සෞරග්රහ මණ්ඩලයේ ඉම කරා යැවුණු ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනයේ (නාසා) නිව් හොරසියන් අභ්යාවකාශ යානාව මේ වන විට එහි ගමනාන්තයට ඉතාම ආසන්නයෙන් සිටින බව පැවසේ.
මෙම යානාව අප සෞරග්රහ මණ්ඩලයේ ඉම කරා යැවුණු ප්රථම යානයයි. එය අභ්යාවකාශ ගත කෙරුණේ 2006 වසරේදීය.
යානයට පැවරී තිබෙන මෙහෙයුමේ තවත් ප්රධාන කාර්යභාරයක් වන්නේ ප්ලූටෝ ග්රහයාගේ තොරතුරු පෘථිවිය වෙත එවීමයි. මෙම තොරතුරු නුදුරු දින කිහිපයේදී ලැබෙනු ඇතැයි විද්යාඥයින් පවසන අතර ඒවායින් ප්ලූටෝ ගැන මින් පෙර නොදැන සිටි කරුණු රාශියක් සොයාගැනීමට හැකිවනු ඇතැයිද ඔවුන් මතපළ කරයි.
නිව් හොරයිසන්ගේ ගමන අභ්යාවකාශයේ ඉම කරා යෑමෙන් පමණක් අවසාන කිරීමටද විද්යාඥයින්ගේ බලාපොරොත්තුවක් නොමැත. එය ආධාරයෙන් පෘථිවි වාසීන් එවනු ලබන පණිවුඩයක් දුර ඈත අභ්යාවකාශයට සම්පේ්රෂණය කිරීමේ සැළසුමක්ද ඔවුන්ට තිබේ.
මෙය ඔවුන් හඳුන්වාදී ඇත්තේ පිටසක්වල හා අප සන්නිවේදනයේ යෙදෙන ප්රථම අවස්ථාව හැටියටය.සම්පේ්රෂණය කිරීමට නියමිත පණිවුඩයේ පෘථිවි වාසීන් පිළිඹද තොරතුරුත්,පෘථිවියට ළගාවිය හැක්කේ කෙසේද යනාදී තොරතුරුත් අන්තර්ගත කරන බව විද්යාඥයින් කියයි.
නිව් හොරසියන්ගේ මෙහෙයුමේ අවසානයක් දැකගත හැකිවනු ඇත්තේ 2026 වසරේදීය.ඒ දක්වා අභ්යාවකාශයේ මින් පෙර නොගිය, නුදුටු තැන් වල තොරතුරු එය ආධාරයෙන් හැකිතාක් ලබාගැනීම විද්යාඥයින්ගේ අරමුණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පණිවිඩේ හොඳ කට්ටියකට ගියොත් හොදයි... නැත්නම් එන්න පාර කියල ඉල්ලන් කන්න වෙන්නේ..(බ)
මගේ යෝජනාවක් තියනවා බුදු දහම අනුව අපේ හිත දියුණු කරගත්තොත් අපිට ආලෝක වර්ෂ ගාණක් වුණත් අපේ හිත ගමන් කරවන්න පුළුවනි, මම හිතන්නේ අපිට 2016 වෙනකම් ඉන්න ඕන නැ.නාසා ආයතනයට ඕනනම් එහෙම පිරිසක් හදන්න අපිට පුළුවනි. (අ)
ප්රසන්න, ඔබගේ අදහස නම් මසුරන් වටිනවා. (නි)
කුමාර මහත්තයත් අර අලුත් විලාසිතාවේ කෙනෙක් වීම ගැන දුකයි.විද්යා,මොනවාහරි හොයා ගත්තහම ඕක බුදු දහමේ තියනවා කියලා කෙස් පැලෙන තර්ක ගේනවා. එයාලා බුදු දහමවත් විද්යාවවත් හරියට නොදැන කතාකරන්නේ. බුදු දහම එකක්, බටහිර විද්යාව තව එකක්. මේ එකකින්වත් අනික "හරි " කියලා "ඔප්පු කරන්න " යාම නිෂ්ඵල ක්රියාවක් (නි)
ඔබටයි මටයි නොතේරෙන දේවල් ගොඩක් මේ ලෝක දහම තුළ තිබෙනවා. ඒක තේරුම් ගන්න අපිට තවම අමාරුයි. (නි)
ජයාත් ට මොනවා හරි තරහක් තියේද. නොදන්නා දේවල් වලට කතා කරන්න එපා.(ම)
බුදු දහමේ තියෙන මුලික හරයවත් තේරුම් ගන්න බැරි රටක මිනිස්සු, ආලෝක වර්ෂ ගානක් ඇතින් තියෙන දේවල් හිත දියුණු කරගෙන හොයන්න යනවා කියන එක මහා විහිළුවක්..(හේ)
මෙහි ඉමක් කොනක් නැහැයි කියා බුදු දහමේ සඳහන් වෙනවා නේද? (නදී)
බුදුදහම අනුව විශ්වය සෙවීම නිෂ්පලය(කේ)
දනීෂා මට කිසි තරහක් නැහැ තියෙන්නේ කණගාටුවක්. අනික මම කතා කරන්නේ මොනවත් ම "නොදැන " නෙමෙයි. මතක තියාගන්න මම කියන දෙය ඔප්පු කරන්න මම ළඟ කරුණු තියනවා තව කෙනෙක් එ්ක පිලි ගැනීම හෝ නොගැනීම මට අදාල නැහැ (නදී)