ජපන් අධිරාජයා වසර පහකට පසු එරට ජනතාව අමතමින් තමා රජකම අත්හර දැමීමට සූදානම් යැයි අද (8) කීවේය. ජපන් අධිරාජයා වන අකිහිතෝ මෙලෙස රූපවාහිනියේ පෙනි සිටින්නේ දෙවැනි වරටය.
රජකම අත්හැරීමට ජපාන ව්‍යවස්ථාවෙන් අවසරයක් දී නැති බවත් ජපාන ව්‍යවස්ථාවට අනුව අධිරාජයාට කිසිදු දේශපාලන බලයක් නොමැති අතර රජකම අත්හැර යෑම දේශපාලනයට පිවිසීමක් ලෙස සැලකෙන බවත් ඒ අනුව නව නීතියක් සැකැසෙණු ඇති බවත් ජපාන මාධ්‍ය වාර්තා කළේය.
ජාතියේ සංකේතයක් ලෙස තම වගකීම් ඉටු කිරීමේදී ලැබූ අත්දැකීම් ගැන ජපාන අධිරාජයා තම අදහස් ප්‍රකාශ කරනු ඇතැය ද රජ මාළිගයේ තොරතුරුවලින් කියැවිණි. ජපාන අධිරාජයා ජනතාව ඇමතීමෙන් පසු අගමැති ෂින්සෝ අබේ අධිරාජයාගේ ප්‍රකාශය පිළිගන්නා බවත් ඉදිරියේදී කළ යුතු දේ පිළිබඳ සාකච්ඡා කරන බවත් ප්‍රකාශයක් කරමින් කීය.
අසූ දෙවැනි වියෙහි පසුවන ජපාන අධිරාජයාගේ කලින් පටිගත කරන ලද විනාඩි දහයක පණිවිඩයක් මේ ආකාරයෙන් එරට වේලාවෙන් පස්වරු තුනට විකාශය කළේය.
ජපාන කිරුළේ පළමු උරුමක්කරු වන්නේ වත්මන් අධිරාජයා වන අකිහිතෝ රජුගේ පුතු වන 56 හැවිරිදි නරුහිතෝ කුමරුය. දෙවැනි උරුමක්කරු වන්නේ ඔහුගේ බාල සොහොයුරුවන අකිෂිනෝ කුමරුය. කාන්තාවන්ට ජපානයේ ඔටුනු පැළැඳිය නොහැකි අතර එම නිසා නරුහිතෝ කුමරුගේ දියණිය අයිකෝට කිරුළ පැළැඳීමට අවස්ථාවක් හිමිවන්නේ නැත.
ඉතිහාසයේ පටන් ජපාන අධිරාජයා අර්ධ දිව්‍යමය බලතල ඇත්තකු ලෙස සැලකුණි. එහෙත් දෙවැනි ලෝක යුද්ධයේ දී ලද පරාජයත් සමඟ අකිහිතෝ අධිරාජයාගේ පියා වූ හිරෝහිතෝ දේවත්වයෙන් සැලකූ බලතල ඉවත දමමින් ජනතාවගේ සමගිය උදෙසා රාජ්‍යයේ සංකේතයක් ලෙස කටයුතු කිරීම ආරම්භ කළේය.
