තුර්කිය විසින් රුසියා යුද යානයක් සිරියා දේශසීමාවේදී වෙඩි තබා බිම හෙළා ඇතැයි බීබීසී පුවත් සේවය කියයි.
රුසියා ඉන්ටෆේස් පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ එස්යූ 24 යානය එසේ දකුණු සිරියාවේදී වෙඩි තබා බිම හෙළා ඇතැයි රුසියා ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරන බවයි. එම අවස්ථාවේදී ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා යානයෙන් ඉවතට පැන ඇතැයි කියති.
තුර්කි හමුදා නිලධාරීන් පවසන්නේ අනතුරු සංඥා නිකුත් කර තිබියදී තුර්කි ගුවන්පථයට බලෙන් ඇතුළුවූ රුසියා යානයට එෆ් 16 යානයෙන් ප්‍රහාර එල්ල කළ බවයි.
සිරියා ජනපති බෂාර් අල් අසාද්ගේ රජයට සහාය පිණිස රුසියාව පසුගිය සැප්තැම්බරයේ ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.
විදෙස් පුවත් සේවා පසුව අනාවරණය කර ඇත්තේ එක් නියමුවකු මියගොස් බිම වැටී ඇති බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුර්කිය කියන්නේ ඇමරිකානු අතක්. ඔය ගැහුවේ තුර්කිය නොවෙයි. ඇමෙරිකාව. දෙපිටකාට්ටු වැඩ පේනවා කාටත් (බ)
වැඩි කලක් යන්නට පෙර මෙයට ප්‍රතිචාරයක් දකින්නට ඉඩ ලැබෙන්න පුළුවන්. වෙරිවුණ මීයා වගෙයි තුර්කිය. බළලා අවදිවුණාම මීයාගේ වෙරි හිඳෙයි (නි)
isis කියන්නේ ලෝකෙටම හිසරදයක්, රුසියාව කරන වැඩේට උදවු නොකර තුර්කිය කරන මේ පහත් වැඩේ ලෝකෙ හැමෝම හෙලා දැකිය යුතුයි!isisලට කිරි පෙවුව ඇමරිකාවට වුනාට එහා වැඩක් මෙයාලට වෙන්න ඕන!.(රේ)
රනිල් ඇමරිකාව කොහෙද IS ලට කිරිපෙව්වේ... වලට උදව් කරන්නේ සුන්නි අරාබි රටවල්..අනික රුසියාවට අවශ්‍ය සිරියාවේ රුසියානු හිතවාදී ඒකාධිපති ජනාධිපතිව බලයේ තබාගෙන තමන්ගෙ හමුදා කදවුරු ආරක්ෂා කරගන්න..(බ)
නාමල්, දන්නේ නැති දේවල් කතා කරන්න එපා . ඇමෙරිකාව මුස්ලිම් ත්‍රස්තවාදෙට විරුද්ධ වුනාට අයිඑස් එකට ගහන්නේ නැහැ. මොකද එතකොට සිරියාවේ ජනාධිපති නැවතත් ශක්තිමත් වෙන හින්ද. ඇමරිකාවට ඕනේ ත්රස්තවාදීන්ට කියල හරි සිරියාවේ ජනාධිපතිට ගහන එකයි. (බ)
මුන්ට ඕන හදන යුද මෙවලම් ටික විකුණගන්න. ඒ නිසා යුද්දයක් ඇතිකරනවා. මේවා නිසා මුළු ලෝකෙම විනාශ වෙන දිනය වැඩි දුරක නෙවෙයි. ඒ නිසා බුදු දහමට අනුව ජීවත් වෙන්න අපේ රටේ ඉන්න අය හිතාගන්න ඕන. (බ)
