ස්පාඤ්ඤ කාන්තාවකගේ ගර්භාෂයේ තිබී රාත්තල් 55 ක් බරැති යෝධ ගෙඩියක් ඉවත් කළ බව එරට ශල්ය වෛද්යවරු පිරිසක් කියති. පැය දෙකක ශල්යකර්මයකින් ඉවත්කරන විට ගෙඩිය සෙන්ටිමීටර 41ක් වර්ධනය වී තිබිණි.
වෛද්ය කණ්ඩායමේ ප්රධානි ඉඩුඅර්ඩෝ කැසෝර්ලා පවසන්නේ වසර විස්සක සිය වෘත්තීය දිවියේ මෙවැනි ගෙඩියක් දුටු පළමු අවස්ථාව බවයි. ලොව මෙවැනි ගෙඩි වාර්තා වී ඇත්තේ පහක් පමණක් බව ද ඒ සියල්ල පරයා මෙය විශාල බව ද ඔහු කියයි. ගෙඩිය ඉවත්කිරීමේ දී ගර්භාෂ්ය, ඩිම්බ කෝෂ සහ පැලෝපීය නාල ද ඉවත්කිරීමට සිදුව ඇත.
සිරුර බර වැඩිවීම , උදරේ වේදනාව, වැසිකිලි යාමේ දී ඇති වන අපහසුතා, නින්ද නොයාම, හුස්ම ගැනීමේ අපහසුතා, ඇවිදිමේ අපහසුතා හේතුවෙන් කරන ලද වෛද්ය පරීක්ෂණයක දී මේ ගෙඩිය ගැන මුළින්ම සොයාගෙන තිබේ. වෛද්යවරු පවසන්නේ යළි ඇගේ සිරුරේ එවැනි ගෙඩියක් වර්ධනය නොවනු ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දකිනකොට කාට නම් සසර කලකිරිමකින් තොරව ජිවත් වෙන්න පුලුවන්ද?සියලු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා ,නිවන් දකිත්වා. (නදී)
අම්මෝ දැක්කමත් බය හිතෙනවා.(නදී)
බඩ මහත අපේ මැති ඇමති වරුන්වත් මෙවැනි පරීක්ෂා වකට ලක් කර බලන්න ඕනේ. මේ තරම් මහත් වෙන්නේ බඩේ ගෙඩි හින්ද ද කියලා. (නදී)
මේ වේද දුරු වන්ට මගේ ප්රණාමය ! (නදී)
සත්යා, මෝඩ කතා කියන්න එපා. ඇමතිවරුන්ට කොයින්ද ගර්භාෂ? (නි)