වීඩියෝ පටයකින් අකිහිතෝ අධිරාජයා පළමුවරට ජපාන වැසියන් ඇමතුවේ 2011 වසරේ දී එරටට බලපෑ දරුණු භූමිකම්පාවෙන් හා සුනාමියෙන් පසුවය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානේ එහෙම වුණාට ලංකාවෙ නම් එහෙම නැහැ ,මොකද එහෙ අත් හරින කොට ,මෙහෙ බදාගන්න දගලනවා ,මම නම් හිතන්නේ ඕකට සුදුසුකෙනා ඉන්නේ මෙහෙ දැන් රජකම ගන්න හරියට මහන්සිවෙනවා ,ඔබ දෙනවා නම් , ලංකාවේ සිටින ලෝක හොරු ටිකත් ජපානයට යාවි ,එතකොට අපේ ජනතාව නිදහස් , (අ)
ලංකා කියන්න බලන්න මේ රට බේරාගන්න වෙන කාටද පුළුවන් වුනේ (බ)
ටිකිරි , ටිකිරි මොලයක් ඇති මහා මිනිහෙක්, ඉතිහාසය ගැන මොනවද දන්නේ, ලලිත් ඇතුලත්මුදලි ලස්සනට යුද්දේ කළා, දිනාවී කියලා ඒ කාලේ ලොක්කා එ්ක නැවැත්තුවා. කොබ්බැකඩුව යුද්දේ දිනන්න වැඩ කළා. මිනිස්සු දන්නවා කොබ්බෑකඩුවට මොකද වුනේ කියලා. ඊළඟට චන්ද්‍රිකා කළ දෙයක් නම් දන්නේ නැහැ. මහින්ද තමා කළේ (බ)
බයිසිකල් ටයර් එකක් පිපිරුවත් කැලේ කඩාගෙන දුවපු අයට දැන් සියල්ල අමතකවෙලා (නි)
චතුරිගේ කටේ මසුරන් දාන්න වටිනවා (නි)
දේශපාලන බලයක් නැතුව ජනතාවගේ මුදලින් යැපීමට ඇති අකමැත්ත සහ ලැජ්ජාව නිසා ඔහු තනතුර අතහැරීමට සුදානමින් සිටී. එය ඔහු දේශපාලන බලය ගැනීමට දරන ප්රයත්නයක් වීමටද පුළුවන්. මෙම පුවතින් අපේ රටේ හිටපු නායකයා ගැන විකාර අදහස් දක්වන සියල්ලන්ටම කොළ රතු මේනියාව හැදිලා වගේ. රටකට අවශ්‍ය වන්නේ ධනාත්මක අදහස් දරන නායකයෙක්. (නි)
කුරුවිට සුනිල් කියන දේ සහතික ඇත්ත (නි)
අන්න රජවරු.ඒත් රජ ඇදුම නෑනේ.(හේ)
නාරද ඔය මහා මොලයක් කියල නම් තේරෙනව. ඔයාටත් 3 වේලටම මහින්දව නැතුව බැහැ වගේ,,,කොහොමත් මෙය මහින්ද දැන රට බේරුවත් නැතත් අවුරුදු 10ක්ම කළ හරිය ඇති ,එයාගේ තරම නිසා තමයි එය පරද වුණේ,,එත් මහින්ද හිතං ඉන්නේ අයෙත් බලය ගන්න නාරදල වගේ කිරිබබාල ඉන්නකම් අපේ රට දියුනුවක් කර නම් ගෙනයන්න බෑ ඔක්කොම කලේ මහින්ද විතරය් අනික් අය හරක වගේ උන්න අනේ පවු (අ)
යන්නේ කොහෙද ඇහැව්වම පොල්ලේ මල් කියන්න වගේ අකිහිතෝ රජු පැත්තක තියල මහින්ද රජු ගැන කතාව. අනේ මෙහෙමත් (අ)දේශපාලනෙන් මිත්‍යා දුෂ්ටික වූ මෝඩ මිනිස්සු ඉන්න රටකනේ අපිත් ඉපදුනේ.. අපේ රට විනාශකරලා ඉවරයි 1948 නිදහස ලබපු දවසේ ඉදන් බලයේ හිටපු මෝඩයන්ගේ මෝඩ තකතීරු වැඩ නිසා. (බ)
