ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය හේතුවෙන් සියලු පාසැල් වසා දමා ඇති බව වාර්තා වේ. දින තුනක සිට අපිරිසිදු වාතය ආශ්වාස කිරීමට සිදු වූ බව නගරවාසීහු පවසති.
මේ සම්බන්දව ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් විසින් හදිසි අමාත්‍යමණ්ඩල රැස්වීමක් ද කැඳවා තිබේ. දිල්ලි නගරයේ දැනට සිදුකරගෙන යන සියලුම ඉදිකිරීම් හා බිඳහෙලීම් දින පහකට තහනම් කිරීමට එහිදී තීරණය වී තිබේ. ප්‍රධාන මාර්ග වල දූවිලි ඉවත් කිරීම සඳහා ජල ඉසින ක්‍රියාත්මක කර ඇති අතර නගරවාසීන්ට නිවෙස් වලම රැඳී සිටීමට උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවරත් මේ වගේම ඇති. මහනුවර නගරය තුළ ජීවත්වන අයට දෙවියන්ගේම පිහිටයි. දේශපාලකයෝ, මහනුවර මහනගර සභාව හෝ කවුරුවත් ඒ ගැන හොයන පාටක් පෙනෙන්න නැහැ (නි)
මේක ලොකු ප්‍රශ්නයක්.(හේ)
කොළඹ නගරයේත් අධිවේගී මාර්ග වට රවුම සම්පුර්ණ කර නියම ප්‍රමිතියකින් යුතු ගුවන් පාලම් අඩුම වශයෙන් 10 වත් ඉදිරි වසර 5 තුළ ඉදිනොකළොත් ලංකාවෙත් මේ තත්වය ඇතිවේවි (නි)