද? (නි)
කාටද මරණ බිය නැත්තේ? (නි)
නියමුවා හඩා ඇත්තේ මඟීන්ගේ ජීවිත බේරාගැනීමේ සතුට නිසයි (නි)
ගුවන් නියමුවාට වරදින්න ඇති (නි)