ගරු රජතුමනි, මෙම ලිපිය රැගන එන අය මා හොදින් දන්නා හදුනන අයකු බවත් මොහුට පවරන ඕනෑම රාජකාරියක් නිසි ලෙස ඉටු කිරීමේ හැකියාවක් ඇති බවත් ,ඔබගෙන් පසු ඇතිවන ,පුරප්පාඩුවට ,මොහුව පත් කිරීමට කට යුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි , (අ)
එකට ඉතින් අපේ රජවරු?(රේ)
නාරද, එතකොට ඔච්චර ලොකු ඉතිහාසයක් දන්නා ඔබ කියන්නකෝ ඔය මහා යුද්ධය දිනපු සරත් ෆොන්සේකාට මහින්ද මොකද කළේ? අනේ මේ නාරද, දේශපාලුවන්ට කඩේ යෑම දැන්වත් නවත්තලා රටේ දියුණුව වෙනුවෙන් වැඩක් කරන්න බලන්න (නි)
ජපානයේ රජතුමා සියලුම දෙනාට දී ඇත්තේ ආදර්ශයක්. විශේෂයෙන් තුන්වන ලෝකයේ රටවල් වලට (නි)
මෙන්න නියම රජවරු.(හේ)
ලංකාවේ මිනිසුන්ගේ මොළේ තරම තමයි. ජපන් අධිරාජයා රජකම අතහරින්නේ එයාගේ කැමැත්ත අනුව නිදහසේ ඉන්න ඕනෑ නිසා. ලංකාවේ අයට පෙනෙන්නේ මහින්දව විතරමද? (නි)
ජපන් රජු බ්‍රිතාන්‍ය රැජිණට හොඳ ආදර්ශයක්. (නි)
මහින්ද යුද්ධය අවසන් කරන්න දේශපාලන නායකත්වය දුන් එක අපි විශාල ලෙස අගය කරමු. නමුත් හමුදාමය නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා නොවන්න සටන හෝ අවසාන යුද්ධය දිනීම තව දුරස්වෙන්න තිබුනා. නමුත් දේශපාලන නායකත්වය ඊටපසු රට හූරාකන නායකත්වය කිරීම අපි හෙළාදකිමු. (නි)
සමුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ උගතෙකු වෙන ජපන් අධිරාජ්‍යයා වැනි සැබෑ රජවරුන්ට රට කම අතහැරීමට වුවමනා වුවද ලංකාවේ බොරු රජකම් තවරාගත් කලුකෝට් සොරදෙටුවන්ට නම් අවශ්‍ය වුණේ ව්‍යවස්ථා වෙනස්කරමින් හෝ රජකමේම මැරෙන්නටයි.(ම)
මම මේ බැලුවේ මේ 'චතුරි' නමින් අදහස් දක්වන කෙනාගේ මොකක් හෝ මානසික ප්‍රශ්නයක් තියෙනවා. මෙයාට මේ ලෝකේ හැම මනුස්සයෙක්වම පේන්නේ රාජපක්ෂ ලෙස. අනික, දක්වන අදහස් වලත් ඇත්තේ කුහක හැඟීම්. අනේ මන්දා! (නි)
අපිට ලංකාවට, නූගත් ඡන්දදායකයන්ට මෙය ආදර්ශයක්. බලය සහ නියම රජකම තියෙද්දිත්, එය හැරයාමට ජපන් රජු සැරසෙන්නේ රටට හිතකර රටට වැදගත් ප්‍රතිඵල ලබාදෙන්න. එහෙත් අපේ රටේ බලය නැතිවෙලත් බලයට සහ බොරු රජකම් දරන්නට උත්සාහ ගන්න අයටත්, ඔවුන් පසුපස ඉන්නා අයටත් මේක හොඳ ආදර්ශයක් (නි)
චතුරිගේ යෝජනාව මම ස්ථිර කරමි. නමුත් ව්‍යවස්ථාව වෙනස් කිරීමට ඉඩ ඇති බැවින් ඒ සඳහා පියවර ගතයුතු වේ. (නි)
චතුරි, ඔයා කියන දේ පැහැදිලි නැහැ. රජකම අහිමිවූදා සිට රටේ සාමයක් නැත්තේ කා නිසාද? (නි)
