තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා බි්රතාන්ය රැගෙන ආ මලාලා සුසෙෆ්සායි නමැති 14 හැවිරිදි පාකිස්තාන දැරිය පළමු වරට ආධාර සහිතව සිට ගැනීමට සමත්ව සිටින බව බි්රතාන්ය වෛද්‍යවරු පවසති.
වැඩිදුර ප්‍රතිකාර සඳහා බි්රතාන්යයට රැගෙන ආ මලාලා දැරිය මේ වන විට බර්මිංහැම්හි පිහිටි ක්වීන්එළිසබෙත් රෝහලේදී ප්‍රතිකාර ලබයි.
මලාලාගේ රෝගී තත්ත්වය දිනෙන්දින යහපත් අතට හැරෙමින් තිබෙන බවත් ශ්වසන ආධාරක නළ හේතුවෙන් ඇයට කතා කිරීමට නොහැකි වූවද ඇය සිය අදහස් ලියා දක්වා ප්‍රකාශ කරන බවත් එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ඬේව් රොසර් සඳහන් කළේය.
දැරියගේ හිසට එල්ල වූ වෙඩි පහරින් ඇයගේ ජීවිතය බේරී ඇත්තේ සෙන්ටිමීටරයක පමණ පරතරයකින් බව ද වෛද්‍ය ඬේව් පැවැසීය.
තලේබාන් සටන්කාමීන්ගේ අන්තවාදී ෂාරියා නීතිය හෙළා දකිමින් බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැඟීමේ වරදට මලාලා වෙඩි ප්‍රහාරයට ලක් විය. ඒ, පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ පදිංචි ඇය අමතර පංතියකට සහභාගී වී පාසල් බස් රියෙන් සිය නිවෙස බලා යෑමට සැරසෙද්දීය.
එහිදී බරපතළ තුවාල ලැබූ මලාලා පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර හමුදා රෝහලකට ඇතුළු කළ අතර අනතුරුව වැඩිදුරට ප්‍රතිකාර සඳහා විශේෂ ගුවන්යානයකින් බි්රතාන්යයට රැගෙන එනු ලැබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නංගියේ, ඔබට ඉක්මන් සුව ලැබේවා! (නි)
ආයුධ ගත්තෝ ආයුධයෙන් නසී. නැගණියෙනි, ඔබට ඉක්මන් සුවය! (නි)
මලාලා දැරියට අල්ලාහ්ගේ පිහිට ලැබේවා! ශරීහා නීතිය ඇත්තේ සාමයෙන් පිරී ජීවිතයක් මනුෂ්‍ය සංහතියට දායාද කිරීමටයි. සමහර නොදන්නා අය මෙන්ම හොදින් දන්නා අයද මෙයට වැරදි නිර්වචන දීමෙන් මෙම ශරීහා යන වචනයට අද සමහර අය බියට පත්වනවා. සමාජයේ ලෞකික මෙන්ම අධ්‍යාත්මික ජීවිතය යහපත් උසස් තත්වයක පවත්වා ගැනීමට ශරීහා උපකාරී වේ. ශරීහා නීතියේ 5% වැඩ අඩුවෙන්ම දණ්ඩ නීතිය දැකිය හැකිවනු අතරම 95% කම ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතයට අයත් නීතියයි. (නි)
මානව හිමිකම් සංවිධාන වලට මේවට ඩොලර් හම්බෙන්නේ නෑ (ස)
ඇයි මානව හිමිකම් සංවිධාන වලින් කතා නැත්තේ? (නි)
ශ්‍රේෂ්ඨ මිනිසුන් මැරෙන්නෙ නැහැ පුතේ. (නි)
මෙහෙම සිංහලෙන් ඉක්මන් සුවය පැතුවා කියලා එයාට තේරෙන්නේ නැහැනේ. (නි)
ඔබට නිරෝගී සුව
එඩිතර දියණියේ, නුඹගේ හිත හයියයි. එම ශක්තියේ බලය නුඹ සමගයි. (නි)
නංගියේ, ඔයාට ඉක්මන් සුව ලැබෙනවා. (නි)
මේ ළමයා ඉල්ලුවේ 6% නෙමෙයි නේද? මේ ළමයා එක්ක බලනකොට අපේ ළමයි (සහ ඇදුරුතුමන්ලා) කොරන්නේ පිස්සු නේද? (නි)
ඉක්මන් සුවය පතමි. (නි)
සත්‍යය ජයවේවා! (නි)
ඉනෝකා, මුස්ලිම් අන්තවාදීන් කරන දේවල් ඇයි මුස්ලිම් මිනිසුන්ගෙ ඇගේ ගහන්නෙ? මේ රටේ හෝ වේවා පිටරටක හෝ වේවා කිසිම මුස්ලිම් ජාතිකයෙක් ත්රස්තවාදීන් කරන දෙවල් අනුමත කරන්නෙ නැහැ. කණ්ඩායමක් කරන දේකට ජාතියක් පළිත් නැහැ. සුප්රා, පැහැදිලිවම මුස්ලිම් මිනිස්සු ඉන්නෙ මේ දැරිවිගෙ පැත්තෙයි. වෙනුර, අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි චමින්ද, ඒගොල්ලන්ට අන්තවාදීන් කියන්නෙ ඒ නිසානෙ..? (නි)
ත්‍රස්තවාදය ලොවින් තුරන්කර යුතුයි . අසරණ දැරියට ඉක්මන් සුවය (ස)
මේ දරුවා මීට පසු නිදහසේ ජීවත් වේවි (ස)
දුවේ ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (ස)
මුස්ලිම් අන්තවාදියෝ හිතන්නේ එයාලගේ ආගම විතරයි තියෙන්න ඕනෑ කියලා. (නි)
මෙය අල්ලා දෙවියන්ගේ නීතිය නොව මුස්ලිම් අන්තවාදීන්ගේ නීතියයි. (නි)
දියණිය, ඔබට ඉක්මන් සුව! (නි)
ත්රස්තවාදීන් මෙලොවින් තුරන් කර දැමිය යුතුයි. (නි)
දුවේ ඹයාට ඉක්මන් සුවය ලැබේවා (අ)
සති ගණනාවක් තිස්සේ දුක්විදින ඔබට ඉක්මන් සුවය ලැබේවා...ඔබ අදහන දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා (ස)
මෙහේ ඉන්න මුස්ලිම් කට්ටිය දැන් මොන පැත්තේද? (නි)
මෙ එඩිතර පුංච් කෙල්ල ගැන ලංකාවේ සිට කුරානය වෙනුවෙන් පෙළපාළි යන මුස්ලිම්වරුන්ට වෙදනාවක් හැගීමක් ඇත්තේම නැද්ද? මේවා මහපොළව නුහුලන අපරාධ. මොවුන්ට ස්වාභාව ධර්මයා දඩුවම් දෙනවාමයි. නංගියේ ඔබට ඉක්මනින් සුවය ලැබේවා!! (නි)
තලේයිබාන් සටන්කාමීන්ට සාපකරමින් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (ස)
හොද ප්‍රවෘත්තියක්. (නි)
ඉක්මන් සුවය පතමු. (නි)
රෝගී තත්ත්වයෙන් යහපත් අතට හැරෙමින් තිබෙන ඔයාට තව තවත් ඉක්මන් සූවය ප්‍රාර්ථනා කරමූ....!! (නි)
මෙවැනි ලෝකයක නැවත බිහි නොවේවා , මෙවන් දුකක් කිසිවෙකුට සිදු නොවේවා..(ස)
නංගියේ ඔබට ඉක්මන් සුවය ලැබේවා !!!!(ස)