ඉන්දික නොදන්නා දේවල් කතාකරන්න එපා. අයිඑස් ලට මුලින්ම ගැහැව්වේ නේටෝ සංවිධානය. ඔන්න සෞදි, කටාර්, කුවේට්, එමිරේට්ස් වගේ රටවල් නම් ඔය සංවිධානයට පෙරදී සහය දුන්නා (ම)
අයි එස් ත්රස්තයන් බිහි කලේ අමෙරික්කාව සහ බටහිර රටවල් , තමන්ට අවනත නැති රටවල් විනාශ කර තමන්ට අවනත නායකයන් පත් කරන්න , පටන් ගත්තේ ලිබියාවෙන් , එකට සෞදි අරාබිය සහ කටාර් වැනි රටවලින් විශාල මුදල් ලැබෙනවා , දැන සිරියාවේ සිටින බටහිරට අවනත් නැති රුසියානු සහ ඉරාන හිතවත් බශාර් අල අසාද් පන්නා දැමිම තමා අයි එස් අයි එස් මාර්ගයෙන් බටහිර රටවල් සහ ඇමරිකාව කරන්නේ , ඔවුනට අවි ආයුධ සහ මුදල් ලැබෙන්නේ ඔවුන්ගෙන් , නාමල් වැනි මුකුත් නොදන්නා කෙනෙක් සිටීම දුකකි (අ)
සිරියානු ගුවන් සිමාව තුල මේදිනවල විවිධරටවල ප්‍රහාරක යානා අයි එස් අයි එස් ත්රස්තවාදීනට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කරනවා. මේ නිසා එරට ගුවනේ නිතර නිතර ගුවන් යානා පියාසර කරනවා. යම් විටකදී යම් ගුවන් යානයක් සිමාවෙන් පිටතට යන්න පුළුවන්. මෙම රුසියානු ගුවන්යානය මගින් තුර්කියට කිසිඳු හානියක් වෙන්නේ නැහැ ඔවුන් ගුවන් ප්‍රහාර දියත් කරන්නේ ත්‍රස්තවාදින්ට පමණයි. එම නිසා තුර්කි බලධාරීන් මිට වඩා විමසිලිමත්විය යුතුය. මුළු ලොවටම අවශ්‍යවන්නේ මෙම ත්රස්තවාදීන් නැතිකිරිමටයි. තවද තුර්කි බලධාරීන් රුසියානු ගුවන් නියමුවන්න අනතුරු අගවා ඇත්තේ තුර්කි හෝ ඉංග්‍රීසි භාෂාවෙන් විය හැකිය එයා ගුවන් නියමුවන්න්ට නොතේරුනා විය හැකිය. (ර)
රුසියන්කාරයින්ට පහර දෙනවා කියන්නේ කොටි වලිගය අල්ලාගත්තා වැඩක්. (නි)
මෙතන ඇමෙරිකාවට කඩේ යන කට්ටියක් ඉන්නවා කියල පේනවා, ඇමෙරිකාව කියන්නේ මොකක්ද කියලවත් ඒ අය හරියට දන්නේ නැ. අයිඑස් බිහිකළේ ඇමෙරිකාව කියන එක හැමෝම දන්නා ප්‍රසිද්ධ රහසක්.(ම)
ඕක මොකක්ද? රුසියාවේ ඕවා සිය ගණන් හදනවා. එකක් බිම දැම්මාට රුසියාවට ලැජ්ජාව මිසක පාඩුවක් නැහැ (නි)
මෙතන තියෙන්නේ යට ගේමක්.. ගේම තියෙන්නේ අමෙරිකාවත් රුසියාවත් අතර. ගේම ගහන්නේ සෞදිය, ඉරාකය, සිරියාව, යේමනය, තුර්කිය, ආදී රටවල්, ඕකට පස්සෙන් ලිබියාව, ඊජිප්තුව, ඉරානය, ඉන්න පුළුවන්. ඔය රටවල් ඉස්සරහට දාගෙන තමයි මේ ගේම යන්නේ. ඕක තේරුම් ගන්න . (අ)