චතුරි, ලැජ්ජා වෙන්න තමන්ට නිදහසේ හුස්ම ගන්න ඉඩදීපු මිනිසාට කරන අපහාස ගැන. වෙන මොකුත් එපා, මේ සතිඅන්ත පුවත්පතක තියෙනවා යාපනයේ විශ්ව විද්‍යාලයේ පහර කෑ සිංහල සිසුවා දුන් සම්මුඛ සාකච්ඡාවක්. එයම ඇති මේ රට අද පත්වෙලා තියෙන විපතේ තරම තේරුම් ගන්න (නි)
දිලිප්, ඔයාලා වගේ මිනිස්සු හිතන්නේ මහින්ද විතරද මේ රට බේරාගත්තේ? අනික ඔවුන් එය කළේ නොමිලේද? මහජන මුදල් ගිල ගිල තමයි ඔවුන් එය කළේ. අද මහින්දද රනිල්ද චන්ද්‍රිකාද කියන එක නෙමෙයි ප්රශ්නය. ඔයාලා වගේ මෝඩ මිනිස්සු ඉන්නකම් තාත්තාගෙන් පුතාට යන දේශපාලන ක්‍රමය හැමදාම තියේවි. එහෙමද වෙන්න ඕනෑ? (නි)
මේ සමහර අයගේ කතා දැක්කම හිතෙනවා මේ අය ලංකාවේ මිනිස්සුද කියලා. කිසිම මනුස්සකමක් නැහැ. අඩුගානෙ නිදහසේ පාරේ බැහැලා යන්න හදලා දුන්න මනුස්සයට මොන වාදබේද තිබුනත් අපහාස කරන්න හොඳ නැහැ නේද? (නි)
අධිරාජ්යයාණනි ඔබ ජපන් ඉතිහාසයේ ශ්රේෂටයෙකි. (ම)
ඔබ කැමතිනම් ලංකාවේ රජකම. අහිමි සොවින් තැවෙන කෙනෙක් ඉන්නවා. මොහුට රජකම බාර දෙන්න නමුත් රටේ පැරණි වටිනා සම්පත් වලට වග නොකියමි අපේ රටේ කිසිම සාමයක් නැහැ රජකම අහිමි වූදා සිට. ඔබට පින් මොහුට රජකම දුන්නොත් (බ)
පාරේ බැහැල යන්ට හදල දුන්නේ කුරුණෑගල ඇතුළු අහිංසක ගම්මාන වලින් සේවයට බැදුණු විරුදරුවන් රජ පුතුන් නෙවේ බවත් මතක් කර ගනිමු. (ම)
ලංකා මහජන මුදල් කාබාසිනියා කරලවත් , බෙදන්න ගිය රට ගොඩගන්න අවුරුදු 30ක් තිස්සේ හිටිය කිසිම නායකයෙකුට බැරි වුණා කොබ්බැකඩුව, ජානක පෙරේරා වගේ වීරයෝ හමුදාවේ සිටියදීත් . (ම)
මෙන්න නායකයෝ. හැමතිස්සෙම ඉන්නේ ජනතාවට වඩා ඉදිරියෙන්. එ්කට අපේ අය... (නි)
අපේ සිංහල ජාතියට හෙණගහලා තියෙන්නේ කියවන දේ මොකක්ද එයට පිළිතුරු දෙන්නේ කොහොමද කියලා නොදන්නාකම හෝ අනෙකාව පහත්කර කතාකරන එක හෝ ලියන එක නිසයි. අපිට අපේ කියන හැඟීම නැතිතාක් අපි වැනසෙන එක නවත්තනු බැහැ. (නි)
දිලිප්, ලංකා කියන දේ හරි. ඔයාට නොතේරුනාට ඔයා හිතන්නේ මේ අවුරුදු 30 යුද්ධය ඉවරකළේ මහින්ද විතරයි, අනිත් අය ඔහේ හිටියා කියලද? එහෙම හිතන්න එපා. හැම නායකයෙක්ම උපරිම යුද්ධය ඉවර කරන්න උතසාහ කළේ ජීවිත පරිත්‍යාගයෙන්. එ්කේ අවසානය මහින්ද අතින් සිදුවුණා (නි)
චතුරිට 29 වතාවක් පැරදිලත් බලයේ එල්ලිලා ඉන්න කෙනා ගැන අමතකවෙලා. (නි)
දිලිප් වික්‍රමරත්නට පිස්සු වගේ. මොකුත් නොදැනද කතාකරන්නේ? (නි)
අපේ රට බේරා ගත් සියලුම රණවිරු වන්ටත් ,ඒවගේම රට වෙනුවෙන් වචනයෙන් හෝ අදහස් දමා ඇති ඔබ සැමට මම ස්තුති වන්ත වෙනවා (බ)